exam පිරිත් පැන් කාල 50යි ! නූල 100යි !! පෑන 200යි !!!

akila104

Member
May 25, 2014
26
2
0
exam පිරිත් පැන් කාල 50යි ! නූල 100යි !! පෑන 200යි !!!

අපොස උසස් පෙළ විභාගය අතළඟය. ටියුෂන් ලෝකයේ අතරමං වූ නංගිලා මල්ලිලා ගජරාමෙට විභාගයට ලක ලෑස්ති වෙමින් පවතී. සමහරෙක් මේ වන විටත් පාඩම් කොට අවසන් ව කකුල් දෙක මේසේ උඩ තියා ටී.වී. බලනවා විය හැකිය. තවත් සමහරෙක් මෙලෝ සිහියක් නැතිව පාස් පේපර්වලට නැවත නැවත ලියමින් සිටිනවා විය හැකිය.
එසේම තවත් සමහරෙක් ටිකක් පාඩම් කොට ඉතිරිය දෙවියන්ට හා බුදුන්ට මෙන්ම පන්සලේ බෝධියට කැපකරනවා විය හැකිය. තවත් අයෙක් මේ දිනවල මාර්කට් වූ විභාගයට සකස් කළ සුපිරි පිරිත් පැන් හා පිරිත් නූල්වල පිහිට ප්‍රාර්ථනාවෙන් ඒවා මිලදී ගන්නවා විය හැකිය.

මේ දිනවල මාර්කට් වූ යනුවෙන් සඳහන් කළේ වෙනදා පන්සලකට ගිය විට නොමිළයේ ලැබෙන පිරිත් පැන් ටික පිරිත් නූල වෙළඳපොළ ක්‍රමය විසින් මොඩිෆයි කර විකීණීමට සූදානම් කර තිබෙන ඒවා ගැනය.

අර පිරිත මේ පිරිත ලක්ෂවාරයක් ජීවන් කරන ලදැයි කියමින් මෙසේ සකස් කරන ලද පිරිත් පැන්, පිරිත් නූල් හා බෝල්ඩ්පොයින්ට් පෑන්ද ගජරාමෙට පානදුර ප්‍රදේශයේ විහාරස්ථානවල විකිණෙමින් පවති. පානදුර ප්‍රදේශයේ සිටින ලියුම්කාරියගේ හිතමිතුරෙකු පවසා සිටියේ පානදුර ප්‍රදේශයේ එක්තරා ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමක් මෙම වැඩේ ආරම්භ කළ බවත් ඉන් අනතුරුව අනෙක් විහාරස්ථානයන්ද එය අනුගමනය කළ බවත්ය.

එහිදී සිදුවන්නේ එළඹෙන අපොස උසස් පෙළ විභාගය සදහා යැයි පවසා සකස් කළ පිරිත් පැන් බෝතල් කාලක් රුපියල් 50 ගණනේද, පිරිත් නූලක් රුපියල් 100 ගණනේද පිරිත් කරන ලද පෑනක් රුපියල් 200 ගණනේද විකිණීමයි. පළමු විහාරස්ථානයේ මෙම භාණ්ඩවලින් අදාළ ව්‍යාපාරික කටයුත්ත ආරම්භ කළ අතර පසුව මෙයට අත ගැසූ අනෙක් තැනක මෙයට ගණදෙවි සුරය හා ගණදෙවි යන්ත්‍රද එක්කරනු ලැබීය. මේ දිනවල පානදුර ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අදහස් කරන බොහෝ සිසුන් හා මාපියන් මේවා මිලදී ගන්නා බවද හිතමිතුරා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රශ්තුතයට පෙර එක් දෙයක් පැවසිය යුතුය. ලංකාවේ ආධ්‍යාපන ක්‍රමයට අනුව නම් කුමන හෝ මානසික ධාරාවක සිට කටපාඩම් කර ලිවීම හැර විභාග ගොඩයන්නට වෙනත් කිසිදු මඟක් නොමැති බවය. ඒ ලංකාවේ අධ්‍යාපනය සකස්ව ඇති ආකාරය. ඔබ උපතින් බුද්ධිමත් වුවත් ඔබ සමාජගත වීමෙන් බුද්ධිය මුහුකුරා ගියත් ලංකාවේ අධ්‍යාපනයෙන් ඔබ බුද්ධිමත් වන්නේ යැයි පවසන්නේ නම් ඒ තරම් මුසාවක් තවත් නොවන්නේය. එය බාලාංශයේ සිට උපාධිය මෙන්ම පශ්චාත් උපාධිය දක්වාම එක ලෙස බලපැවැත්වෙන්නකි. මෙකී සත්‍ය යේ පිහිටීමට ඔබ අසමත් වන්නේ නම් ඔබ තෝරාගන්නේ විභාගයේ අසමර්ථය මිස අන් යමක් නොවන්නේය.

