උඹ දාලා තිබුන ත්‍රෙඩ් එක දැක්කා. මම ඉන්නේ පිටකෝට්ටේ. ඔය කියන තැන ගැන මම නම් පොඩ්ඩක්වත් අහලා නෑ. පොඩි උපදේශයක් දෙන්නම්.
ගනේමුල්ලේ තියෙනවා ශාන්තිභවන කියලා තැනක්. එතන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට පුදපූජා සිද්ධකරන ස්ථානයක්. මෛත්‍රී බෝධිසත්ව පූජෝපහාර පදනම කියලා කියන්නේ. සතියේ දවසක 07 න් පස්සේ උඹේ යාලුවාට තනියම එතනට යන්න කියපන් ඉස්සෙල්ලා. කරන ප්‍රතිකාර වලටවත් කිසිම පූජාවකටවත් මුදල් සතයක්වත් ගන්නේ නෑ. එතන ප්‍රතිකාර කරන්නේ නුවන් හෙට්ටියාරච්චි කියලා මහත්මයෙක්. (කපු මහත්තයෙක් නෙමෙයි. ඒක උඹේ යාලුවාට පැහැදිලිව කියලා යවපන්. ලංකාවේ ලොකුම කම්පැනි එකක ලොකුම තනතුරක් දරණ මහත්මයෙක්) නුවන් මහත්මයාට උඹේ යාලුවාගේ ප්‍රශ්නේ කියන්න කියපං. ඒ මහත්මයා උදවු කරාවි. යාලුවා යන්න කර්මති නම් විතරක් මට කියපං. මම යන විදිය කියන්නම්. බල කරලා යවන්න එපා. තේරුමක් නෑ.