Email මාකටින් වල වැදගත්කම

Malinda LK

Member
Feb 16, 2017
52
88
0
Email මාකටින් වල වැදගත්කම

මුල ඉඳන් මගෙත් එක්ක රැඳිලා ඉඳපු අයට මතක ඇති මම ලියපු රෙෆ් ලා හදාගන්න හැටි ගැන ආටිකල් ටික. අන්න ඒ ලිපි පෙලට අදාල අන්තිම ලිපිය තමයි මේක. දිග විස්තරයක් උනත් මගේ කාර්යබහුලකම නිසා ලිපි පෙළ දිගටම ඇදගෙන යන්න අමාරුයි. ඒ නිසා මෙතනින් ඉවර කරනවා.
............................................


මුදල් තියෙන්නෙ ලැයිස්තුවේ

අන්තර්ජාලයෙ කරක් ගහද්දි මේ “Money In The List” වදන් පෙළ එක වරක් හරි ඔබත් අහලා ඇති. ඇත්තටම මේකෙ තේරුම මොකක්ද? මෙතන List නැත්නම් ලැයිස්තුව කියලා හඳුන්වන්නෙ ඔබ සතු ඊමේල් ලිස්ට් එකටයි. මේකෙ වැදගත්කම මොකක්ද එතකොට?


ඊමේල් ලැයිස්තුව ඔබට වැදගත් වෙන්නෙ ඔයාගෙ අනුග්‍රාහකයො, ඔයාගෙ යාලුවො, ඔයා සෙල් කරන සේවයට හෝ භාණ්ඩයට එහෙමත් නැත්නම් ඔයා ලියන ආටිකල් වලට කැමත්තක් දක්වන අය සමඟ සෘජුවම සහ ඉක්මනින් සම්බන්ධ වෙන්න පහසුකම දෙන නිසා. ඉතින් මේ ඊමේල් කියන දේ යවන්නාට වගේම ලබන්නාටත් ගොඩාක්ම වැදගත්. ඉතින් තාමත් ඔයාටම කියලා මේල් ලිස්ට් එකක් හදා ගත්තෙ නැත්නම් ඔයා මේ අහුරාගන්නෙ ඔයාගෙම අනාගත ආදායම.

how-much-money-are-you-leaving-on-the-table.png


E-Mail List එකක තියෙන Importance, කොහොමද List එකක් Build කරගන්නේ සහ Emails Capture කරගන්නෙ, කවුද දැනට ඉන්න හොඳම Free සහ Paid Email Services සපයන්නේ කියන හැම දෙයක්ම මම මේ ලිපිය ඇතුලේ කෙටියෙන් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.


මොනවාද වැදගත්කම්?


01. මම මුලින්ම කිව්ව වගේ ඔයාට ඔයාගෙ ග්‍රාහකයා සමඟ සෘජුවම සම්බන්ද වෙන්නෙ හැකි නිසා.


02. Internet පහසුකම් ඇති ඕනෑම විද්‍යුත් උපාංගයක් (Mobile, Smart Phone, Laptop, PC, etc) ඇති ඕනිම කෙනෙක්ට අද ඊමේල් ගිණුම් ඇති නිසා.


03. අදටත් බලගතුම Targeted Traffic Source එකක් වන නිසා. Corey Dilley, Unbounce.com එකේ Marketing Manager කියනවා Email Marketing වලින් ස්ථිරවම එයාලගෙ Landing Pages වලට 80-90%ක් තරම් ට්‍රැෆික් එනවා කියලා.


04. ලෝකයේ ඉන්න බහුතරයක් SMART පුද්ගලයින් උදේ නැගිට්ට ගමන්ම කරන්නෙ ඊමේල් චෙක් කරන එක. ඒ කිව්වෙ ඔයා ටාගටඩ් ඕඩියන්ස් කෙනෙක්ට යවන මේල් එකක් එයාට මිස් වෙන්නෙ නෑ.


05. ඊමේල් හරහා සිදු කරන ප්‍රොඩක්ට් සහ සේවා විකිණීම ඉතාමත් සාර්ථකයි. හේතුව ඒ ඒ මේල් ලිස්ට් වලට එකතු වෙන්නෙ ඒ ඒ සර්විස් එකට හෝ ප්‍රොඩක්ට් එකට කැමැත්තක් දක්වන අය නිසා. ප්‍රසිද්ධ සියළුම eCommerce Websites, Amazon, Ebay, සහ සොෆ්ට්වෙයා සමාගම් තමන්ගෙ සේල්ස් වල වැඩිම ප්‍රතිශතයක් සිදුකරන්නෙ විවිධ Promotions, Discounts, Coupons, අඩංගු Email Campaigns ටාගටඩ් විසිටර්ලට යවලා.


06. අන්තර්ජාලය තුල ඊමේල් වලින් එන ඔයාගෙ සේල්ස් සහ විසිට්ස් ප්‍රතිශතය පරිස්සම්. හේතුවක් කිව්වොත්, ඔයාට වැඩිම විසිට්ස් එන්නෙ ගූගල් එකෙන් කියමු. එකපාරටම එයාලා අලුත් අල්ගොරිතම් එකක්, අප්ඩේට් එකක් ගෙනාවා. ඔයාගෙ මොකක් හරි අවුලක් තිබිලා පෙනල්ටියක් සෙට් උනා. එතකොට මොකද වෙන්නෙ? ඔයාගෙ මහන්සිය අපතේ නේද?


ඉතිහාසය පුරාම අරන් බැලුවොත් ගූගල් අප්ඩේට්ස් නිසා පහර වැදුනු ගොඩක් ආදායම් මාර්ග තියෙනවා. Facebook, සහ වෙනත් සෝශල් නෙට්වර්ක් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. SEO, සහ Social Traffics ඉතාමත් වැදගත් වගේම බලවත්. නමුත් පරිස්සම අතින් ඊමේල් ලිස්ට් එක බලවත්. ගූගල් රෑන්ක් වලට හෙන ගැහිලා ගියත් ඔයාගෙ මේල් ලිස්ට් එක තියෙනකම් ඔයා වැටෙන්නෙ නෑ.


07. ඊමේල් එකක් ඩිලීට් නොකර තියාගෙන ඉන්න තාක්කල් බලන්න පුලුවන්. ඒත් ඇඩ්වර්ටයිසින් කරපු දෙයක්, ගූගල් හෝ ෆේස්බුක් වේවා, එක පාරයි. ටාගටඩ් අය අදාල වෙලාවෙ ඔන්ලයින් නොහිටියොත් ඇඩ් එක දකින්නෙ නෑ. ඒ නිසා වැඩි වැඩියෙන් සෙනඟ අතරට යවන්න නම් නැවත නැවත මුදල් යොදවලා කැම්පේන් කරන්න ඕනි. ඒත් මේල් එකක් කවදාහරි ලැබුන කෙනා ඕපන් කරනකම් ඉන්බොක්ස් එකෙ ඉඳියි බැබලි බැබලි. නැවත නැවත බලන්නත් පුලුවන්. ඒ කියන්නෙ Impression වලට ගෙවන්න ඕනි නෑ.

08. Search Engines වලින් ට්‍රැෆික් ගන්න නම් ඔයා ගූගල් වල පලවෙනි පිටු කිහිපය අතරෙවත් ඉන්න ඕනි. නැත්නම් මහන්සි වෙලා සෝශල් නෙට්වර්ක්ස් වල ශෙයා කරන්න ඕනි. මේල් ලිස්ට් එකක් තියාගෙන ඉන්න කෙනෙකුට ඒ කරදර නෑ. ටාගටඩ්, ලේසියි, පහසුයි සහ වියදම් අඩුයි.


