England Cricket Team

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශ්‍රී ලංකා ගැටුමට පෙර යාඩ්ලිට මානසික ආතතිය හැදේ
    Friday, 25 March 2011 09:00



    මිචෙල් යාඩ්ලි ගෙදර යයි

    මානසික ආතතියෙන් පෙළීම නිසා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් යාඩ්ලිද ශ්‍රී ලංකාව සමග තරගයට සහභාගී නොවී නැවත එංගලන්තය බලාගිය බව හෙළිවේ.

    මෙවර ලෝක කුසලාන තරග තුනකට සහභාගී වී යාඩ්ලි කඩුළු දෙකක් දවාගත්තද ඔහු වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබාදී තිබුණු අතර පිතිකරුවෙකු ලෙස ඉනිම තුනකදී ලබා තිබුණේ ලකුණු 19 ක් පමණි.

    ක්‍රීඩකයෙකුට මානසික ආතතිය වැළඳීම ඉතාමත් දරුණු දෙයක් බවත් එය විවෘතව ප්‍රකාශ කිරීමට යාඩ්ලිට ශක්තියක් තිබීම පිළිබඳව සතුටු වන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ක්‍රීඩක රවී බොපාරා පවසා තිබේ.

    එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ද මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වුවද සෞඛ්‍ය හේතුමත තරගාවලියෙන් ඉවත් විය.

    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය හෙට කොළඹදී පැවැත්වීමට නියමිතය.
     
    Last edited: