Everyone Must Read...

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    307872_365691026840832_1751434320_n.jpg





    අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම, මනෝවිද්‍යාවේ අභිධාර්මික කරුණු හා විඥානය පිළිබඳ අධ්‍යයනය සඳහා විවරණයක් සපයයි. බොහෝ විද්‍යාඥයෝ බුදුදහමේ ආගමික මුහුණුවර හා අභිධාර්මික කරුණු හා විද්‍යාත්මක ක්‍රමවේදය වෙන්කර දැක්වුවද බුද්ධ ධර්මයේ සමහර දේශනා තුළ පරිණාමය, ක්වොන්ටම් වාදය හා අජටාකාශ විද්‍යාව සම්බන්ධ කරුණු සමඟ සම්බන්ධතා පවතී. කෙසේ වුවද බුදුදහම හා විද්‍යාත්මක විමර්ශන අතර සාමානතා හඳුනාගෙන තිබේ.
    බුදුදහම පිළිබඳ විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත

    පරමාණුව සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් ‍බෝර් මෙසේ පවසා ඇත. “පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ, අපි නළුවන් ‍හා ප්‍රේක්ෂකයන් ලෙස දරණු ලබන චරිත අතර සහ එහි සම්බන්ධතාවය ගොඩනැඟීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය”.

    1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යාව හා මිනිස් දැනුම, බ්‍රිතාන්‍ය ගණිතඥ, දාර්ශනවාදී හා නොබෙල් ත්‍යාග හිමිකරුවකු වන ඇල්ෆ්‍රඩ් ‍නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන ‘ප්‍රින්ජිරියා, මැතමෙටිකා’, ග්‍රන්ථයේ බර්ට්‍රන්ඩ් රසල් හා සමකතෘ) මෙසේ පවසා ඇත.

    “බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි”

    බර්ට්‍රන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාගලාභියෙකු මෙසේ පවසා ඇත.

    “බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසාන‍යේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් මනස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වඩා වැදගත් වන්නේ කුමක්ද? මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්වය කුමක් ද? වැනි සිත් ඇදගන්නා සුළු ගැටළු වලට පිළිතුරු ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටළු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජයග්‍රහණය ලැබෙන්නේ මනසටයි”.

    ඇමරිකානු‍ භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබඳ මූලධර්මය පැහැදිලි කරමින්

    “ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නොවෙනස්ව පවතී දැයි ඇසුවහොත් එයට පිළිතුර ‘නැත’ යන්නයි. ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම කාලයත් සමඟ වෙනස් වේදැයි ඇසුවහොත් එයට පිළිතුරද ‘නැත’ යන්නයි. මිනිසාගේ මරණින් මතු ජීවිතය පිළිබඳ කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරු සපයන ලදි.

    හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක.

    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන විඳීම් හට ගනී
    වේදනා පච්චයා තණ්හා - විඳීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳී යයි
    උපාදාන පච්චයා භචෝ - බැඳී යාම හේතු කොට උපත පිණිස කර්ම විපාක සකස් වේ
    භව පච්චයා ජාති - උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි
    ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ග

    බුදු දහමට අනුව පුනර්භවය

    බුදු දහමේ එන ත්‍රි-ලක්‍ෂණයට අනුව ලෝකයේ යථා ස්වරුපය අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වේ. එනම් (ආත්ම) නමින් සදාකාලිකව පවතින දෙයක් නොමැත. එම නිසා සිත යනු ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි පරම්පරාවකි. එය විඥ්ඥාණය නම් වෙයි. විඥ්ඥාණය යනු පංචේන්දියන්ට ග්‍රහණය වන දෙයයි.

    බුදු දහමට අනුව පුනර්භවයෙදී ඊලඟ භවයට ගෙන යන්නේ මෙම සිතුවිලි පරම්පරාවේ අවසාන විඥ්ඥාණ අවස්ථාව සහ රැස් කරන ලද කර්මයයි

    මේ අන්දමින් බලන කල මිනිස් සිරුරක් කපා නොබලා තම බුද්ධ ඥාණය උපයෝගී කර ගනිමින් ශරීරය සෑදී ඇති අන්දම මෙලෙස විස්තර කිරීම පුදුම සහගතය.

    රෝග ගැන බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය මග්ගයේ රෝග සූත්‍රයේ මෙසේ සඳහන් කර තිබේ.” මහණෙනි රෝග නම් දෙවර්ගයකි. එනම් කායික රෝග සහ චෛතසික රෝග හෙවත් මානසික රෝගයි. මහණෙනි, කායික රෝගයෙන් අවුරුද්දක් නිරෝගී බව දක්වන, අවුරුදු දෙකක්, තුනක්, හතරක්, දහයක් සියයක් නිරෝගී බව පළ කරන කෙනෙකුන් දක්නට සිටින නමුත් චෛතසික රෝගයන්ගෙන් මොහොතක්වත් නිරෝගී යැයි පළකරන, රහතුන් වහන්සේලා හැර වෙනත් සත්වයෙක් නැත.

    සිග්මන් ප්‍රොයිඩ් නැමැති මෑත කාලීන බටහිර මනෝ විද්‍යාවේ පියා සඳහන් කරන අන්දමට සෑම පුද්ගලයෙක්ම නියුරෝසියාව (සුළු මානසික රෝග) නැමැති රෝගයෙන් පෙළෙන බව සඳහන් කිරීමෙන් ඉහතින් කී බුද්ධ වචනය කොතරම් සත්‍යදැයි පැහැදිළි වෙයි.