09. Email අන්තර්ගතය සාමාන්‍ය ඇඩ් එකකට වඩා කෙනෙකුගෙන් අවධානය ගන්නවා. ඔයා අන්තර්ජාලයේ වැඩ කරලා පුරුදු කෙනෙක් නම් නිතර නිතර ඇඩ්ස් දකින කෙනෙක්. ඒ නිසා ඒ ඇඩ්ස් වලට ඔයාගෙ ඇස යන්නෙ නැතුව උවමනා තැන විතරක් තියාගන්න ඔයා පුහුණු වෙලයි ඉන්නෙ. ඒත් ඊමේල් එකක් ගැන හිතන්නකෝ? ඔයාගෙ ඉන්බොක්ස් එකට ආපු මේල් එකක් ඕපන් කලාම ඔයා පොඩ්ඩක් උඩින් පල්ලෙන් හරි බලනවා.


කොහොමද මේල් ලිස්ට් එකක් හදාගන්නෙ?


ඊමේල් ලිස්ට් එක ගොඩ නගාගන්න ඔයා පටන් ගන්න ඕනි ඔයා වැඩ පටන් ගන්න මොහොතේ ඉඳලාමයි. Email Address Capture කරගන්න ක්‍රම සහ විධි ගොඩක් තියෙනවා. ඔයාගෙම කියලා බ්ලොග් එකක් වෙබ් සයිට් එකක් තියෙනවා නම් ලේසිම ක්‍රමය Popup එකක් සෙට් කරන එක. බ්ලොග් හෝ වෙබ් අඩවියේ අන්තර්ගතය වටින ඕනිම කෙනෙක් ඒ මේල් ලිස්ට් එකට Subscribe වෙයි. එහෙමත් නැතිනම් Landing Page එකක් හදාගන්න පුලුවන්. මේ ගැන මම වෙනම විස්තරයක් ලියලා ඇති. මේල් ලිස්ට් එකක් හදාගන්න එක මම පියවරෙන් පියවර ලියන්නම් කාටත් තේරෙන විදියට.


හරි හමන් මේල් සර්විස් එකක් හොයාගන්න

මේක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනි දේ. අපිට බෑනෙ අපේ මේල් ලිස්ට් එකේ ඉන්න හැමෝටම එක්කෙනා ගානෙ ඊමේල් යවන්න? යවන මේල් ට්‍රැක් කරන්න, සහ ඇනලයිස් කරන්න? අපිට සිද්ධ වෙනවා ඒ සඳහා සේවා සපයන තැනක් සොයාගන්න.


Free Services

ඔයා හොයන්නේ Free Email Marketing Service එකක් නම් මගේ පළමු තේරීම තමයි MailChimp. උපරිම ග්‍රාහකයින් 2000ක් දක්වා සහ මාසිකව ඊමේල්ස් 12000ක් දක්වා සීමාවක් ඔබට මුලුමනින්ම නොමිලේ ලබාගන්න පුලුවන් හැමදාටම. ට්‍රයල් එකක් නෙවෙයි. ඒ වගේම ඔයාගෙ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට නොමිලේම පොප් අප් එකක් සෙට් කරගන්න පුලුවන්.


අංක දෙකට මම තෝරන්නෙ Zoho Mail. එයාලත් දෙනවා මුලුමනින්ම නොමිලයේ උපරිම ග්‍රාහකයින් 2000ක් දක්වා සහ මාසිකව ඊමේල්ස් 12000ක් දක්වා.


ඊලඟට ඉන්නවා SendinBlue. මාසෙකට යවන්න පුලුවන් ඊමේල් 9000යි. නමුත් අසීමිත ඊමේල් කන්ටෑක්ට් ප්‍රමාණයක් තියාගන්න පුලුවන්. ටෝටලි ෆ්‍රී.


