Elakiri-ගිලානෝපස්ථාන සේවාව

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
546088_504295506273527_2088628242_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
156487_359935560736148_349239343_n.jpg

පුංචි දරුවෙක් ලොරියක් ඇතුළේ නිදා ඉන්නවා. වටපිටාවේ ඉන්න හැමෝම ඒ වටා පිරිලා ඔහු දිහා බලා ඉන්නවා. හැමෝගේම මුහුණුවල තිබෙන්නේ දුක, කනගාටුව. “පව්” සමහරු එහෙම කියන ගමන් දරුවගේ අම්මා අතට පුංචි පුංචි මුදල් නෝට්ටු තියනවා. මේ පින්තූරය දිහා බලන්න. අපි මුලින් අදහස් කළ ආකාරයට ඔයගොල්ලන්ගේ හදවත්වලටත් එවැනි හැඟීමක් පහල නොවුණත් පුදුමයි.

මේ පුංචි පුතාගේ නම තරිඳු ශ්‍රීමාල්. වයස අවුරුදු තුනක් විතර වෙනවා. තඹුත්තේගම, තෝන්වැව ප්‍රදේශයේ තමයි ඔහු අම්මා, තාත්තා එක්ක ජීවත් වෙන්නේ. තාත්තා දුප්පත් ගොවියෙක්. හැබැයි වැඩ කරන්නේ තමන්ගේ කුඹුරුවල නමෛයි. අනුන් ළඟ. අම්මා ලීලාවතී. ඇය දියවැඩියා රෝගයෙන් කලක සිට පීඩා විඳිනවා. ඒත් එහෙම කියලා දරුවාගේ වැඩ කටයුතු නොකර ඉන්නේ නැහැ. උදේ පාන්දර අවදි වුණු වෙලාවේ ඉඳලා මල මුත්‍රා ටික සුද්ධ පවිත්‍ර කරන වැඩ ටිකේ ඉඳලා හැම දෙයක්ම තරිඳු පුතා වෙනුවෙන් කරනවා.
“මට වැඩි කාලයක් මෙහෙම වැඩ කරන්න බැරිවෙයි මහත්තයා. ඒක නිසා තමයි දරුවගේ ඔපරේෂන් එක ඉක්මනින් කරගන්න බලන්නේ. දැන් මට සවි ශක්තිය නැහැ.”

“ඒත් පුතාගේ වැඩ ටික කරනවා. මටත් ආසයි මහත්තයෝ මගේ පුතා නැගිටලා ‘අම්මේ’, ‘තාත්තේ’ කියලා කතා කරලා හිනාවෙනවා බලන්න. ඒත් මට ඒ වාසනාව නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා.” ඔබ කල්පනා කරයි මේ දරුවා මුහුණ දීලා ඉන්න රෝගී තත්ත්වය මොකක්ද කියලා. තරිඳු පුතා උපතින් නිරෝගි දරුවෙක්. ඒත් මාස කීපයකින් ඔහු රෝගී වෙන්න පටන් ගත්තා. මුලදීම ඇති වුණේ හිස තරමක් විතර විශාල වෙන්න පටන් ගැනීම. ඉන් පස්සේ දවසින් දවස ඒ වෙනස හැමෝටම දැනෙන විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. “අපි දරුවව අරගෙන අනුරාධපුර රෝහලට ගියා. එතැනින් කොළඹ එව්වා. අවසානයේදී දැනගත්තා දරුවගේ හිසේ වතුර පිරෙනවා කියලා.”

මේ කාලයේදී තරිඳු වෙනුවෙන් ශල්‍යකර්මයකුත් සිදුවුණා. ඒ ශල්‍යකර්මය සිදුකළේ අවහිර වී තිබුණු නහරයක් යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණ ඇතිව. ශල්‍යකර්මය සිදුකළේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහත්තයා. එතුමා කිව්වා අම්මේ මේ ශල්‍යකර්මය අසාර්ථක වුණොත් තවත් එක් ශල්‍යකර්මයකට යන්න වෙනවා. ඒක ටිකක් බැරෑරුම් එකක්. හැබැයි සාර්ථක වෙයි. එදාට දරුවා සාමාන්‍ය තත්ත්වයට ඒවි කියලා.”
“ඇත්තටම දොස්තර මහත්තයා කිව්වා වගේ පළමු එක සාර්ථක වුණේ නැහැ. ටික දවසකින් ආපහු දරුවා තුළ පරණ විදිහේ ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තා.”

