Elakiri-ගිලානෝපස්ථාන සේවාව

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1185867_552362424800168_587625362_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1186138_592472384125581_266905594_n.jpg


Invitation to all kind hearts to join hand with us on a great charity work for Incurables at Victoria, Rajagiriya.

This is an effort to heal the minds of helpless people at the Victoria Home.

Time - 8.00 am to 1.30 pm.

8.30 am - 10.00 am Observance of Sill and the Dhamma Sermon
10.00 am - 10.30 am Gilanpasa Viwekaya
10.30 am - 11.00 am Buddha Pooja
11.00 am - 12.00 pm Alms Giving
12.00 pm - 1.30 pm Distribution of Pirith Threads and Dhamma Leaflets for the Patients

Victoria Home shelters for permanently disables. They have become disable due to various reasons. Accidents, genetic problems, strokes and various other illness have made them incurables. All of them are very kind and innocent. Most impressively, they do care of the rest of the residents and help each other, even with the little they could do.

Can we imagine how many times we may have born or suffered in our previous births like them?.
Can we assure that we will not fall into this situation in future or in coming births due to the kamma that have been committed in our previous births or in this birth.

So should we not think of them in a different way ?
Should we not offer them the little that we could do for them ?

If you think we SHOULD, please be present on that day to support us in inspiring them religiously to strengthen their mental states. Lets make them think that physical inability should not hinder our direction in realizing four Noble Truths. Lets help them listen to the compassionate words of the Supreme Buddha.

Theruwan Sarani.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
552713_565621566807587_529650404_n.jpg

සුධීරා සංජීවනීගේ කඳුළු කතාව - උපකාර කරනවා නම් ලොකු පිනක්‌


විෂක්‌ ශරීරගත වෙලා , ටියුෂන් යද්දී අසාධ්‍ය වූ දුව ,අවුරුද්දක්‌ තිස්‌සේ එක තැන
මාසෙකට රු. 50000 ක්‌ විතර වැය වෙනවා
උපකාර කරනවා නම් ලොකු පිනක්‌
- දෙමාපියෝ කියති

"උදේ උපකාරක පන්තියකට යැමට ගෙදරින් පිටවූ දුව ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් අසල්වැසි නිවසක සිටින බව අපට දහවල් ආරංචියක්‌ ලැබුණා. අප යනවිටත් දුව සිහි නැතිව සිටියේ. එදා සිට මේ වනතුරු දුව වචනයක්‌වත් කතා කළේ නෑ. වෛද්‍යවරුන් කීවේ දුව වස පානය කර ඇති බවයි. වස බොන්න තරම් හේතුවක්‌ දුවට තිබුණේ නෑ. මොනවා වුණාද දන්නේ නෑ."

බදුල්ල විනීතගම එම්. පී. සන්ධ්‍යා කුමාරි මහත්මිය දැනට වසරකට පමණ පෙර දිනයක්‌ සිහිපත් කරමින් හැඬූ කඳුළින් යුතුව එසේ පැවැසුවාය. ඒ ඇගේ බාල දියණිය වන 20 හැවිරිදි සුධීරා සංජීවනී ගැනය.

විෂක්‌ ශරීරගතවීම හේතුවෙන් මෙසේ අසාධ්‍යව සිටින සුධීරා දියණිය ඉකුත් 2012 ඔක්‌තෝබර් මස 28 දින සිට මේ වනතුරු කෑමට, බීමට, නැගිටීමට අත්පා සෙලවීමට හෝ කතා කිරීමට නොහැකිව ජීවය සහිත රූපයක්‌ පමණක්‌ බවට පත්ව උඩුකුරුව ඇඳෙහි වැතිර සිටින්නීය. මෙතෙක්‌ කළ කිසිදු ප්‍රතිකාරයකින් නිසි සුවයක්‌ නොලද දියණිය සුවපත් කර ගැනීමට ඇගේ දෙමාපියෝ කාරුණික පරිත්‍යාගශීලීන්ගේ උපකාර අපේක්‌ෂා කරති.