Paid Services


නොමිලයේ දෙන පහසුකම් වල අපහසුකමුත් නැතුවාම නෙවෙයි. MailChimp හැරුණුකොට අනිත් Free ඒවා හිතේ හැටියට කස්ටමයිස් කරගන්න අමාරුයි. හැම මේල් එකකම වගේ Footer එකේ එයාලගෙ තොරතුරු ඇතුලත් කරනවා. ඊමේල් කන්ටෑක්ට් සහ මාසිකව යැවිය හැකි මේල් ප්‍රමාණය සීමා සහිතයි. ඉතින් ෆ්‍රී සර්විසස් වඩාත්ම ගැලපෙන්නේ පොඩියට පටන් ගන්න කෙනෙකුට.


ඒත් ඔයා කැමති නම් මුදල් ගෙවා මේ පහසුකම් ලබාගන්න ඉතාමත් පහසුවෙන් ඔබේ ඊමේල් මාකටින් වැඩ ටික කරගන්න පුලුවන්. Paid Services වලිනුත් මම මුලටම ගන්න කෙනා තමයි getresponse. මාසිකව $15ක් වගේ අඩු මුදලකට පටන් ගන්න පුලුවන්.


අංක දෙකට ඉන්නෙ Aweber. ගණන් අඩුම ප්ලෑන් එක මාසෙකට $19යි.


තුන්වෙනියා නැවතත් MailChimp Paid Plans. අඩුම $10කින් පටන් ගන්න පුලුවන්.


දැන් Traffic එක හදාගන්න

Email ලැයිස්තුව ගොඩනගා ගන්න නම් ඔයාගෙ කන්ටෙන්ට් එකට, ලෑන්ඩින්ග් පේජ් එකට, කොහේට නමුත් ඔයා ඊමේල් එකතු කරගන්න බලාපොරොත්තු වෙන තැනට කට්ටිය ගෙන්වාගන්න ඕනි. බල කිරීමකින් තොරව කැමති අයට ලිස්ට් එකට එකතු වෙන්න ආරාධනා කරන්න ඕනි.


ඉතින්, මෙහෙම කට්ටිය ගෙන්වා ගන්න ඔයාට පුලුවන් නොමිලේම Social Network Sites, Facebook, Twitter නැත්නම් YouTube, Reddit, මේවා භාවිත කරන්න. එහෙම නැත්නම් වඩාත් ප්‍රතිඵලදායක මුදල් ගෙවා ලබාගන්නා ඇඩ්වර්ටයිසින් පහසුකම් යොදාගන්න. Google Adword, FB and YT ads, සහ වෙනත්. මම බහුලව භාවිත කරන Free and Paid Traffic Sources ගැන වෙනම ලිපි ලියලා ඇති. ඒවත් බලන්න.

E-Mail Address එකතු කරගන්නෙ කොහොමද?


ඔයා ලඟට එන විසිටර් කෙනෙක් තමන්ගෙ ඊමේල් එක ඔයාගෙ ලැයිස්තුවට එකතු කරන්නේ අරමුණු දෙකක් වෙනුවෙන්. එකක් තමයි ඔයාගෙ Content එක හෝ Product එකට එයා කැමති නිසා ඉදිරියටත් ඒ වගේ ඒවා එයාගෙ ඉන්බොක්ස් එකටම ලබාගන්න එයා කැමති වෙනවා.


එහෙම නැත්නම් සමහර වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි වලට ගියාම ඊමේල් එක නොගහා ස්කිප් කරන්න බැරි කරදරකාරි ඊමේල් පොප් අප් වලින් අයින් වෙලා එයා කරන්න ගිය වැඩේ කරගන්න. මෙහෙම කරදර වලට ගොඩක්ම පැටලෙන්නෙ ඊබුක්, ෆ්‍රී සොෆ්ට්වෙයාස්, වගේ ඒවා ගන්න ගියාම.


අපි කවදාවත් බලෙන් ඊමේල් ඇඩ්‍රස් එකතු කරන්න ඕනි නෑ. අපේ විසිටර්ට ඕනි දේ අපෙන් ලැබෙනවා නම් එයා අපේ ලිස්ට් එකට එකතු වෙන්නෙ එයාගෙම කැමැත්තෙන්. අපි එයාට ඊමේල්ස් යවන්නෙත් එයාගෙ අවසරය පිට. ඉතින් මෙහෙම වදයක් නොවී ඊමේල්ස් එකතු කරගන්න තියෙන ක්‍රම මොනවාද?


