Elephant attacks car in Kruger National Park.

sanuri2007

Member
Jan 8, 2011
462
83
0


අපි‍්‍රකාවේ කෘගර් වනෝද්‍යානයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකටය ඇතෙකු පහර දෙන දර්ශනයන් පෙළක් අන්තර්ජාලයට එක්වී තිබේ.
මෝටර් රථය පාපන්දුවක් සේ සලකා එයට පහර පිට පහර එල්ල කරනා ඇතා අවසානයේ එය අඩි ගණනක් දුරට විසිවීමට ප‍්‍රහාරයක් එල්ල කරන අයුරුත් එම දර්ශනයන්ගේ වේ.
වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථයේ ගමන් කර තිබෙන්නේ අලූත විවාපත් යුවළකි.වෙහෙසට පත් ඇතා පිටව ගිය පසු වහා වහා ඔවුන්ගේ සහයට පිටිපසින් සිටි වාහන වල ආවුන් රෝහල් ගත කළහ.
කාන්තාව ඇතාගේ දළයකට හසුවී තුවාල ලබා ඇතත් පිරිමියා කිසිදු තුවාලයක් නොලබා බේරීමට සමත්ව ඇත.කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්ය.
ප‍්‍රචණ්ඩකාරී ඇතා අල්ලා ගැනීමට වනෝද්‍යාන බළධාරීන් සමත්වී ඇති අතර එහිදී අනාවරණයව වී ඇත්තේ එම සත්ත්වයා ගතකරමින් සිටින්නේ මද කිපෙන සමය බවයි.තවද තුවාලයක් නිසා පීඩා විදිමින්ද සිටි ඇතැයි හෙළිවී තිබෙන අතර ඇතා මෙසේ කලබල කරන්නට ඇත්තේ දෙකෙහිම එකතුවක් ලෙස වන්න්ට ඇතැයි බළධාරීන්ගේ අදහසයි.
සතුන් සමග ගනුදෙනු කිරීමේදී නුවණ මෙහෙයවා කටයුතු කළ යුතුයැයි බළධාරීන් කියයි.