    අංගුත්තර නිකායේ එන ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යටතේ බුදුන් වහන්සේ මෙසේ දේශනා කර තිබේ. මහණෙනි මෙම කයේ විවිධ ආබාධ උපදිති. ඒවා කායික රෝග හතළිස් අටක් වශයෙන් විස්තර කර ඇත.

    රෝග ගැන පමණක් නොව රෝග නිධාන ගැන මෙන්ම මනා ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කාරණා 5ක් බුදුන් වහන්සේ දේශනා කරන ලදී. එනම් එහි සිංහල තේරුමගෙන බැලූවිට, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, ශරීර සෞඛ්‍යයට ගැලපෙන ඉඳුම් හිටුම් පැවතුම් හා ව්‍යායාම, සෘතුවලට ගැලපෙන පරිදි ඇඳුම් පැළඳුම් ආහාර ජලය පාවිච්චිය, නිවැරදි පුද්ගලයන් ඇසුරු කිරීම අධ්‍යාත්මික දියුණුව ඇති වන අන්දමට කටයුතු කිරීම ඒවා වේ.

    කායික රෝගවලට ප්‍රතිකාර රාශියක් විනය පිටකයේ මහාවග්ග පාලියෙහි සෙජ්ඣක්ඛකයේ සවිස්තරව දේශනා කර තිබේ. එහි එන සමහර ප්‍රතිකාර ක්‍රම අදටත් ආර්යුවේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රකටව භාවිතා කරයි.

    දත් රෝග හා මුඛ රෝග සම්බන්ධව චුල්ලවග්ග පාලියෙහි සහ අංගුත්තර නිකායේ දන්නකට්ඨි සූත්‍රයේ විස්තර කර තිබේ.

    බුදුන් වහන්සේ රෝගවලට ප්‍රතිකාර පමණක් නොව රෝග වළක්වා ගන්නා විධිහෙවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමද දේශනා කර තිබේ. මහාවග්ග පාලියෙහි සේනාසනන්ඛන්ධකයේ මේවා සඳහන් වේ. බුදුන් වහන්සේ විසින් විවිධ මනෝචිකිත්සක ක්‍රම භාවිතා කරමින් මනුෂ්‍යයාට පිහිට වූ හැටි ඉතා චමත්කාරය. එම අවස්ථා අතුරින් තම දරුවා මිය ගිය බව නොපිළිගත් කිසාගෝතමීය. තම සිත එක්තැන් කරගෙන භාවනා කළ නොහැකි වූ නන්ද තෙරුණ්, චුල්ලපන්ථක තෙරුණ් ඊට නිදසුන්ය.

    ජාතක කතා පොතේද මානසික රෝග සහ මනෝ චිකිත්සක ක්‍රම උපයෝගී කරගත් අවස්ථා බොහෝ සුලභය.

    බටහිර වෛද්‍ය විද්‍යාවේ අත් සෝදා ගෙන ශල්‍යකර්ම කිරීමෙන් ශල්‍යකර්ම තුවාලවල ආසාදන තත්ත්වය පැහැදිළිවම අඩුකරගත හැකි බව දැනගෙන දැනට වසර පන්සියක් පමණ වේ. නමුත් බුදුන් වහන්සේ “අත්සේදූ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස මා සූදානම්ව සිටින්නමියි. සඳහන් කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු 2500කට පෙරද උන්වහන්සේ එහි වටිනාකම අවබෝධ කරගෙන තිබූ බවයි.

    මෙලෙස බලන කළ බටහිර වෛද්‍ය විද්‍යාවේ අදට පරීක්ෂණ මඟින් ඔප්පු කළ සහ අනුමාන කළ දත්ත සියල්ලක්ම පාහේ බුද්ධ ධර්මය තුළ පැහැදිළිවම සාක්ෂාත් කරගෙන තිබේ.​

    Source : https://www.facebook.com/photo.php?....304203129656289.72251.289518171124785&type=1
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    බුදු බණ දාන වෙලාවල් වලට ගත්තු තැන හරියට දාපන් මචන්! එත කොට අපිටත් ඒක ෆලෝ කරන්න පුළුවන්. ඒ නැතත් මේක ලියපු එකා මේක දැක්කම උඹේ හත්මුතු පරම්පරාවටම බණිනවා නෙ.....
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    බුදු බණ දාන වෙලාවල් වලට ගත්තු තැන හරියට දාපන් මචන්! එත කොට අපිටත් ඒක ෆලෝ කරන්න පුළුවන්. ඒ නැතත් මේක ලියපු එකා මේක දැක්කම උඹේ හත්මුතු පරම්පරාවටම බණිනවා නෙ.....

    damma machn... :)
     
    • Like
    Reactions: |MadMan|

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    වංශේ කබල් ගානවා වගේ..
    ප්‍රගතියක් නෑ නමුත් හැම දාම 2500 තමයි..

    But the good thing is that there is no hidden almighty or Messenger in it... :P:P:P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Originally Posted by bigtop
    වංශේ කබල් ගානවා වගේ..
    ප්‍රගතියක් නෑ නමුත් හැම දාම 2500 තමයි..

    ඉතින් ඔයාට පාන්ද ??:P:P