Popup Windows


මේ තමයි ප්‍රසිද්ධම සහ වඩාත් කාර්යක්ෂම ම ක්‍රමය. ඔයාලා මුල්ම වතාවට වෙබ් හෝ බ්ලොග් අඩවියකට ගියාම ගොඩක් විට මතු උනා නේද ඊමේල් පොප් අප් එකක්? ඔයාට අදාල පේජ් එකේ අන්තර්ගතය ගැන වටහාගන්න කාලයක් දීලා මේ මතුවෙන පොප් අප් එක ඔයාට වදයක් වගේ නම් ටක් ගාලා ක්ලෝස් කරලා දාන්නත් පුලුවන්.


MailChimp මගින් නොමිලේම මේ වගේ පොප්අප් එකක් ඔයාගෙ වර්ඩ්ප්‍රෙස් එකටත් එකතු කරගන්න පුලුවන් නොමිලෙම, කඩ්ඩෙන් බැරිනම් මන්න පිහියෙන් උනත්. වඩාත් කස්ටමයිස්ඩ් සහ වෙනත් පහසුකම් සහිත පොප්අප් සර්විසස් තියෙනවා මුදල් ගෙවා ලබාගන්නවා නම්. ( උදාහරණ SumoMe, Sleeknote, Pippity, OptinMonster )


sarabhumi-email-popup.png


Side Bar ඊමේල් ෆෝර්ම්ස්

ඔයාගෙ සයිඩ්බාර් එකේ වෙනම ෆොර්ම් එකක් සෙට් කරගන්නත් පුලුවන්. මුලින් එන පොප් අප් එක ක්ලෝස් කරාට පස්සෙ කෙනෙක්ට හිතුනොත් ආයෙත් ලිස්ට් එකතු උනා නම් හොඳයි කියලා, අන්න එතකොට සයිඩ් බාර් එකෙත් ඊමේල් සබ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකක් තියෙන එක වටිනවා. ඔයාට පුලුවන් නම් පේජ් එක ස්ක්‍රෝල් කර කර පහලට යනකොට සයිඩ්බාර් එකෙත් පහලට ඔටෝ ස්ක්‍රෝල් වෙන Subscription විජිට් එකක් දාගන්න, මාරම Effective.

sidebar-email-subscription-form.png


Header Bars


මේකත් ඔයා පහලට ස්ක්‍රෝල් කරගෙන යන අතරෙ ඔටෝම පහලට එන ෆෝර්ම් එකක්. පෙන්නන්නෙ පේජ් එකේ උඩින්ම හෙඩ් බාර් එකක් විදියට. (උදාහරණ SumoMe වල Smart Bar , Viper Bar and Hello Bar)


sumome-smartbar_1.jpg



Inline Opt-In Forms


ඔයා ලියන බ්ලොග් පෝස්ට් එකක හෝ පේජ් එකක හෝ මුල මැද අග ඕනිම තැනක Email Subscription Form එකක් සෙට් කරන්න පුලුවන්. වඩාත්ම සුදුසු වෙන්නෙ ඉතින් අගට සෙට් කරන එක තමයි. ඔයාගෙ කන්ටන්ට් එක වැදගත් නම් සබ්ස්ක්‍රිප්ශන් ෆෝර්ම් එක අත ලඟ නම් ඔයාට තවත් විසිටර් කෙනෙක් ලැයිස්තුවට එකතු වේවි. ( උදාහරණ Bloom )

inline-opt-in-bloom_1.jpg


Contact Forms


ඔයාගෙම කියලා වෙනම Contact Form එකකට පේජ් එකක් වෙන් කරලා තියෙන්න ඕනි. ඔයාගෙ බ්ලොග් එකට වෙබ් එකට එන විසිටර් කෙනෙකුට ඔයාව සම්බන්ධ කරගන්න, ප්‍රශ්න ඇති උනොත් ඉදිරිපත් කරන්න සහ ඔයාගෙ ලිස්ට් එකට එකතු වෙන්න මේ කන්ටෑක්ට් ෆෝර්ම් එකත් ඔයාට උදව් වෙනවා.


