ස්තුතියි ඇතුලට ආවට
. Engine tuneup එකක් හරියට කරගන්න හැටි සහ එහිදී සැලකියමත් විය යුතු basic දේවල් ටිකක් මේ thread එකෙන් කතා කරන්නම්. මුලින්ම petrol EFI tuning ගැන බලමු.
සාමාන්‍යයෙන් වහනයක් 40000km -75000km අතර tuneup එකක් කරන්න කියල තමයි service manual වල තියෙන්නේ. ගොඩක් දේවල් තනියම කරගන්න පුළුවන් youtube videos ඕන තරම් තියෙනවා.
1. Air filter
Air filter එක අපි හැමෝම දන්න දෙයක්, සාමාන්යෙන් 10000km - 20000km අතර කොහෝමත් මාරු කරන්න ඕන ලංකාවේ. මොකද ගොඩක් දූවිල්ල සහ moisture එක ගොඩක් වැඩි අපේ රටේ. ඉතින් නිතරම දුවිල්ල තියෙන පාරවල් වල එහෙම යනවනම් air filter එක 20000 න් මාරු කරන්න තිබ්බත් ඊට කලින් බලල සුද්ද කරලා හෝ මාරු කරලා දන්නා ඕන.
2. MAF sensor
Tuneup එකකදී මුලින්ම කරන්න ඕන දේ තමයි Mass Air Flow circuit එක සුද්ද කරන එක. Air filter එකෙන් පස්සේ MAF sensor එක. සමහර වාහන වල MAF sensor එකයි ITS( Intake temperature sensor) දෙකම එකට එනවා, සමහර ඒවගේ ITS, MAF වෙන වෙනම එනවා air filter box එක ළග හෝ ඒ අවට තමා ඔය sensor දෙක තියෙන්නේ.
සමහර වාහන වල MAF sensor එක ඉස්සරහ පොඩි net එකක් එනවා එකත් සුද්ද කරලා දාන්න MAF sensor cleaners තියෙනවා එකක් අරන් තනියම කරගන්න පුළුවන් ඔය ටික. ඕක සුද්ද කරන්න tuneup එකක් වෙනකන් ඉන්න ඕනෙ නෑ. Emission වැඩි නම්, start වෙන්න වැඩි වෙලාවක් crank කරන් ඉන්න ඕන, performance අඩු වගේ ලෙඩ තියෙනවනම් මුළින්ම MAF එක clean කරලා බලන්න.
3. Throttle body
ඊළගට තියෙන්නේ air circuit එකේ throttle body එක. සමහර වාහන වල electronic throttle control එනවා සුද්ද කරන කොට පරිස්සමින් කරන්න ඕන වැඩිය තද කරලා butterfly valve කරකවන්නේ නැතුව. එහෙම drive by wire system එකක් නම් තියෙන්නේ tuneup එක කරන කෙනාට ඒක කියන්න නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන්. Petrol හරි WD40 දාල සුද්ද කරන්න.දුවිල්ල එහෙම වැදිලා throttle plates හරියට වැහෙන්නේ නැතිඋනාම high idle, throttle response අඩු වෙන වගේ ලෙඩ එන්න පුළුවන්. තව throttle cable එකේ tension එක එහෙම ගානට තියෙනවද කියල check කරගන්න.
4. Fuel Injectors
කලින් කියපු සේරම තනියම කරගන්න පුළුවන් හැබයි injectors clean කරන්න අමාරුයි. මේක manual clean කරන්න පුළුවන් ඒත් අපිට බලාගන්න බෑ හැම injector එකකින්ම එකම ප්‍රමාණයට fuel inject කරනවද කියන එක. මොකද fuel injectors කාලයක් ගියාම හරියට seat වෙන්නෙ නෑ petrol leak වෙන්න පුළුවන්, එහෙම උනාම එකාකාරීව fuel inject කරන්නැති නිසා engine එකෙත් vibration , misfire වගේ එනවා. fuel injectors clean කරනකොට ULTRASONIC FUEL INJECTOR CLEANING machine එකකින් කරගන්න. එකෙන් බලාගන්න පුළුවන් හැම injector එකකම uniform sprayability එක සහ leakage test කරන්නත් පුළුවන්.
ඔය පහළ තියෙන image එකේ වගේ spray pattern බලාගන්න පුළුවන්. හැබැයි ප්‍රයෝගිකව spray pattern එක බලල injectors අයින් කරන්නෑ leak නැත්තම්. සාමානයෙන් කරන්නේ flow rate එක සමානද කියල බලන එක. තව දෙයක් තමයි fuel injector 1 ක් මාරු කරනවනම් අනිත් injectors ගලවල සුද්ද කරලා දාන්න ඕන. නැත්තම් කලින් කිවුව වගේ engine එක unevenly තමයි වැඩ කරන්නේ.
