Estimate එකක්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    අඩි 11 සමචතුරස්‍රාකාර කාමරයක සිවිලිම ගහන්න, බිම ටයිල් කරන්න, ජනෙල් 3ක් දාන්න සහ දොරක් දාන්න සාමාන්‍යයෙන් කීයක් විතර යයිද?
    මහා ලොකු quality එකෙන් ඕන නැහැ, හැබැයි ඉතින් හොදට වැඩේ වෙන්න ඕන... :)

    loan නම් බෑ අම්මෝ... මන්ම savings කරලා කරන්න යන්නේ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    හප්පා.... හිතුවට වඩා වැඩි වගේනේ
    මාස 3ක salary :sorry:

    ලක්ෂයකට අඩුවෙන් ශේප් කරගන්න පුලුවන් මොන ටිකද මන් දාපු හතරෙන් :dull:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,962
    73,838

    ඕන ටික මුලින් කරපන්, ජනෙල්, දොරවල් නැතුව ඉන්න බෑනේ. ඒ ටික දාපන්. පස්සෙ සිවිලිම/ටයිල් කරන එක කරපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,117
    24,159
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හප්පා.... හිතුවට වඩා වැඩි වගේනේ
    මාස 3ක salary :sorry:

    ලක්ෂයකට අඩුවෙන් ශේප් කරගන්න පුලුවන් මොන ටිකද මන් දාපු හතරෙන් :dull:
    tile tikata 70k withara yayi. double layer tile කැට දාල.

    දොර ජනෙල් නම් අනිවාර්යෙන් ඕන නෙ. ඇලුමිනියම් බලන්න. එහෙම නැත්තම් පරණ උලුවහු ගලෝපු තැන් වල අඩුවට කොලිටි බඩු තියේ.

    සිවිලිම් මැලේෂියන් එල්ලෙන සිවිලිම. සිවිලිම් නැතුවත් ඉන්නව පුලුවන්නෙ. මතක විදියට වර්ග අඩියට 110.00 ක්
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    සිවිලිම් මැලේෂියන් එල්ලෙන සිවිලිම. සිවිලිම් නැතුවත් ඉන්නව පුලුවන්නෙ. මතක විදියට වර්ග අඩියට 110.00 ක්
    වර්ග අඩියට 110ක් කියන්නේ,
    11 X 11 = 121 X 110 = 13,310
    මෙහෙමද ගනන් හදන්නේ?

    එතකොට 20-30න් ශේප් කරගන්න පුලුවන්ද :rofl:

    සිවිලිම නම් ඕන... ඇස්බැස්ටෝඩ් තියෙන්නේ වහලේ, ආයේ ඉතින් මීයෝ, සර්පයෝ එනවා, උන් වැටුනොත් එහෙම ඉවරයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    mn tile demma den 2years wage wenawa laskayak wage gya bn tile tika vithrak gannath (adi 10 X 12 kamare)
    9-5 කරනවා කියන්නේ ඉවරයිනේ ඕයි... අනේ මන්දා... :baffled:
    ඉන්න ගෙදරක් තියෙන නිසා හොදයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,117
    24,159
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වර්ග අඩියට 110ක් කියන්නේ,
    11 X 11 = 121 X 110 = 13,310
    මෙහෙමද ගනන් හදන්නේ?

    එතකොට 20-30න් ශේප් කරගන්න පුලුවන්ද :rofl:

    සිවිලිම නම් ඕන... ඇස්බැස්ටෝඩ් තියෙන්නේ වහලේ, ආයේ ඉතින් මීයෝ, සර්පයෝ එනවා, උන් වැටුනොත් එහෙම ඉවරයි
    ඔව්. එල්ලන සිවිලිමට ඔය ගාන වගේ යයි. අපි මහන්සි උනොත් අපිටම ගහන්න පුලුවන්. ලෙවල් කරල, ක්ලිප් ගහල ශීට් ටික දාන්න තියෙන්නෙ.
     
