ජාතික කොඩිය සිප රාමසාන් උපවාසය අවසන් කරයි
පුරා මාසයක් උපවාසයේ නිරත වූ මුස්ලිම්වරු අඟහරුවාදා රාත‍්‍රියේ නව සඳ දැකීමත් සමඟ උපවාස සමය අවසන් කළහ.
ගාලු මුවදොර රාමසාන් උපවාසය අවසන් කිරිමේ ප්‍රධාන උත්සවය අද (06) පැවැත්විණි. ජාතික කොඩිය ඔසොවා ජාතික කොඩිය සිප ගැනීමෙන් පසු උත්සවයේ කටයුතු ඇරඹිණි.
මඩකලපුව කාත්තාන්කුඩියේ වෙරළ ආසන්නයේ ද පන්දහසක් පමණ මුස්ලිම්වරු රාමසාන් සැමරූහ. අෂ්ෂෙයික් ඒ.එම්.අබ්දුල් ජලීල් මදනි මව්ලව්තුමා යාච්ඥාව හා දේශනාව පැවැත්විය.