ලීලාවතීලා දැන් සූදානම් වෙන්නේ ඊළඟ සැත්කමට යන්නයි. නමුත් ගැටලුව මුදල්. ඊට ලක්ෂ 10ක වගේ මුදලක් වුවමනා වෙනවා. “මේ සැත්කම සිදුකරන්නේ කොළඹ පෞද්ගලික රෝහලක. ඒ වගේම දරුවාට බද්ධ කරන වෑල් පවා හුඟක් මිලෙන් අධිකයි. ඉතින් ඒ නිසා තමයි මෙපමණ මුදලක් වැය වෙන්නේ.” මේ වෙද්දි ලීලාවතීලා සතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයක වගේ මුදලක්. ඔවුන් තව රුපියල් ලක්ෂ 9ක් සොයාගත යුතුයි.
“දුප්පත් අපිට ලක්ෂයක් කියන්නෙත් ලොකු මුදලක්. එහෙව් එකේ ලක්ෂ 10ක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද මහත්තයා. ඒත් අපි මේ උත්සාහය අත් හරින්නේ නැහැ.” තරිඳුගේ දෙමාපියන් හා දුප්පත් ඥාතීන් මේ වෙද්දි හැම තැනම ඇවිදිනවා. දන්න දන්න හිතවතුන් ළඟට යනවා. ඒ යන්නේ තරිඳුවත් එක්කාසු කරගෙනයි.

“මට නින්දක් නැහැ. තරිඳුගේ තාත්තා කුලී වැඩට ගියාම මම ගෙදර මේ දරුවා එක්ක කඳුළු හලමින් ජීවත් වෙනවා. අවුරුදු තුනක් වුණත් තවම අම්මේ, තාත්තේ කියලා විතරයි හරියට කතා කරන්නේ. ඔළුව උස්සලා බලන්න බැහැ. සමහර වෙලාවට එයා වේදනාව ඉවසා ගන්න බැරිව අත් දෙකින් මුහුණ පවා තුවාල කරගන්නවා. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි පාරට බැස්සේ මහත්තයා” ලීලාවතී ඇඬූ කඳුළින් කිව්වා. ඔබට පුළුවන් මේ දරුවා යථා තත්ත්වයට පත්කරන ශල්‍යකර්මයට උදව් වෙන්න. අපි බොහොම දයාබරව ඒක මතක් කරනවා.

ඔවුන්ගේ ගිණුම් විස්තර: හේරත් මුදියන්සේලාගේ ලීලාවතී
219-2-001-5-8357740 මහජන බැංකුව, තඹුත්තේගම.
දුරකතනය: 071-0913296
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
389007_4563786052729_1679514613_n.jpg


සැත්කමට ආධාර පතයි
පැපිලියවල මැණික්‌ලන්ද "අරුණ" නිවසේ පදිංචිව සිටින එච්. ඒ. ඩී. කුසුම් චන්ද්‍රලතා මහත්මිය දෙදරු මවකි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියක ලෙස සේවය කරමින් සිටි ඇය මේ වන විට මොළයේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් දැඩි සේ රෝගාතුර වී සිටියි.

ඇයට හදිසි සැත්කමක්‌ කළ යුතු බවට ස්‌නායු වෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා මහතා නිර්දේශ කොට ඇත.

මෙම ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්‍ෂ 10 කට අධික මුදලක්‌ වැයවන බවත් ඉන්පසු දැඩි සත්කාර ඒකකයේ සිටින දින ගණන අනුව එක්‌ දිනයක්‌ සඳහා රුපියල් ලක්‍ෂය බැගින් වැයවන බවත් පෞද්ගලික රෝහලක්‌ දන්වා ඇත.