"එදා දුව පන්ති ගිහින් ආපසු බසයෙන් ඇවිත් ගෙදර ඒමට නොහැකිව ළඟ ගෙදරකට ගිහින් එහි වැටී තිබෙනවා. අපට ආරංචි වී දුවව රෝහල්ගත කළා. දින 26 ක්‌ම දැඩි සත්කාර ඒකකයේ සිටියා. ස්‌නායු ඒකකයේ මාසයකට වැඩිය සිටියා. රෝහල් ගතකරන විටත් විෂ නිසා දුවගේ හදවතේ ක්‍රියාකාරිත්වය දුර්වලවී තිබෙන බවත් ස්‌නායු 80% ක්‌ පමණ විනාශවී ඇති බවත් දැනගන්න ලැබුණා. ඒ නිසා රෝහල්ගතව තවත් ප්‍රතිකාර කළත් පලක්‌ නෑ කියා දුවව ගෙදර ගෙනවිත් නියම කරන ඖෂධ ලබා දෙන්න කියා වෛද්‍යවරු කීවා යෑයි සන්ධ්‍යා කුමාරි මහත්මිය විස්‌තර කළාය.

වාණිජ අංශයෙන් උසස්‌ පෙළ විෂයන් දෙකක්‌ සමත්ව ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක්‌ හා පරිගණක පාඨමාලාවක්‌ද හැදෑරූ සුධීරා ඉගෙනුමට හපන් දක්‌ෂ දියණියකි. ඇය වස පානය කළා නම් ඊට හේතුවක්‌ හෝ තමන් මේ වනතුරු නොදන්නා බවත් දැන් තමනට අවශ්‍ය එකම දේ කෙසේ හෝ දියණිය සුවපත් කරගැනීම බවත් සුධීරාගේ පියා (පොලිස්‌ නිලධාරියෙකු වන) ඩබ්. ජී. එස්‌. ජයවීර මහතා කියයි.

"දුවට මේ සිද්ධිය වූදා පටන් මේ දක්‌වා අපට තිබුණු සියලු මුදල් වැය කළත් දුවව සනීප කරගන්න බැරිවුණා. අවශ්‍ය ප්‍රතිකාර ගන්න ගෙදර තිබුණු වටිනා සියලු දේ විකුණන්න සිදුවුණා.

රෝහලෙන් නියමකළ බෙහෙත් විටමින් වර්ග, කිරි වර්ග ගන්න මාසෙකට රුපියල් විසිදහසක්‌ පමණ යනවා. දුවට කන්න බැරි නිසා නාසයෙන් දැමූ බටයකින් කිරි හා බෙහෙත් ආදිය පොවනවා. ඒ බටය මාරු කිරීමට සති තුනකට වරක්‌ ගිලන් රථයක්‌ ගෙනැවිත් දුවව රෝහලට ගෙනියන්න ඕන. ඒ අතර ඇඹිලිපිටියේ හාමුදුරුවන් වහන්සේ නමකගෙන් ප්‍රතිකාර ගන්නවා. මේ හැමදේටම දුවට විතරක්‌ මාසෙකට රුපිsයල් පනස්‌ දහසක්‌ විතර වියදම් වෙනවා. මගේ මාසෙ පඩියෙන් ඒ දේ කරන්න බෑ. දැන් අපට කියා ඉතිරිවී තිබෙන්නේ මේ ඇඳිවත විතරයි. දුවව සනීප කරන්න කවුරු හෝ උපකාර කරනවා නම් ලොකු පිනක්‌.

කුමන හේතුවක්‌ මත හෝ වසරක්‌ පුරා දුක්‌විඳින අහිංසක දියණියකගේ ජීවිතය බේරාගැනීමට යම් උපකාරයක්‌ කරන්න ඔබටත් හැකිනම් වැඩි විස්‌තර දැනගැනීමට දුරකථන අංක 0776413837 න් හෝ 0770461876 මගින් විමසිය හැකිය.

සුධීරාගේ මව වන එම්. පී. එස්‌. කුමාරි මහත්මිය නමින් මහජන බැංකුව බදුල්ල මුතියංගන ශාඛාවේ ඇති 269-2-001-9-8495131 අංක දරණ ඉතිරි කිරීමේ ගිණුමට මුදල් ආධාර යොමු කළ හැකිය. ලිපිනය(- ඩබ්. ජී. එස්‌. ජයවීර, අංක 122, නිශාන්ති නිවාස, විනීතගම, බදුල්ල.




Anura S. Liyanage Target-news -/2013/09/19-සටහන හා ඡායාරූප - බෝගොඩ රත්නායක