PCV valve
සමහර බාස් ලා මේ ලෙඩේට එන්ජිම තියනව. එන්ජිම ගෙව්ලා කියල. මගේ යාලුවෙක්ගේ ස්ටාලට් එකට එන්ජිම තිබ්බා බාසා. මේ කෑල්ල රුපියල් 500 වෙන්නෙ නෑ. අපරාදේ. දුම දාන්න ගත්තා නහුතෙට. එන්ජින් ඔයිලුත් පිච්චෙනව. බාසා පටස් ගාලා එන්ජිම තිබ්බා. අපරාදේ. පස්සේ දෑන ගත්තේ
""
මේක ගොඩක් අය අමතක කරන දෙයක්, ඔය valve එකෙන් crankcase එක ඇතුලෙ තියෙන pressure (combusted gas) එක manifold එකට යවන එක තමයි කරන්නේ. Valve එක stuck open තිබ්බොත් engine oil manifold එකට ගිහින් oil burn වෙනවා. ඒක නිසා ඔය පොඩි valve එකත් බලන්න මොකද ඔය valve එක බලන්නේ නැතුව oil පිච්චෙනවා කිවුව ගමන් අපේ අයියල engine overhaul කරන්න තමයි කතාව. තව දෙයක් ඔය valve එක අඩු ගානේ බාල එකක් දන්නෙ නැතුව original එකක් දාන්න නැත්තම් manifold එකට oil ගිහින් injectors, valves එහෙම අයෙත් ඉක්මනට clog වෙනවා. ""