5. PCV valve (positive crankcase ventilation)
මේක ගොඩක් අය අමතක කරන දෙයක්, ඔය valve එකෙන් crankcase එක ඇතුලෙ තියෙන pressure (combusted gas) එක manifold එකට යවන එක තමයි කරන්නේ. Valve එක stuck open තිබ්බොත් engine oil manifold එකට ගිහින් oil burn වෙනවා. ඒක නිසා ඔය පොඩි valve එකත් බලන්න මොකද ඔය valve එක බලන්නේ නැතුව oil පිච්චෙනවා කිවුව ගමන් අපේ අයියල engine overhaul කරන්න තමයි කතාව. තව දෙයක් ඔය valve එක අඩු ගානේ බාල එකක් දන්නෙ නැතුව original එකක් දාන්න නැත්තම් manifold එකට oil ගිහින් injectors, valves එහෙම අයෙත් ඉක්මනට clog වෙනවා.
6. Idle air control valve
ඔය valve එක,air passage එකත් clean කරන්න. ඕකත් clog උනාම idle rough, start කරන්න අමාරුයි, idle speed එක අඩු වැඩි වෙන්න පුළුවන් emission test idle fail වෙන්න පුළුවන්. තව ගොඩක් වාහන වල තියෙනවා Fast idle valve එකක් stuck open තිබ්බොත් idle speed අඩු වැඩි වෙන්න පුළුවන්.
7. Fuel pressure test/ fuel filter/ fuel pressure regulator
Fuel pressure test එකත් tuneup එකේදී කරගන්න. fuel filter input line එකෙන් pressure test කරලා බලාගන්න පුළුවන් fuel pump එක හොදයිද කියල සහ fuel pump එකේ තියෙන strainer එකත් රොඩු හිරවෙලා block වෙලාද කියන එක මෙහෙ තියෙන high quality gasoline නිසා. output line එකෙන් test එක කරලා filter එකත් මාරු කරන්න ඕනද කියල බලවගන්න. fuel pressure regulator එකත් හොදද කියල බලවගන්න.
8. Ignition
Spark plugs තත්වය බලලා මාරු කරලා හෝ සුද්ද කරලා දාන්න.
Distributor ignition system එකක් නම් තියෙන්නේ contact points clean කරලා distributor oil seal එකත් check කරගන්න. Ignition coils, plug wires වල තත්වයත් බලවගන්න.
තව තියෙනවනම් turbo, EGR valve එහෙම සුද්ද කරලා දාන්න tuneup එකේදී. ඔය ටික හරියට කරගත්තනම් හොදට performance හදා ගන්න පුළුවන්.
මීට අමතරව engine oil අදාල කාල සීමාවේදී මාරු කරන්න. එකේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වහනය වැඩිය දුවන්නේ නැත්තම් සහ කෙටි දුරක්නම් එදිනෙදා පාවිච්චි කරන්නෙ synthetic motor oil දාන්නේ නැතුව mineral oil දාන්න. හේතුවත් කියන්නම් engine එක start කරල රත් වෙනකොට moisture හැදෙනවා (condensation) ඒ එකතු වෙන වතුර oil එක්ක මිශ්‍ර වෙනවා. ඔය වතුර වාෂ්ප වෙලා අයින් වෙන්නනම් engine එක operating temperature එකේ අඩුම මිනිත්තු 20-30 ක් තියෙන්න ඕන එත් ලග දුවන වාහනේක engine එක operating temperature එකේ තියෙන්නේ පොඩි වෙලාවක් ඉතින් ඒ වතුර ටික වාෂ්ප වෙලා යන්නේ නෑ ඔහොම අවුරුද්දක් තියෙනවා synthetic oil මාරු නොකර oil වල වතුර එකතු වෙනවා එතකොට oil sludge වෙනවා සහ power stroke එකේදී compression leak වෙනවා piston rings වලින් ඕනම engine එකක ඒ gas එක අයින් කරන crankcase ventilation systems වල තියෙන design faults නිසා oil vapor එකයි combusted gas crankcase එකෙන් අයින් වෙන්නේ නැති උනාමත් ඒ products oil එක්ක mix වෙලා sludge වෙනවා oil. පළවෙනි හේතුව තමයි ගොඩක් වෙන්නේ ඒක නිසා විශේෂයෙන් Hybrid වල engine එක වැඩිය use වෙන්නෙත් නැති නිසා ගෙදර නිකන් තියෙන වාහනේට synthetic නොදා ඉන්නවනම් හොදයි දානවනම් මාස 6-7න් අයින් කරලා දාන්න.
