ElaKiri Rep Power Explained....!

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ඇතුලට ඇවිත් එලකිරියේ
    Rep system ගැන
    සියලු විස්තර දැනගන්න....!
    "Rep+ දෙනු ලැබේ"

    එලකිරියේ Rep Power ගැන සරලව දැනගන්න...

    ------------------------------------------------------

    මොනවද මේ Rep කියන්නේ?

    සරලව කිව්වොත් මේ reputation system එකෙන් වෙන්නේ එලකිරියේ යම් සාමාජිකයෙක් පල කල ලිපියක් ඇගැයීමට ලක් කිරීමකි.
    මෙහිදී අපි යම් ලිපියක් අගයනු ලබන්නේ ඒවාට ලකුණු ලබාදීම මගින්.
    මේ ලකුණු වලට "rep" හෝ "rep points" කියල කියනවා.
    එම සාමාජිකයා පල කල ලිපිය අනුව rep "අඩු" හෝ "වැඩි" කිරීමක් කරන්න පුලුවන්.
    අගය කිරීමේදී තමාට ලිපිය ගැන සතුටුනම්
    reputation_pos.gif
    positive rep හෝ අසතුටුනම්
    reputation_neg.gif
    negative rep දෙන්න පුලුවන්.

    Rep Power කියන්නේ?

    Rep power යනු යම් සාමාජිකයෙක් අද වෙනකල් එලකිරියේ ලබාගෙන ඇති කීර්ති නාමයයි.
    මෙය පහත කරුණු මත පදනම් වෙනවා.

    1. එලකිරියේ සිටි කාලය අනුව.
    2. පල කරපු ලිපි ප්‍රමාණය අනුව.
    3. තමාට ලැබුනු positive rep points අනුව.

    ඔබගේ rep power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දිස්වේ.

    cB1MyNi.png


    ඉතින් Rep Power එක වැඩි සාමාජිකයෙක් කියන්නේ එලකිරියට හුගක් වටිනා දේවල් එකතු කරපු පිලිගත්ත සාමාජිකයෙක්.

    Rep Power එක වැඩි කරගන්නේ කොහොමද?

    1. එලකිරියට join වුන අවුරුද්දේ ඉදන් අවුරුද්දකට එක බැගින් rep power එක වැඩි වෙනවා.
    2. සෑම rep points 1000 කට rep power
    එක 1කින් වැඩි වෙනවා.
    3. පළමු ලිපි 100ට සහ වැඩිවන සෑම
    ලිපි 25000කටම rep power එක 1 බැගින් වැඩි වෙනවා.

    Rep squares/කොටු

    XdZdDIn.png

    Rep කොටු ගනණ වැඩි වෙන්නේ තමන්ට ලැබෙන rep points අනුව.
    සාමාජිකයෙකුට ලබා ගන්න පුලුවන් උපරිම rep කොටු ගනණ 11යි.

    පහත ආකාරයට rep කොටු ගනණ වැඩිවේ:

    1. පළමු rep points 100ට කොටු 2ක්
    2. Rep 100 සිට 500 දක්වා වැඩිවෙන සෑම rep
    points 100කටම 1 කොටුව බැගින් වැඩිවෙනවා
    3. Rep 500 සිට 1500 දක්වා වැඩිවෙන සෑම rep
    points 200කටම 1 කොටුව බැගින් වැඩිවෙනවා

    උදාහරණයක් ලෙස ඔබේ rep points ගනණ 1000ක් නම් rep කොටු 8ක් ලැබෙනු ඇත.
    Rep 1500ක් ලබා ගත්තොත් කොටු 11ම ලැබෙනවා.



    Rep status ලැබෙන ආකාරය


    6gcg305.png


    තමන්ට ලැබෙන rep points අනුව rep status එකත් වැඩි වෙනවා.
    Rep status බලන්න පුලුවන් තමන්ට ලැබිලා තියෙන rep කොටු ලගට mouse cursor එක තිබ්බහම.

    පහත ආකාරයට rep status එක වැඩිවේ.
    වරහන් තුල දක්වා ඇත්තේ rep status එක ලබාගැනීමට ගත යුතු rep points ගනනයි.

    Infamous around these parts [less than -100]
    Little shameless behavior in the past [0- -99]
    Unknown quantity at this point [0-49]
    On a distinguished road [50-99]
    Will become famous soon enough [100-149]
    Has a spectacular aura about [150-499]
    Jewel in the rough [500-749]
    Just really nice [750-1499]
    Glorious beacon of light. [1500-4499]
    Name known to all [4500-7999]
    Splendid one to behold.
    Has much to be proud of.
    Reputation beyond repute.



    Rep ලබාදෙන්නේ කොහොමද?


    පහත දක්වා ඇති ආකාරයට "KARMA" හෝ "♥" icon එක මඟින් reputation ලබාදිය හැකියි.
    මෙය ඔබ භාවිතා කරන elakiri theme එක අනුව වෙනස්වේ.


    3QInzw7.png
    cYfBrRK.png


    Rep ලබාදෙනවානම් "I approve" කියලා තෝරාගෙන එයට අවශ්‍ය ලෙස comment එකක් ලබාදිය හැකියි.

    "I disapprove" මඟින් "negative" Rep ලබාදිය හැක.

    AyaFLtR.png



    Rep ගැන මේ ටිකත් දනගන්න:

    1. එක සාමාජිකයෙකුට rep ලබාදී නැවත එම සාමාජිකයාටම rep ලබාදීමට කලින් තව 25 දෙනෙකුට rep ලබාදිය යුතුයි.
    2. පැය 24 තුලදී උපරිමයෙන් 10කට පමණක් rep ලබාදිය හැක.
    3. තමා පල කරපු ලිපියකට තමාටම rep දෙන්න බැ.

    මතක තබා ගතයුතු දේවල් ටිකක්,

    1. සෑම විටම එලකිරියේ සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙන ලිපි හෝ comments පල කරන්න. මේ තුළින් rep power එක වැඩි කරගන්න පුලුවන්.
    2. තමාට යම් ලිපියක් ගැන සතුටුනම් positive rep දෙන්න අමතක කරන්න එපා. හොදදේ අගය කරන්න.
    3. negative rep දෙන්න කලින් දෙපාරක් හිතන්න.
    4. තමාට තාම rep power එකක් නැත්තම් හොද ලිපියකට bump එකක් හරි දාගෙන යන්න.
    5. rep ඉල්ලගෙන වැඩකට නැති ලිපි පල කරන්න එපා. එවාගෙන් වෙන්නෙ තියෙන rep power එකත් අඩු වෙන එක.
    6. යම් අයෙක් තමාට rep එකක් දීලා නම් එම සාමජිකයාටත් rep එකක් දෙන්න.
    7. වැරදි දෙයක්, comment එකක් හෝ ලිපියක් තියෙනවනම් වහාම report කරන්න.

    මට දාන්න අමතක වුනු කරුණු තියනවනම් කොටාගෙන යන්න!

    ජය වේවා!!!
    THANKS ban mata denaganna oni une metika tama