තම දියණියන් දෙදෙනා අධ්‍යාපන කටයුතුවල නිරත වන බැවින්ද තමන්ටද ස්‌ථීර රැකියාවක්‌ නොමැති බැවින්ද තමන්ට මේ සඳහා මූල්‍යමය ශක්‌තියක්‌ නැති බව චන්ද්‍රලතා මහත්මියගේ සැමියා වන ඊ. කේ. ප්‍රේමරත්න මහතා පවසයි. එබැවින් ඔහු තම බිරිඳගේ සැත්කම සඳහා ජනතාවගේ උදව් බලාපොරොත්තු වෙයි. මුදල් පරිත්‍යාග ලංකා බැංකුවේ කිරිඳිවැල ශාඛාවේ 74489550 අංක දරන ගිණුමට ආධාර බැර කළ හැකිය. දුරකථනය ඇමතීමෙන් වැඩි විස්‌තර දැන ගත හැකිය. 0711858998.

සටහන - සචිත්‍ර මාකොළ

https://www.facebook.com/photo.php?....2070695.1233945143.1516974289&type=1&theater
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
165224_10151396234395823_1068730020_n.jpg


නමෝ බුද්ධාය

පින්වත් මිතුරණි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරයේ ඇති භයානක ස්වභාව අපට පෙන්වා දෙද්දී, ක්ෂණ සම්ප්තත්තියේ ඇති වටිනාකම පෙන්වා දෙද්දී පුංචි ඕසධට (G.D.ඕසධ ඉඳුනිල් විජිත් කුමාර) ඒ සියල්ල තේරම් ගැනීමේ අවස්ථාව ගිලිහිලා ගිහිල්ලා.

පුංචි ඕසධ ඉපදුනේ ඉතාමත් දිළිඳු පව්ලක. තාත්තා (G.D.D. විජිත කුමාර) වෙල්ඩින් වැඩ කරමින් තමයි මේ පවුල නඩත්තු කරන්නේ. අම්මට රැකියාවක් කරන්න බැහැ. පුංචි ඕසධව දවස පුරා බලා ගන්නේ අම්මා. පුංචි ඕසධට 1 වසරේ පාසල් යන තව මල්ලි කෙනෙකුත් ඉන්නවා.

ඕසධට හැදිලා තියෙන්නේ ඉතාමත් කලාතුරකින් වැලදෙන Meconium Aspiration Syndrome කියන රෝගය.

ඉතාමත් අසරණ තත්වයේ සිටින මේ පුංචි ඕසධගේ පවුලට ඔබට යම් හෝ උපකාරයක් කිරීමට පිළිවන් නම් එය මහත් වූ පින් රැස් වෙන කටයුත්තකි.

දානයේ මහත්ඵල මහානිසංස වන්නේ ප්‍රමාණ රහිතව දෙන්නා වූ දානයේ නිසා ඔබ දෙන ආධාරයේ ප්‍රමාණය ගැන නොසිතා හැකි පමණින් පුංචි ඕසධට උදව් කරන්න.

ඔබගේ නෑහිතමිතුරන් මෙම දානමය පුණ්‍ය කර්මයට සහභාගී කරවන්න. ඔබට හැකි පමණින් මේ කටයුත්තට සම්බන්ධ වෙන්න.

අපි පුංචි ඕසධට උදව් කරමු

වැඩි විස්තර

SRI LANKA
අජිත් අමරවීර
දුරකථන: 0772865301
ඊමේල්: [email protected]
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
0


Dear All,
Sakun Dilmith aged 11 years of 7/83 Dawamotta, Andiambalama is diagnosed of Acute Lymphoblastic Leukemia since 21.10.2011. He is being treated at National Cancer Hospital, Maharagama. His clinic registration number is 9777/2011.
He Needs both inpatient and outpatient treatment for the next 3 years to achieve a cure. he need Rs.40000 per month for his treatments. His parents needs your kind help for care his son.

Dr Prasad Abeysinghe MD, Consultant Clinical Oncologist treating him.

Please deposit your kind aid for Sakun Dilmith on following bank details.

M.K. Fernando
A/C No:- 8254064901
Commercial Bank
Katunayake.

Please call Sakuns' Mother if you need more details 0757099407