Eliyantha ...ඊලියන්ත වයිට් ගේ රෙදි ගැලවේ.....

Oct 12, 2011
1,345
118
0
Eliyantha ...ඊලියන්ත වයිට් ගේ රෙදි ගැලවේ.....

තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා දරුඵල ලබා දුන් ඊලියන්ත

ඊලියන්ත ලින්ඩ්සේ වයිට් හෙවත් රාජකීය අනුග්‍රහය ලැබූ අරුම පුදුම ජීවකයා ගැන පසුගිය කාලයේ බොහෝ සෙයින් කතා බහට ලක්වුයේ ඔහු විසින් ප්‍රතිකාර කරනලද රෝගීන් බොහෝමයක් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්විම හේතුවෙනි.

ඊලියන්ත ලින්ඩ්සේ වයිට් ගේ චරිතාප්‍රදානය අප විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය ජුනි මසය.නමුත් ඇතැමුන් එය පිළිගැනීමට කැමති වුයේ නැත.නමුත් ඊයේ සහ අද දිනයන්හි නෙත් එෆ්.එම් හි බැලුම්ගල වැඩසටහන මගින් ඊලියන්ත වයිට් පිලිබඳ බොහෝ කරුණු අනාවරණය කරනු ලැබුවා.
ඊලියන්ත වයිට් අරලියගහ මන්දිරයේ කලක් ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු ලෙස කටයුතුකළ බව ප්‍රසිද්ධ රහසකි.නමුත් ඊයේ (12) දිනයේදී පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් නැගු පිළිතුරකට අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති වරයා ප්‍රකාශකර සිටියේ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නොමැති බවත් ඊලියන්ත වයිට් ජනපතිගේ පෞද්ගලික වෛද්‍යවරයකු නොවන බවත් යනුවෙනි.

මේ පිළිබඳව සිදුකල නිර්භීත මාධ්‍යය වාර්තාකරණය පිලිබඳ අප නිලුප සංජය ලියනගේ මහතා ඇතුළු නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායමට ස්තුතිවන්ත විය යුතුය. ඊලියන්ත වයිට් පිලිබඳ හෙළි කල බැලුම්ගල වැඩසටහන් අහන්න පහතින්




 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් ලසිත් මාලිංගට බෙහෙත් කරල හොඳ කලෙත් මෙයා නේද ???