Landing Pages


ඔයා Static Home Page එකක් තියාගෙන ඉන්නවා නම්, ආකර්ශණීය විදියට සකස් කරපු ඊමේල් සබ්ස්ක්‍රිප්ශන් ෆෝර්ම් එකක් අනිවා ඇතුලත් කරන්න. Static Home Page එකක් නැතත් ඔයාට පුලුවන් නොමිලයේම හෝ මුදල් ගෙවා ඔයාගෙම කියලා ලෑන්ඩින් පේජ් සකස් කරගන්න. මේ ලෑන්ඩින්ග් පේජ් වඩාත්ම වැදගත් වෙන්නෙ ඔයාගෙම කියලා ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ප්‍රොමෝට් කරන වෙලාවටයි.


මම නොමිලයේ සහ සරලව මේ ලෑන්ඩින් පේජ් හදාගන්නවා Mobirise කියන සොෆ්ට්වෙයා එක භාවිත කරලා. Free Landing Pages හදාගන්න ඕනි තරම් ක්‍රම තියෙනවා. නමුත් මුදල් ගෙවා ලබාගන්න කැමති නම් leadpages, Instapage වගේ සර්විස් එකක් තෝරාගන්න. එයාල සපයන ලෑන්ඩින් පේජස් වලින් එකතු කරගන්න ඊමේල්ස් ඔයාගෙ මේල් ලිස්ට් එකටම එකතු කරගන්න සලස්වන්න පුලුවන්. getresponse මගිනුත් බීටා මට්ටමේ Landing Page එකක් හදාගන්න පහසුකම් සලසනවා.


හරි දැන් මේල් ලිස්ට් එකත් පිරෙනවා. ඊලඟට මොකද කරන්නේ?


දැන් අපි කරන්න ඕනි දේ තමයි එකතු කරගත්ත අයව එලවාගන්නෙ නැතුව ඉන්න එක. ඒ සඳහා අපිට කරන්න තියෙන එකම දේ තමයි එයාලට අවශ්ය දේ සපයන එක. එයාලා අපේ මේල් ලිස්ට් එකට එකතු වෙන්නෙ තමන් කැමති ප්‍රොඩක්ට් එකක් ගැන ඉදිරියට විස්තර දැනගන්න, අලුත් ආටිකල් පිටවුන ගමන් දැනුවත් වෙන්න, නැත්නම් වෙනත් වුවමනාවක්, මෙන්න මේ දේ අපි අඩු නැතුව සපුරන්න ඕනි.


උදාහරණයක් විදියට සාරභූමි නිව්ස්ලෙටර් ලිස්ට් එකට ඔයාලා එකතු වෙන්නෙ ඇයි? අලුත් සහ ඔයා නොදන්නා අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම සහ විධි ගැන දැනුම එකතු කරගන්න නේද? අන්න ඒක මම දෙනවා. එතකන් ඔයාලත් මගෙත් එක්ක රැඳිලා ඉන්නවා.

සරල නමුත් ආකර්ෂනීය ඊමේල් කැම්පෙන් එකක්


ඔයා මේල් ලිස්ට් එකට සබ්ස්ක්‍රයිබ් උන අයට මේල් යවන්න පටන් ගන්නෙ දැන්. ඉතින් මෙහෙම මේල් එකක් සකස් කරද්දි සලකා බලන්න ඕනි කරුණු රැසක් තියෙනවා. මේල් ටෙම්ප්ලේට් එක ලස්සන වගේම සරල වෙන්න ඕනි හිටං. ඒ වගෙම ඉමේජ් භාවිතය සීමා කරන්න ඕනි. උපරිමය මුලු අන්තර්ගතයෙන් 20%ක් වගේ තියාගන්න.


