English Vinglish

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    220px-English_Vinglish_poster.jpg


    ඉංග්‍රීසි ඉගනීමෙහි සැබෑ අරුත

    කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්. ඉංග්‍රීසි කියන්නෙත් අද ලෝකයේ බහුලව පවතින අවශ්‍යතාවයක්. මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අපේ රට වගේ රටවල් වල මිනිස්සු විවිධ අවස්ථා වලදි හුඟක් අසරණ වෙනව ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නොදැනුවත් කම නිසා. සමහර විට අපි අතරත් එහෙම අත්දැකීම් තියන අය ඕන තරම් ඇති. ඒත් ඒක කොහෙත්ම ලැජ්ජාවට හේතුවක් නෙමෙයි. මොකද අපි කවුරුත් පරිපූර්ණ මිනිසුන් නෙමෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දන්න කෙනා නොදන්න කෙනාව සමච්චලයට ලක් කරන එක. එහෙම නොවී තමන් දන්න දේ අනිත් අයට කියා දෙන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකය කොයි තරම් ලස්සන වෙනවද. මේ ෆිල්ම් එක බලල ඉවර වුනාම ඔයාලට තේරෙයි කෙනෙක්ව ඒ විදියට මානසික පීඩාවට පත් කිරීම ඒ කෙනාට කොයි තරම් වේදනාවක්ද කියල. ඒ වගේ අවස්ථාවක තමන් වැඩ කරන්න ඕනෙ කොහොමද කියල මේ චිත්‍රපටයෙන් ඔයාලට හොඳින් පහදල දෙනව.
    අද කාලෙ එක එක අය ඉංග්‍රීසි ඉගන ගන්නව විවිධ දේවල් අරමුණු කරගෙන. ඒ අතර සමහරු ඉන්නව තමන්ට ඉංග්‍රීසි පුලුවන් කියල ලෝකෙට පෙන්වන්න ඉංග්‍රීසි ඉගන ගන්න අය, සමහරු ඉන්නව ඉංග්‍රීසියෙන් කතා කරල අනිත් අයව අපහසුතාවයට පත් කරන්න බලාගෙනම ඉංග්‍රීසි ඉගන ගන්න අය. ඔය වගේ එක එක ජාතියෙ කට්ටිය ඉන්නව. මේ චිත්‍රපට අවසානයේ ඔයාලට තේරුම් යයි තමන් මොන හේතුවක් නිසාද ඉංග්‍රීසි ඉගනගන්න ඕනෙ කියල.



    download here

    http://kat.ph/english-vinglish-dvdrip-xvid-1cdrip-ddr-t6846144.html
     
    Last edited: