Ethical hacker කෙනෙක් වෙන හැටි

blogshan

Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    Ethical hacker කෙනෙක් වෙන හැටි

    ethical+blog.jpg

    හැකිං (hacking) කියා හඳුන්වන්නේ නීතියම අයිතිවාසිකමකින් තොරව, තොරතුරු පද්ධතියක වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රන්‍ය මඟහැර ගොස්, එම පද්දතියට ඇතුළුවීමයි. මෙය සෑම රටකම පාහේ නීති විරෝධීය. එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නීතිමය අවසරයක් ඇතිව, දැනට තොරතුරු ජාලවල ඇතිවී තිබෙන දෝෂ මඟහැරවීමේ උපක්‍රමයක් වශයෙන් එහි ආරක්ෂක යාන්ත්‍රනය මඟහැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (ethical hacking) කියන්නේ එයටයි.


    ඔබටත් මේ ආකාරයේ හොඳ හැකර් කෙනෙකු වීමට අවශ්‍යනම් මෙහි පහළ සඳහන් කර ඇති අයුරින් වැඩ කරන්න. ඔබ සාර්ථක වෙනු නියතයි.

    1. කැපවීම:-
    එතිකල් හැකර් (Ethical hacker) කෙනෙකු වීමටනම් කැපවීම අත්‍යාවශ්‍යයි. මුදල් නිසාවෙන් කිසිම නරක පැතිකඩකට යොමු නොවන්න. ඔබ ඇත්තටම කැමතිනම් පමණක්, දිගටම ඔබේ විශය හදාරන්න.

    2. කියවීම:-
    පොත්ගුල්ලෙක් බවට පත්වෙන්න. පරිගණකය සහ එහි නිර්මාණ ශිල්පය පිළිබඳව ඇති පොත්පත් කියවීමට පටන් ගන්න. පරිගණක ආරක්සාව සහ එතිකල් හැකින් පිළිබඳව ඇති පොත් මිළට ගන්න.

    3. හැකර් කරුවන් යමක් තුලට කෙසේ ඇතුලුවූවාද කියා දැනගන්නා අයුරු:-
    මෙම ගැටළුව පිටුපස ඇත්තේ කුමන දෝෂයද කියන එක නොදැන ඔබට මෙම ගැටළුවට මුහුණ දිය නොහැක. එමනිසා ඔබට හැකර් කරුවන්ගේ විධික්‍රමයන් ඉගෙන ගැනීමට සිදුවෙනු ඇත.

    4. ක්‍රමලේඛණයන් (Programming) සහ පිටපත් (Scripting) ලිවීම:-
    කුමන හෝ ක්‍රමලේඛණ භාෂාවක් ඉගෙන ගන්න. හේතුව ඔබට බොහෝවිට පද්ධතිය බිද ඇතුලට යාමට අවශ්‍ය වන අතර එයට ඔබට කේතාංග (codes) ලිවීමට සිදුවේ. එමෙන්ම ඔබට පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබාගැනීමටනම් එයටත් ඔබ ක්‍රමලේඛණ භාෂාවක් දැනගෙන සිටිය යුතුයි. දැන් ගැටළුවක් එන්න පුලුවන් මොන භාෂාවද හොඳ කියලා. මම පෞද්ගලිකවම C භාෂාවට (C language) එකට කැමතියි. ඒක බලවත් වගේම, ඉගෙන ගැනීම අතින් ඉතා පහසු ක්‍රමලේඛණ භාෂාවක්. සමහර අය වඩා කැමති වෙන්නේ පයිතන් (Python) ක්‍රමලේඛණ භාෂාවට. මේ කිනම් හෝ ඔබ කැමති භාෂාවක් තෝරාගෙන අධ්‍යනය කල පසු, ඔභට අනිත් භාෂාවන් තේරුම් ගැනීමට වැඩි අපහසුවතාවයක් දැනෙන්නේ නැහැ. අන්තර්ජාලයේ නොමිලේ මේ පිළිබඳව පාඩම් කියා දෙන වෙබ් අඩවි ඕනෑ තරම් දක්නට ලැබෙනවා.

    5. ලිනක්ස් (Linux):-
    ඔබට එතිකල් හැකර් කෙනෙකු වීමට අවශ්‍යනම්, මේ තමයි වෙලාව වින්ඩෝස් (windows) මෙහෙයුම් පද්ධතියෙන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට මාරුවෙන්න. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සමඟ වැඩ කරන අයුරු ඉගෙනගන්න.

    6. බැක්ට්‍රැක් (BackTrack) ලිනක්ස් ව්‍යාප්තිය:-
    බැක්ට්‍රැක් ලිනක්ස් තමයි තීක්ෂණ බුද්ධිය යොදාගනිමින් ලිනක්ස් සමඟින් පර්යේෂණයන් වල යෙදෙන්න තියෙන ජනප්‍රිය එක් මෙහෙයුම් පද්ධතියක්. මෙම බැක්ට්‍රැක් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ආරක්ෂක අතින් කරනු ලබන ආක්‍රමණයන් වලටයි. එය සතුව ආරක්ෂක වෘත්තීයවේදියන් භාවිතා කරනු ලබන සියලුම වාගේ තීක්ෂණ බුද්ධියෙන් නිර්මාණය කරනු ලැබූ මෙවලම් (tools) අඩංගුය.

    7. එතිකල් හැකර් කෙනෙකු වශයෙන් සහතිකයක් ලබාගන්න:-
    සමහර ආයතනයන් වලදී නවකයන් බඳවා ගැනෙනුයේ ආරක්ෂක සහතිකය ඇතිදැයි බැලීමෙන් පසුවයි. ඔබට ලඟම ඇති පරිගණක පුහුණු ආයතනයකින් ඔබට පුලුවන් එතිකල් හැකින් සහතිකපත්‍රයක් ලබාගන්න. එමෙන්ම "CEH","OSCP","security certifications" යන ඒවා ගූගල් (Google) හි මෙම යෙදුම් සෙවුම් කිරීම මඟිනුත් ඔබට යම් ආකාරයක අවබෝධයක් ලබා ගත හැක. කෙසේ වෙතත් ඔබ සතුව උනන්දුව, කැපකිරීම සහ විශ්වාසය ඇත්නම් ඔබට ව්‍යාපාරයකට සම්භන්ධ වීමට සහතියක් අවශ්‍ය නොවෙනු ඇත.

    8. ෆෝරම්ස් (Forums):-
    ආරක්ෂක හෝ එතිකල් හැකින් පිළිබඳව හෝ ඒ සම්භන්ධව ඇති ඕනෑම ෆෝරම් එකකට සම්භන්ධ වෙන්න.


    For more - www.sirkinaa.blogspot.com