මම ඇපල් එකට කඩේ යනවා නෙවෙයි ,ඇපල් ලගේ processor එක (A series) එක design කරලා තියෙන්නේ ඇපල් ලා විසින්,සැම්සුන් එක කරන්නේ ඒක නිෂ්පාදනය කරන එක විතරයි. උන් තමයි ඒක physically හදන්නේ, නමුත් apple ලට තමයි A series processor එකේ තාක්ෂණය අයිතියි, processor එක කවුරු නිෂ්පාදනය කරත් වැඩක් නෑ තාක්ෂණික පැත්ත තමයි ගොඩක්ම වැදගත්, මේක හරියට ARM holding එක වගේ, ලෝකයේ smartphones වල 96% කට වඩා තියෙන්නේ ARM processors නමුත් උන් එක processor එකක් වත් හදන්නේ නෑ,උන් හදන්නේ තාක්ෂණයයි, ඊට පස්සේ ඒ තාක්ෂණය අනෙක් එවුන්ට විකුණනවා, ඒවා ගන්න එවුන් තමයි ඒවා හදන්නේ, Samsung එක ARM Holding ලගෙන් තාක්ෂණය ගත්ත එකෙක්. එහෙම අරගෙන තමයි උන් Exynos processor එක හදන්නේ,ඒක සැම්සුන් එක හැදුවට, ඒකේ තියෙන්නේ ARM technologies. CPU එක Cortex series, GPU එක Mali series. අපි ඔහොම උඩින් බැලුවට, ඇත්තටම ඇතුල බැලුවොත් ඔය ගොඩක් නිෂ්පාදන වල තාක්ෂණය ,පේටන් ඒවා samsung එකට අයිති නෑ, ඒවා ගොඩක් අයිති American, Europe සමාගම් වලටයි, නමුත් ඇමරිකාවේ ,යුරෝපේ නිෂ්පාදන වියදම වැඩි නිසා උන් චීන, එහෙමත් නැත්නම් චීනයේ කර්මාන්ත තියෙන company වලට දෙනවා ඒවා නිෂ්පාදනය කරන්න. ගොඩක් චීන ,චීනේ කර්මාන්තය තියෙන සමාගම් නැගලා යන්නේ චීනයේ නිෂ්පාදන වියදම අඩු නිසයි.