Track and Analyze


හැම වෙලේම තමන්ගෙ ඊමේල් ලිස්ට් එකේ තත්ත්වය ගැන අවදානයෙන් ඉන්න. කී දෙනෙක් ඔයා යවන මේල් ඕපන් කරනවාද? බවුන්ස් එක කොහොමද? ඕපන් රේට් අඩු නම් වැඩි කරගන්නෙ කොහොමද? මේ හැම දෙයක්ම අධ්‍යයනය කරලා ඔයාගෙ සාර්ථකත්වය වැඩි කරගන්න පුලුවන් ඔයාටමයි.


අද දවසේ Internet එකත් සමඟ බැඳිලා ඉන්න SMART පරම්පරාවට Email කියන්නෙ ඇබ්බැහියක්. අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනි. ඒ වගේම හොඳම දේ විතරක් දෙන්නත් අපි වග බලාගන්න ඕනි.


මම ලියාගෙන ගියපු රෙෆ්ලා හදාගන්නේ කොහොමද කියන ලිපි පෙළ මෙතනින් ඉවරයි. නමුත් මේ හැම දෙයක් ගැනම කෙටියෙන් විස්තර කරලා තියෙන නිසා වැඩි දුර පැහැදිලි කිරීම් මගෙ අතින් ඉදිරියේදි ලියවේවි. හැමෝගෙම නැවත මතක් කරගැනීම පිණිස ඒ ඒ පියවරවල් කෙටියෙන් සඳහන් කරන්නම්.



  1. පලවෙනි එක ඔයා වටිනා කියන ආටිකල් එකක් ලියනවා ඔයාට ප්‍රොමෝට් කරන්න හෝ රිවීව් කරන්න වුවමනා දෙයක් ගැන.
  2. දෙවනුව ඒකට ට්‍රැෆික්, ඒ කිව්වෙ සෙනඟ ගෙන්න ගන්නවා.
  3. තුන් වෙනියට ඒ එන අයට ආරාධනා කරනවා ඔයාගෙ ඊමේල් ලිස්ට් එකට එකතු වෙන්න කියලා.
  4. අවසාන වශයෙන් ඒ එකතු වෙන අයත් සමඟ ඔයාගෙ ගමන යනවා.

නැගී එන අන්තර්ජාල ව්‍යවසායකයෙකුට තමන්ගේ ගමන ආරම්භ කරන්න සහ සාර්ථකත්වය ගොඩනගා ගන්න අන්තර්ජාතිකව පිළිගන්නා සාර්ථකම ක්‍රමවේදය තමයි මේ සරළව පියවරෙන් පියවර දක්වලා තියෙන්නේ. මගේ ලොකුම ආදායම් මාර්ගය වන Revshare ප්‍රෝග්‍රෑම් වලදි ඇඩ්වර්ටයිසින් කරන්න මම යොදාගන්නෙ මම විසින්ම හදපු ලෑන්ඩින් පේජ්ස්.


ඔයාගෙ සාර්ථකත්වය වගා කරගන්න ඕනි ඔයා විසින්මයි. ඒකට යන වෘත්තියම මාර්ගය මම පැහැදිලි කරලා දීලා තියෙනවා. යන නොයන එක ඔයාගෙ වැඩක්.


එතෙක් දැනගන්න තියෙන ඕනිම දෙයක් කමෙන්ට් එකක් විදියට අහන්න. නැත්නම් මාව බුකියෙන් කන්ටෑක්ට් කරගන්න.
 

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Blog ekata katiya enna epai email ganna matnam oka hari uana ekak na eth patta meka uba godak mahansi wwla tiyenwa me post eka danna patta rep++
     

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    Blog ekata katiya enna epai email ganna matnam oka hari uana ekak na eth patta meka uba godak mahansi wwla tiyenwa me post eka danna patta rep++

    Traffic ගන්න ක්‍රම සහ විධි මුල් ලිපි වල ලිව්ව සහෝ.