Elakiri.com Official Love Thread...
මට හිතුන අලුත් වැඩක් පටන් ගන්න...
ආදරය කියන්නේ අපිට ජිවත් වෙන්න අත්‍යාවශ්‍යම නැතුවම බැරි දෙයක්නේ..
මගේ අදහසට ගොඩ දෙනෙක් එකග වේවි..එකග නැති අයත් ඇති..
ආදරය අපිට ලැබෙන විදියෙත් වෙනස් කම් තියනවා.දෙමාපියන්ගෙන් ලැබෙන ආදරය, සහෝදර,සහෝදරියන්ගෙන් ලැබෙන ආදරය,නෑදෑයන්ගෙන් ලැබෙන ආදරය,යාලුවන්ගෙන් ලැබෙන ආදරය...තව විධි තියනවා...
මේවගේ අපිට ආදරය ලැබෙන හැටි අපිට ඕන ඕන හැටියට වර්ගීකරණය කරන්න පුළුවන්...
අපි ටිකෙන් ටික යෞවුන් වියට එන කොට අපිට විරුද්ධ ලිංගික ආකර්ෂණය ටික ටික ඇති වෙනව..
එක ආදරයද මන්ද...
කොහොම කොහොම හරි ඒ ආකර්ෂණය නිසාම අපි ඒ අය පස්සේ යනවා....
ඒ ආකර්ෂණය,ටික ටික ආදරයකට පෙරලෙනවා..
එහෙම ගිහින් පුළුවන් තරම් පරිප්පු කාල,
නොන්ඩි වෙලා,
කිච වෙලා
,කටු කාල,කෙල්ලව යාලු කරගන්නවා.....
මම මේ කියුවෙ කොල්ලෝ ගැන...කෙල්ලොත් එහෙමද දන් නෑ....

..ඉතින් මට මේ ත්‍රඩ් එක දාන්න හිතුනේ තම තමන්ගේ ඒ සුන්දර අත්දැකීම් එළකිරි අපිත් හැමෝම එක්ක බෙදා ගන්න කියන ආරාධනය කරන්න...මේ ත්‍රඩ් එක ඒ සුන්දර මතකයන් නැවත මතක් කරගන්න හොද තැනක් වේවි...
ඒ වගේම තවම තනිකඩ ජිවිත ගත කරන අයට(මේ මම වගේ
) පොඩි පොඩි අදහස් ගන්නත් පුළුවන් වේවි තමන්ගේ සහකරු හෝ සහකාරිය හොයා ගන්න...
තමන්ගේ පෙම්වතා,පෙම්වතිය මුලින්ම දැක්කේ කොහෙදිද,කොහොමද ඒ ආකර්ෂණය ඇති උනේ, ඒ ආකර්ෂණය ඇති උන හේතුව මොකද්ද,කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කරේ,තමන්ගේම කර ගන්න කොච්ච්චාර කට්ටක් කෑවද..එකී මෙකි නොකී සියලුදේ මේ ත්‍රඩ් එකේ බෙදා ගමු....


එහෙනම් පටන්ගමුකෝ......






