මට හිතෙන කරුණු මේ විදියට ප්රකාශ කරන්න හිතුව. ඔයාලගෙ අදහස් මීට වෙනස් විය හැකියි. එබිවින් ඒ අදහසුත් ප්රකාශ කරනවා නම් කැමැත්තෙමි.
මේ වෙබ් අඩවියේ හා සාමාජිකයින් ගේ උන්නතිය හා පැවැත් ම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් තියෙන බව අප කවුරුත් පිළිගනු ඇතැයි සිතමි. අප සියලු ම සාමජිකයින් තමන් මේ වෙබ් අඩවිය තුළ කරන්නා වූ කටයුතු කිරීමේ දී ඒ දේවල් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.
අප විසින් යම් Thread එකක් හෝ Post එකක් දැමීමේ දී සැලකිය යුතු කරුණු Site Rules ම පමණක් නොවන බවයි මගේ හැඟීම. Site Rules ගැන අවධානය යොමු කිරීම හා ඊට අමතරව පහත සඳහන් දේ සඳහාත් අවධානයක් යොම් කළ හැකිනම් එය සාර්ථක Thread එකක් බවට පත්වෙයි. මන් ද ඒ අදාල Thread එකෙන් හෝ Post එකෙන් අපට හා එය කියවන අයට ලැබෙන ප්රයෝජනය ගැනත් සිතා බැලිය යුතුයි. හැබැයි මෙතන දි සාධනීය පැත්තට ලැබෙනදේවල් තමයි සැලකිය යුතු. මොකද කෙනෙකුට නරක පැත්තට ප්රයොජනයක් ලැබෙන්නත් පුළුවන් සමහර දේවල් නිසා. නමුදු අප හැමවිට ම උත්සහ කළ යුත්තේ අපට හා අන් අයට යමක් ඉගෙන ගත හැකි හෝ දැනුමක් ලබාගත හැකි හෝ හොඳ රසවින්දනයක් ලබා ගත හැකි දෙයක් Post කිරීමටයි.
ඊලඟ දේ තමයි අප යම් වැරදි දෙයක් දුටුවහොත් ඒ දේ අදාල වගකිව යුත්තන්ට දැන්වීමට කටයුතු කිරීම. එහෙම නොමැතිව ඒ අදාල දේ වලට හැඟීම්වලට යටව පිළිතුරු බැඳීමට ගොස් තවත් ප්රශ්නය දිග්ගැස්සීම හා තමන්ගේ හා Site එකේ නමට කැළලක් එක් කිරීමට කටයුතු සැලසීම නොවෙයි කළ යුත්තේ.