ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ


    ETCA නමින් ඇත්තේ කුප්‍රකට CEPA ගිවිසුමේම දිගුවක් බව දැන් නොරහසකි.
    2002 සිටම විවිධ ආණ්ඩු පැවතියත් මේ ඉන්දු ලංකා ගිවිසුම පිටුපස සිටින ආර්ථික විශේෂඥයන් යැයි කියන උපදේශකයන් වෙනස්වී නොමැත.

    Asarthaka.jpg



    • [*]ආචාර්‍යය සමන් කැලේගම...
      [*]මහාචාර්‍ය රොහාන් සමරජීව..
      [*]ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි..

    මෙයින් සමන් කැලේගම සහ රොහාන් සමරජීව යන මහත්වරුන් දැන් දශක එක හමාරක පමණ කාලයක් තිස්සේ නොයෙක් රජයන් හරහා මේ ඉන්දු ලංකා ගිවිසුම සඳහා වෙහෙසෙති.
    ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කුප්‍රකට බෙදුම්වාදිනියක වන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයා වන අතර මොහු ඇමරිකාවේ කොටි රාජ් රාජරත්නම්ගේ ගැලියම් සමූහයේ විශේෂ උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

    අරුමය වන්නේ දැනට ක්‍රියාත්මකව පවතින ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම සම්පූර්ණ අසාර්ථක බව උප්පු වී තිබියදී එය පිටුපස සිටි "අර්ථික ඔස්තාර්ලා" ලෙස පෙනී සිටි මේ අසාර්ථක උපදේශකයන් තව දුරටත් මේ අලුත් ගිවිසුම්වලත් උපදේශකයන් ලෙස තෝරාගැනීමයි.
    එසේ වන්නේ කෙසේද? ආණ්ඩු 3ක් මාරු වෙද්දීත් මේ උපදේශකයන් තම කාර්‍ය දිගින් දිගටම කරගෙන යන්නේ මොවුන් ඒ කාර්‍යට තෝරාගන්නේ අපේ රටේ උවමනාවට නොව ඉන්දියාවේම උවමනාවට නිසා විය නොහැකිද?
    අද ඔවුන්ගේ භාවිතාව විසින් ඔප්පු කරමින් තිබෙන්නේ එය නොවේද?
    ගිවිසුම පසුපස පසුගිය කාලය පුරාම මේ කුප්‍රකට චරිත සිටීමෙන් පැහැදිලි වන්නේ සතුරා සිටින්නේ අපට ඉදිරියෙන් පමණක්ම නොවන බව නොවේද? සතුරාද සතුරාගේ ඒජන්තයන්ද වරෙක මිතුරු වෙස් ගෙන ,වරෙක ප්‍රබුද්ධ වෙස් ගෙන තවත් වරෙක විශේෂඥ වෙස් ගෙන අපව ග්‍රහණයට ගෙන ඇති බව නොවේද මේ හෙළි වන්නේ?

    සටහන : කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     
    Last edited: