Elephant Caller - Sri Lanka

electroniclab

Member
Sep 12, 2010
264
70
0
මේ දවස් වල තියෙන ලොකුම ඛේදචාචකයක් තමයි සද්දන්ත අලි කෝච්චියට හැප්පිලා මැරෙන එක. මේක වලක්වන්න ක්‍රමයක් හොය හොයා ඉන්නකොට තමයි මෙන්න මේ මනුස්සයා හම්බවෙලා තියෙන්නේ අපේ රිසර්ච් ටීම් එකට. මෙයාගේ දක්ෂතාවය තමයි ශබ්ධයක් නිකුත් කරලා අලි ගෙන්වන එක. දැනට මෙයා වනජීවී දෙපාර්ථමේන්තුවේ වැඩ කරන්නේ, රාජකාරිය වෙන්නේ ගම් වලට වැදිලා වගාව පාළු කරන අලි රක්ෂිත ප්‍රදේශ වලට දක්කගෙන යන එක. මේ වීඩියෝ එක බලල ඇත්ත නැත්ත හරියටම දැක ගන්න.



කෝච්චියට හැප්පිලා අලි මැරෙන එක වලක්වන්න තාක්ෂණික විසදුමක් තියෙනවාද?

Themal Camera වලින් පුළුවන් ඈත ඉන්න අලින් කල් තියා visually detect කරගන්න, ඒත් අධික මිළ නිසා ප්‍රායෝගික නැහැ. හැම අලියෙක්ටම collar එකක් දාලා GPS tracker එකක් set කරන්නත් පුළුවන්, ඒකත් වියදම් අධිකයි.
 
  • Like
Reactions: kitZrocks