eBay එකේ විකුණන්න - Aththada bn mewa ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,529
    13,116
    113
    🤍
    .
    607434989_1451252826999945_6733453369094170362_n.jpg



    ❤️
    eBay එකේ විකුණන්න
    🔹
    eBay Seller Account එකක් හදාගෙන Register වෙන්න ඕනෑ. Payment එක ඔයාට ලබාගන්න ඕනෑ නිසා Payoneer account එකක් හදාගන්නත් ඕනෑ. මෙන්න මේකට english වලින් තියෙන ID එකක් හෝ ඩ්‍රයිවින් ලයිසන් එක උවමනා වෙනවා.

    📌
    මේ වගේ සෙලර් ගිනුමක් හදාගෙන එහි ඔයාගෙම බ්‍රෑන්ඩ් නේම් එකකින් ශොප් එකක් දාගෙන ලෝකෙටම නිෂ්පාදනය විකුනලා හොද ආදායමක් ගන්න පුලුවන්. මෙහෙම ගිනුමක් හදන ආකාරය යූ ටියුබ් එකේ ඕන තරම් තියෙනවා.

    📌
    මට කියන්න ඕනෑ මේක හදන හැටි නෙවේ..එහෙම ශොප් එකක් හදාගෙන හොදට හම්බකරන්න පුලුවන් කියන එක..හිතන්න ඔයා නයි මිරිස් වගාකරනවා කියලා..ඒවා ඔන්ලයින් ශොප් එකේ විකුනන්න පුලුවන් ඉහල මිලකට..ඔයා හිතන්නෙවත් නැති ගානකට..

    📌
    මන් දන්න යාලුවෙක් ඉන්නවා එයා මේ වැඩේ කරනවා. විකුනන්නෙ නයි මිරිස් වේලලා කුඩු කරලා ඒවා තමා පිටරට යවන්නෙ..එයාම වගා කරලා එයාම විකුනනවා..දැන් වෙන වෙන ප්‍රඩක්‍ට් එහෙමත් තියෙනවා.. මන් දැක්කා ඔහු ජොබ් එකක් නැති නිසා නයි කොච්චි හදලා කඩවල් ගානෙ ගිහින් විකුනන හැටිත්.. ඒ වගේම දැන් කිහිපදෙනෙක් දාලා පොඩි ෆැක්ට්‍රියක් වගේ කරගෙන යන ව්‍යාපාරෙකුත්..ඒ විදිහට ඔයාලත් උත්සාහ කරලා බලන්න..

    🌶️
    පොඩි ගෙයකින්, ලෝකෙටම

    ගොවිපලක වියලපු නයි කොච්චි ටිකක්…
    ඒක අද ගමේ වෙළඳපොළට විතරක් නෙවෙයි,
    eBay එක හරහා ලෝකෙම kitchen වලට යන්න පුළුවන්.
    අතේ තියෙන දේ ලොකු නෑ කියලා
    සිහිනත් පොඩි කරගන්න ඕනේ නෑ.
    අන්තර්ජාලය කියන්නේ ඔයාගෙ පොඩි උත්සාහය ලොකු වෙළඳපොළකට ගෙනියන පාලමක්.
    Sri Lanka කියන නම එක්ක අපේ රස, අපේ උත්සාහය eBay shop එකක් හරහා ලෝකෙටම කියන්න පුළුවන්.
    ආරම්භය පොඩි වෙන්න පුළුවන්…
    නමුත් පියවර එකක් තියෙන්න ඕනේ.
    ඒ පියවර අද ගත්තොත්,
    හෙට ලෝකෙට විකිණෙන වෙළෙන්දෙක් වෙන්න පුළුවන්.
    🌍
    ✨