eclipse wala me error eka hadaganne kohomada?
![]()
eclipse neon
windows 10 64bit
ram 4 gb![]()
මචන්, උඹ JDK install කරල PATH & JAVA_HOME පාත් සෙට් කරලද තියෙන්නෙ?
OS එක වගේම JDK & Eclipse තියෙන්නෙත් 64-bit මද?



path ඒක සෙට් වෙන්නැති සීන් එකක් තමයි බන් තියෙන්නෙ,
64-32 bit දෙකෙන්ම ගන්න පුලුවන්![]()

නෑ මචන්, උඹ Command Line එකෙන් Java, javac, java -version,javac -version ගැහුවම වැඩද? හරි වර්ශන් වැටෙනවද?
උබ කොහොමහරි Environment Variable වල හරියට PATH & JAVA_HOME සෙට් කරලද තියෙන්නෙ?
උඹ 32 & 64-bit JDK දෙකම install කරලද තියෙන්නෙ?![]()

Command Line එකෙ වැඩ වර්ශන් එක වැටෙනවා,
ඔව් සෙට් කරලා තියෙන්නේ,
64 bit විතරයි බං![]()


එල, ඕවගේ සීන් එකක් මගෙත් ආව, ඒක පොඩි ප්රතිකර්මෙකින් ගොඩ දාගත්ත.
හැබැයි පොඩි රිස්ක් එකක් තියෙනව, උඹේ eclipse එකේ සෙටින්ග්ස් රීසෙට් වෙන්න පුලුවන්.
ඒක නිසා ඔක්කොටම කලින් උබේ වර්ක්ස්ස්පේස් එකේ බැකප් එකක් ගහගනින්.
eclipse එකෙන් exit වෙන්න.
ඊට පස්සෙ උඹේ eclipse ඉන්ස්ටොලේශන්/එක්ස්ට්රෑක්ඩඩ් ෆෝල්ඩර් එකේ ඇති eclipse.ini කියල ෆයිල් එකක්.
![]()
අන්න ඒ eclipse.ini ෆයිල් එක eclipse ඉන්ස්ටොලේශන්/එක්ස්ට්රෑක්ඩඩ් ෆෝල්ඩර් එකෙන් CUT කරල බැකප් කරගන්න වෙන තැනකට
(ඩිලීට් කරත් හරි නමුත් මේක වැඩ නොකලොත් ෆයිල් එක ඩිෆෝල්ට් සෙට්න්ග්ස් එක්ක අයෙ ගන්න ඕනෙ නිසා බැකප් එකට තියා ගන්න එක තමා සේෆ්)
![]()
ඊට පස්සෙ eclipse රීස්ටාට් කරල බලන්න.
![]()
ඒත් හරියන්නෙ නැත්නම් eclipse.ini ෆයිල් එක පරණ තැනටම රීස්ටෝ කරල,වෙන විසඳුමක් හොයන්න වෙනව.![]()