Auto/cvt gear oil මාරු කරන්න හරි වෙලාවට. Gear පහු වෙලා change වෙන case තියෙනවනම් gear box oil seal එහෙම බලල මාරු කරන්න oil මාරු කරාම ගොඩක් shifting issues අඩු වෙනවා සහ smooth වෙනවා. තව දෙයක් oil කළු, දුබුරු පාට වෙලා තියෙනවනම් service manual එකේ 75000km වලින් මාරු කරන්න තියෙන්නේ කියල ඉන්නැතුව oil මාරු කරන්න.
Hydraulic power steering තියෙන ඒවගේ steering තද ගතියක් තියෙනවනම්, සද්ද එනවනම් හරවනකොට power steering fluid flush එකක් කරගන්න ගොඩක් දුරට සද්ද බද්ද අඩුවෙලා smooth වෙනවා. Engine ප්‍රශ්න තියෙනවනම් අහන්න දන්න දෙයක් කියල දෙන්නම්.
කලින් දාපු thread එක
Octane 95 vs Octane 92
ස්තුතියි
Images-google
Force0081
Edit-
mineral, synthetic oil වෙනස අහල තිබුණ මෙතනම දාන්නම්,
Viscosity- සරලව කිවුවොත් උකු ගතිය
Flow rate - කිසියම් කාලයක් තුල ගලන oil පරිමාව
1. ඉස්සර මිනරල් oil පාවිච්චි කරනකොට ගැටළුවක් අවා oil ගොඩක් රත් වෙන කොට viscosity එක අඩු වෙනවා උදහරණයක් විදියට SAE 20 oil high rpm වල නිතර යනකොට viscosity එක ගොඩක් අඩුවෙලා (පොල්තෙල් වගේ) engine හරියට lubricate වෙන්නේ නැතුව engine seized වෙන්න ගත්තා. ඒක වලක්වා ගන්න වැඩි viscosity එකක් තියෙන oil, engine එකට දන්න ඕන. නමුත් වැඩි viscosity එකක oil ගොඩක් උකුයි oil pump එකෙන් pump කරනකොට engine එකට අමතර load එකක් pumping loss එක වැඩි low rpm වල engine එක run වෙනකොට.
2. ඕකේ අනිත් පැත්ත සුද්දගේ රටවල් සිතල වෙනවා. ඉතින් ගොඩක් අඩු උෂ්ණත්ව වලදී sump එකේ oil කැටි ගැහෙනවා. viscosity එක ගොඩක් වැඩි වෙලා flow rate එක ගොඩක් අඩු වෙනවා. ඒක නිසා oil pump වෙලා engine එක lubricate කරන්න සෑහෙන වෙලාවක් යනවා ඉතින් engine ඉක්මනට ගෙවෙන්න seize වෙන්න පුලුවන්.
ඒක නිසා ගොඩක් additives එකතු කරලා chemical composition එකකින් synthetic oil හදල තියෙනවා. High temperature වලදී viscosity අඩු වෙන්නෙනෑ, low temperature viscosity තරමක් වැඩි උනත් මිනරල් oil තරම් නෑ සහ oil කැටි ගැහෙන්නෑ. අනිත් වැදගත් දේ තමයි mineral SAE 30 වලට වඩා flow rate එක වැඩියි synthetic SAE 30 වල. ඒක නිසා එකම viscosity එකේ උනත් pumping loss අඩුයි synthetic oil දැම්මම සහ engine එක start කරන ගමන්ම lubricate වෙන්න පටන් ගන්නවා. නමුත් මම කලින් කිවුව අවාසිය තියෙනවා වැඩිය දුවන්නේ නැති engine වලට.
. Engine tuneup එකක් හරියට කරගන්න හැටි සහ එහිදී සැලකියමත් විය යුතු basic දේවල් ටිකක් මේ thread එකෙන් කතා කරන්නම්. මුලින්ම petrol EFI tuning ගැන බලමු. සාමාන්‍යයෙන් වහනයක් 40000km -75000km අතර tuneup එකක් කරන්න කියල තමයි service manual වල තියෙන්නේ. ගොඩක් දේවල් තනියම කරගන්න පුළුවන් youtube videos ඕන තරම් තියෙනවා.

Last edited:

Jayawewa