Questions Wagon R 2017 Oil mixed into Coolant

drHewage

Member
Feb 24, 2026
1
0
0
2017 Wagon R (AMW වලින් ගත්ත එක) - Oil mixed into Coolant

බොඩි වොෂ් එකක් කරද්දී හිතවත් පුද්ගලයෙක් කියලා තිබුණා ඔහුට තෙල් වගේ දෙයක් පෙනුණා කියලා. ඒ නිසා අපි කාර් එක Matara AMW Pitstop එකට ගෙනිහින් පරීක්ෂා කරවා ගත්තා. ඔවුන් කිව්වේ coolant එකට oil මිශ්‍ර වෙලා තියෙනවා කියලා. ඇතුළත leak වෙලා තියෙන oil ටික බිඳිලා coolant එකට මිශ්‍ර වෙන නිසා ඒක හොඳට wash කරන්න ඕනේ කියලා.

ඔවුන් සතියක් කාර් එක තියාගෙන coolant system එක නැවත නැවත wash කරලා, highway drive වලින් check කරලා තිබුණා. ටික දවසකට පස්සේ කාර් එක හොඳට තිබුණා. හැබැයි කිහිප වතාවක් AC එක cut වෙලා, හුළං instead hot air එන එක අපිට පේන්න ආවා. අවසානයේ, ඊයේ drive කරද්දී engine overheating light එක පත්තු වුණා.

අපි නැවත Matara AMW Pitstop එකට ගියා. ඔවුන් කියන්නේ මේකත් ඒම issue එකමයි කියලා, ආයෙත් wash කරලා කාර් එක ආපහු දුන්නා. ඔවුන්ගේ නිගමනය වන්නේ ඇතුළේ තියෙන oil ටික සම්පූර්ණයෙන් ඉවත් වෙනකල් නැවත නැවත wash කරන්න ඕනේ කියලා.

හැබැයි අද උදේ radiator cap එක අරිනකොට තවමත් oil sludge තියෙනවා (photos attached).

මට දැනෙන්නේ AMW ලා root cause එක හොයන්නේ නැතුව symptoms විතරක් treat කරනවා වගේ. මම හිතන්නේ කාර් එක වෙනත් mechanic කෙනෙක් ලඟට (Matara හෝ Colombo) ගෙනියන්න. හොඳ තැනක් recommend කරන්න පුළුවන්ද?

මේ වගේ issue එකකට මුහුණ දීලා හරියට fix කරගත් කෙනෙක් ඉන්නවා නම් ඒ අත්දැකීම් බෙදාගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

ස්තුතියි!
 

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113
    coolant එකට oile මිශ්‍ර වෙන්න පුළුවන්, head gasket එක දුර්වල වීම, cracked cylinder head/block, oile cooler if turbo version, cvt oile cooler. heat වෙන්න පුළුවන් heat transfer එක අඩුවෙන නිසා.