2023-03-27 09:21:25
රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට IMF ණයෙන් කොටසක් ගන්නවා - බන්දුල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීමට යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රම වැටුප් ඇතුළු දීමනා ලබාදීම සඳහා රුපියල් බිලියන 196 ක් පමණ වැයවන බවත් අපේක්ෂිත ආදායම ඇත්තේ බිලියන 173 ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව රුපියල් බිලියන 23 ක පමණ හිඟයක් පවතින බවත් බහුපාර්ශවික ණය බිලියන 500 ක් ගෙවිය යුතු අතර මාර්තුු මාසය සඳහා රුපියල් බිලියන 500 ක පමණ හිඟයක් පවතින නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් මේ සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2023-03-27 09:59:29
උත්සව සමයේ වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් තීරණය කරයි
අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ වෙළඳපොල වැටලීම් මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් එස්.අයි. බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බව හා 3000 කට ආසන්න පිරිසක් මේ සඳහා යොදවා ඇති බවයි.
පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳපලේ පවතී නම්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
------
Post added on Mar 27, 2023 at 10:30 AM
2023-03-27 10:11:26
ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
T20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හඹාගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි T20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරධනා කළ අතර කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 258 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Johnson Charles ලකුණු 118 ක්, Kyle Mayers ලකුණු 51 ක් හා Romario Shepherd නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා.
දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Quinton de Kock ලකුණු 100 ක්, Reeza Hendricks ලකුණු 68 ක් හා නායක Aiden Markram නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා.
------
Post added on Mar 27, 2023 at 10:32 AM
2023-03-27 10:43:44
මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම අප්‍රේල් 3 දක්වා කල් යයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලකින් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ, මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නිදහස් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
------
Post added on Mar 27, 2023 at 10:45 AM
2023-03-27 11:11:25
තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහි උපවාසය ආරම්භ කෙරේ
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මේ වන විට කොළොන්නාව තෙල් නිමාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි වෘත්තීය සමිති සඳහන් කරන්නේ.
------
Post added on Mar 27, 2023 at 11:12 AM