wtf 





වෙන්න තියනවා නම් දෙයක් කවද හරි ඒක වෙනවා ..
ජිවිතේ බැදීමක් තියේ නං උබ එලෙව්වත් එයා මලාට යන්නෙ නැ ..
එහෙම නොවේ නම් පෙරලි පෙරලි ඇඩුවත් යන එකා යන්න යනවා ..
වෙන්න තියනවා නම් දෙයක් කවද හරි ඒක වෙනවා ..
කොහොම උනත් දෙවියෝ හැම දේම තීරණය කරාවි ..
හැම දේම හොදටයි සිද්ද වෙන්නේ ..
![]()
බැල්ලියන්හේ ඉල්ලීම පරිදි ත්‍රෙඩ් එක අප්ඩේට් කරන ලදී
මේ අහපල්ලා පොන්නයනි ..
සීන් එක මේකයි ..
මේක කියවන්න උබලට කිසිම කම්මැලි කමක් ඇති නොවෙන විදියට තමයි මම ලිවුවේ ..
ඔක්කොම කියවපන්
මට කවදාවත් ආදරයක් ඇති වෙලා නැහැ .
මන් ඇවිල්ලා තනියෙන් ඉන්න පොරක් .
මට යාලුවොත් නැහැ .
නමුත් ආශ්‍රය කරනවා නම් ලොකු යාළුවො පිරිසක් ඉන්නවා ..
නමුත් මම ආශ්‍රය කරන්න කැමති නැහැ .
කෙල්ලෙක් ඉන්නවා ..
මාත් එක්ක අවුරුදු 4 ක් තිස්සේ කිට්ටුම සම්බඳතාවයක් තියෙන .
ඒ ගෑණු ළමයා මගේ English medium history ක්ලාස් එකට ආවා ඒ කාලේ .
එතකොට තමා අදුර ගත්තේ ..
ඒ දවස් වල ඒ කෙල්ල මගෙන් ආදරේ ගැන ඇහුවා .
මට ඒ කාලේ කෙල්ලෝ පිලිබඳ හැඟීමක් තිබුනේ නැහැ .
ඒ කියන්නේ මට ඕනේ උනේ ඒ කාලේ හැමෝම යාළුවො විදියට තියා ගන්න ..
මට ගොඩාක් ගෑණු යාළුවො ඉදියා .
උන් මාව ආශ්‍රය කරන්න ගොඩක් කැමති උනා .
හේතුවමැටි පොන්නය ටිකක් කියුට් පුංචි කොල්ලෙක් . උබල අර ෆොටෝ එකේ දැකල ඇති ..
හැමෝටම විහිලු කරන , ආදරෙන් , විනෝදෙන් ඉන්න ..
කාලය ගිවිලා ගියා පොන්නයනි ..
දැන් අපි ඉන්නේ 2014 නේ ද ?
අර කිවුව කෙල්ල ඉතිං මාත් එක්ක ගොඩක්ම කිට්ටුවෙන් ඉදියා ..
කාලයක් අපි ආදරෙන් ඉදියා .. යාළුවො විදියට ඉදියා ..
තරහා උනා .. යාලු උනා ..
ඒ කෙල්ලට ඕනේ වෙලාවට මාව හොයාගෙන එනවා ..
බැනගන්න වෙලාවට බැනගන්නවා ..
මට අවුරුදු 4 ක් විනාඩි 4 ක් ටයිප් කරන්න බැහැ පොන්නයනි .
කොහොම උනත් අන්තිමට මන් ඒ කෙල්ලත් එක්ක තරහ උනේ ගිය ජනවාරි 1 වෙනිදා .
හොදට කුණුහර්පෙනුත් බැනලා තමයි තරහා උනේ ..
ඊට ඉස්සෙල්ල දවසේ .. දෙසැම්බර් 31 වෙනිදා පැය 4 ක් විතර එයත් එක්ක කතා කරා ඕවර් ද ෆෝන් .
හිරු TV එකේ චෙන්නායි Express බල බල .
එදා එයා මට ආයෙම ආදරෙයි කිවුවා ..
බොරු කියන්න ඕනේ නැහැ මැට්ටා එයාට කැමතියි කොච්චර උනත් ..
එදා මැට්ටා හිතා ගත්තා ඒ කෙල්ල ආයේ මොනම විදියට ආවත් ජිවිතයට බාර ගන්නේ නැහැ කියල .
ඒත් පෙබරාවාරි 14 හවස 4 ට මම ක්ලාස් එකක ඉදිද්දී එයා ආයෙම කතා කරා ..
ක්ලාස් එක ඉවර වෙලා මැසේජ් කරන්නම් කියල මන් කිවුව .
ගෙදර ඇවිත් මන් එයාගෙන් ඇයි කියල ඇහුව .
anu..
man oyagen deyak ahannam .
mata kelinma uththarayak denawada wena mukuth nokiya ?
මැටි පොන්නය ඉතින් අහන්න කියල රිප්ලයි කරා .
Mn oyata adarei .
eda oyata man kiwuwe boru nemei.
oyai mawa waradiyata therum gaththe.
eth eda oya mata kiwuwa dewal walata man hitha gaththa ai oya gana hithannewath aye txt karannewath naha kiyala .
eth mata ehema inna baha .
anu oya mata adarei da ? nadda ?
මැටි පොන්නය ඇත්තටම එයාට ආදරේ කරන්න ඇති .
මන් ඔව් කියල තව බයිලා ටිකක් ගහල යැවුවා .
ඊට පස්සෙන්දා ඒ කියන්නේ ඊයේ ..
මන් ඒ කෙල්ලත් එක්ක කොළඹ ආව .. විශේෂ හේතුවක් නැහැ .
ගාල්ලෙන් 7.25 Train එකේ යන්න කියල හිතන් ස්ටේෂමට ආවට හුකන වැඩ වර්ජනයක් නිසා කොච්චි දුවන්නේ නැහැ කියල ස්ටේෂන් එකේ පොන්නයෙක් කිවුව නිසා මැට්ටා කෙල්ලවත් ඇදන් ස්ටෑන්ඩ් එකට ඇවිත් Great Galle වලින් A/C එකක නැගලා කොළඹ ආවා .
ඇවිල්ලා ඉතින් අපි කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැස්ස .
දැන් යන්න තැනක් නැහැ .
කෙල්ල කියනව ආයේ ගාලු යමු ලු ..
ආව ගමන් ආයේ යන එකේ තේරුමක් නැති නිසා .
කොටුව ස්ටේෂන් එක වම් අත පැත්තේ තියන සයිවර් කඩෙන් එළවලු රොටි දෙකක් කෑවා .
ඒකෙ කැෂියර් එකේ ඉන්න එකා කොල්ලෝ කාරයෙක් ද කොහෙද බං
උබලත් ගිය වෙලාවට බලපන් .
ස්ටේෂන් එක ඉස්සරහට ඇවිත් ගාලු පාර දිහා බලන් වම අත පැත්තේ තියන පලවෙනි සයිවර් කඩේ .
කඩේ මැස්සෝ පිරිලා .
කොළඹ කියන්නේ මොන තරම් දුෂිත නගරයක් ද .. ගාල්ලේ අපි කොච්චර වාසනාවන්තද කියල හැඟීමක් ආවේ ඔහේ නිකන් පාර දිහා බලන් ඉදිද්දී .
ඊට පස්සේ අපිට යන්න කොච්චිත් නැහැ .
ගත්ත මගේ කොළඹ ඉන්න වහලෙකුට කෝල් එකක් .
මන් හිතන්නේ ඌ එලකිරිත් ඉන්නවද කොහෙද .
අරන් කිවුව විස්තරේ .
ඌ කිවුවා අහවල් තැනට වරෙන් කියල .
ඊට පස්සේ රුපියල් 32 ක ටිකට් අරන් අහවල් තැනට ගියා .
ඌ ත් එක්ක ගොඩක් වෙලා KFC එකක ගත කරපු අපි දෙන්නා ගාලු බස් එකක නැග්ගා .
එන ගමන් කෙල්ල උකුලේ නිදන් ආවේ ..
මැට්ටා ට ගොඩක් ආදරේ හිතුනා .
ගාල්ලට එද්දී පුදුම හැඟීමකින් හිත පිරිලා යනවා ..
අපේ රත්තරං නගරය ..
කොහේ ඉඳන් ආවත් ගාල්ල නගර සීමාවට එනකොට මාර හැඟීමක් එන්නේ ..
උබලට කොයින්ද ඒවා
කොහොම හරි අපි ගාල්ලට ඇවිත් ගෙදර ගියා.
මැට්ටා කෙල්ලවත් ගෙදර යන බස් එකට දාලා ගෙදර ආවා ..
මෙච්චර ගොඩක් එක හුස්මට ටයිප් කරන්නේ මැට්ටා ගේ හිතේ තියන පීඩනය නිසා ..
ප්‍රශ්නය මේකයි ..
ඒ කෙල්ලා එනවා යනවා ..
ඒ කියන්නේ ඉස්සෙල්ලත් ඔහොම අපි එක පාරක් යාලු වෙලා යන්න ගියා .
ඔය ආයෙත් ඇවිල්ල .
අපි ගොඩක් තරහා වෙලා තියනවා .
ඒත් අපි කොහොම හරි යාලු වෙනවා .
සමහර කාල වල මාස 6 -7 කතා කරන්නේ නැතිව ඉන්නවා ..
දැන් මැට්ටා සීමාව පන්නලා ..
ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් ..
ඒත් මැට්ටා බයයි ..
ඇයි .. ?
හදිස්සියෙවත් ආයෙමත් අර කෙල්ල මැට්ටා ව දාල ගියොත් ?
එදාට මැට්ටා ට දරා ගන්න බැරි වෙයි ..
කෙල්ල කියනවා ආයේ එහෙම වෙන්නේ නැති ලු .
ඒත් .............
මට බයයි ..
මොකද කරන්නේ .... ?