    • Love
    Reactions: Cole Phelps

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    ඔව්. එල්ලන සිවිලිමට ඔය ගාන වගේ යයි.
    එහෙනම් අවුලක් නැහැ, එලම
    25ක හොද earbuds දෙකක් ගන්න ගියේ, දැනට හොද earbuds එකක් තියාගෙන :sorry:
    ඒ අනවශ්‍ය වියදම අයින් කරලා මේක කරගන්නවා මුලින්ම :):love:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,894
    15,395
    113
    New Zealand
    උලින්ම ජනෙල්, දොරවල් දාගෙන ඉදපන්. ඊටපස්සේ සිවිලිම ගහපන්. දැනටමත් ඇස්බැස්ටස් සිවිලිමක් තියනවා නම් ඒකේ මැද දිගට හරහට පටි ඇදලා තියනව නම් ඒවා විතරක් ගලවලා තනි සිවිලිමක් වගේ පේන්න හදන්න පුලුවන්. ඒ වැඩේට හොද පොටි ඇදලා , පේන්ට් එක සුපිරියට ගහලා දෙන බාස් කෙනෙක් අල්ල ගන්න. ඇස්බැස්ටස් සිවිලිමක් තියනව නම් ෆොටෝ දාපන්. කරන හැටි කියලා දෙන්නම්.
    එහෙම නැත්නම් උබ එල්ලෙන සිවිලිමක් ගහපන්. උබට වැඩක් නීට් එකට කර ගන්න පුලුවන් නම් සිවිලිම උබට තනියම ගහගන්නත් පුලුවන්.
    සීවිලිම ගැහුවට පස්සේ ටයිල් අල්ලපන්. ටයිල් අල්ලනව නම් හොද කොලිටි ටයිල් එකක් අල්ලපන්. අඩුවට තිබුන පලියට උස්සගෙන එන්න එපා. අන්තිමට ටයිල් උඩට ඉස්සෙනවා. පැලෙනවා , පාට අඩු වෙනවාවගේ කේස් එනවා. ලංකා ටයිල්, රොසෙල් වගේ එකකින් ගත්තොත් උබේ ටයිල් එක ඩැමේජ් උනත් ළගම බ්‍රාන්ච් එකෙන් ඒ ජාතියෙම ටයිල් එකක් ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: Cole Phelps

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,956
    8,348
    113
    අඩි 11 සමචතුරස්‍රාකාර කාමරයක සිවිලිම ගහන්න, බිම ටයිල් කරන්න, ජනෙල් 3ක් දාන්න සහ දොරක් දාන්න සාමාන්‍යයෙන් කීයක් විතර යයිද?
    මහා ලොකු quality එකෙන් ඕන නැහැ, හැබැයි ඉතින් හොදට වැඩේ වෙන්න ඕන... :)

    loan නම් බෑ අම්මෝ... මන්ම savings කරලා කරන්න යන්නේ
    වර්ග අඩි 11?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    උලින්ම ජනෙල්, දොරවල් දාගෙන ඉදපන්. ඊටපස්සේ සිවිලිම ගහපන්. දැනටමත් ඇස්බැස්ටස් සිවිලිමක් තියනවා නම් ඒකේ මැද දිගට හරහට පටි ඇදලා තියනව නම් ඒවා විතරක් ගලවලා තනි සිවිලිමක් වගේ පේන්න හදන්න පුලුවන්. ඒ වැඩේට හොද පොටි ඇදලා , පේන්ට් එක සුපිරියට ගහලා දෙන බාස් කෙනෙක් අල්ල ගන්න. ඇස්බැස්ටස් සිවිලිමක් තියනව නම් ෆොටෝ දාපන්. කරන හැටි කියලා දෙන්නම්.
    වහලේ ලස්සනක් ඕන නැහැ... අර ඇස්බැස්ටොස් හොද නැහැ කියන නිසා මන් බැලුවේ ඒක prioritize කරන්න

    එහෙම නැත්නම් උබ එල්ලෙන සිවිලිමක් ගහපන්. උබට වැඩක් නීට් එකට කර ගන්න පුලුවන් නම් සිවිලිම උබට තනියම ගහගන්නත් පුලුවන්.
    මේකට මුලින්ම යන්න බැලුවේ... පහල ඉදන් පටන් ගන්නවට වඩා සිවිලිමේ ඉදන් උඩ ඉදන් එන එක හොදයිනේ