කෙසේ නමුත් මේ සමාජ සන්ධර්භයේ උගත්කම යන්න අකුරු තුනකින් හතරකින් තීරණය වන පට්ටම් ගත සමාජ සංකල්පයක් පමණක් වන බැවින් එකී ඉලක්කය සපුරාගැනීම සදහා විභාගය නැමැති කඩඉම් අනිවාර්යයෙන් පැනිය යුතුමය. ඒ සදහා පෙර කී පරිදි ගිරවු මෙන් පාඩම් කළ යුතුමය. ඔබ එම රෑනෙන් මිදි කිසියම් විෂයක ප්‍රශ්නයට ඔබගේ ගෝචරගත හැකියාවෙන් හෝ දැනුමෙන් පිළිතුරු ලියන්නේ නම් එම පිළිතුර පිළිතුරු ඇගයීම් පත්‍රය නැමති කොටුවෙන් පිට හෝ එකී විභාග ප්‍රශ්න පත්‍රය හැදූ ආචාර්යවරයාගේ හෝ ආචාර්ය මණ්ඩලයේ මානසික සීමාවෙන් පිට පිළිතුරක් නම් ඔබ අසමත්වීම අනිවාර්යය වන්නේය. එහෙත් එය ලෝක බුද්ධිමට්ටම් ඉදිරියේ හෝ දැනුම් මට්ටම ඉදිරියේ සාමර්ථයක් සදහා වූ පිළිතුරක විය හැකිය.

මේ සියල්ල අභිමුව අප ප්‍රශ්තය සම්බන්ධයෙන් කරුණු එකතු කරමු. කොටින්ම මේ මාතෘකාව පිළිබද කතා කිරීමම දුක සිතෙන කරුමයකි. ඒත් සුවහසක් ඉදිරි අනාගත දරු පරම්පාරාවකගේ සිහිමොල හැදීම සදහා බැවින් කතා කළ යුතුමය.

'අනභ්‍යාසේ විසං විජ්ජා' යනුවෙන් සංස්කෘත පාඨයක් ඇත. එහි තේරුම නම් අභ්‍යාස නොකරන්නාට විෂය හෝ අධ්‍යාපනය විෂ වන බව හෙවත් නොපිහිටන බවයි. මේ කරුණේ පිහිටා විභාග සදහා බුදුන්ගේ සරණ යාම, දෙවියන්ගේ සරණයාම හෝ වෙනත් මිත්‍යා විශ්වාසයක එල්බ ගැනීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැත්තේය.

ආගමික විශ්වාස වූ කලී හුදු අර්ථයෙන්ම විඥානවාදීය. එහි ලැගුම්ගත වු ආගමික කල්ලි කණ්ඩායම් හි උපක්‍රමය වන්නේ මිනිසා මුලා කිරීම තුළින් ධන ලාභ ලබාගැනීමය. ඒ සදහා ලෝකයේ අනේක විධ ආගම්හි නොයක් කල්ලි කණ්ඩායම් සැදී පැහැදී සිටී. ලංකාවේ ක්‍රිස්තියානි දහමේද හින්දු දහමේද ඉස්ලාමීය දහමේද බුදු දහමේද මෙවැනි කණ්ඩායම් බිහිව ඇත. මොවුන් විටින්ට තම ආගමික ශාස්තෘවරයාගේ දේශිත හෝ අදේශිත ධර්ම කරුණු සමග හරඹ කරමින් සිටී.

මෙහි මනරම් රංගනයක් දක්වන්නේ බුදු දහමෙහි වර්තමානික භික්ෂූන්වහන්සේලා කිහිප නමකි. එක් හිමි නමක් රැස් විහිදුවා ශාන්ත සුන්දර හඩින් බුදු දහම යැයි පවසන අමුතු දහමක් සකස් කරමින් සිටී. උන් වහන්සේට උවැස උවැසියෝ දහස් ගණනක් ඇත. දේශන විලාසය ලගන්නා සුළුය, මේ හඩට වශි වෘත වූ ගැහුණුන්ද බොහෝ පිරිමින්ද ධනයෙන් හා බලයෙන් මෙකී භික්ෂුවට උප්සථාන කරන්නේය. උන් වහන්සේ සතු වත්කම් ප්‍රමාණය මේ වන විට කෝටි සියයකට වැඩි වනවා මිස අඩු නොවන්නේය.

තවත් පවුඩර් හිමිවරු කටහඩ අමුතු හිමිවරු බොහෝ සෙයින් ඇත්තේය. තවත් සමහර භික්ෂූවක් තම රහත් බව පවසා ලංකාවේ ව්‍යාපාරිකයෝද ඇමැත්තෝද වශී කොටගෙන ධන ලාභ ලබමින් ජීවත් වන්නේය. මෙවැනි බොහෝ ව්‍යාපාරික භික්ෂුන් විවිධ තැන්හි සරණා සමාජයක විභාගය සදහා පිරිත් පැන් නොවිකිණී තිබිය හැකිද ?

එමෙන්ම අවසානයේ බොදු බල සේනා සිංහල රාවය හෝ එවැනි අනෙක් අන්තවාදී ත්‍රාස කල්ලියකට හෝ එකතුවන්නේ මේ සල්ලි වලට පිරිත් පැන් ගන්න මුග්ධයන් මිසක සිහිබුද්ධියක් හෝ ඇති වුන් නොවන බව සදහන් කළ යුතුය. බුද්ධ දර්ශනය තබා සමාජය ගැන මෙලෝ මානුෂික විචාරයක් නැති වුන් ලඟින්නේ අනෙක් එකා තලා පෙලා තමන්ගේ පැවැත්ම ගැන හිතන තක්කඩියන් ඇසුරේ මිසක අන්‍යයා කෙරේ මෛත්‍රිය දක්වන දහමක පදනමේ නොවේ.

ආගම යන්න කෙරේවන අපගේ විවේචනය කුමක් වූවත් සූපර්මාකට් ගතවී ඇති මේ ආගමික ශැශේ පැකට් වලින් විභාග ගොඩ දා ගැනීමට කල්පනා කිරීමම කවර ආගමික දහමකට හෝ වලංගුවන්නක් නොවේ.

මදක් සිතන්න, ඔබගේ ආත්ම විශ්වාසය පළුදු කරගන්නා පළමු අවස්ථාවේම ඕනෑම ආගමික කල්ලි කණ්ඩායමක ඔබගේ ශරීරයේ හෝ ඔබගේ සිත තුළ හෝ ලැගුම් ගැනීමට ඉඩකඩ ලබා දෙන්නේය. ඒ සදහා ඔබ අවට සිටින පිරිස් බොහෝ සෙයින් අනුබල දෙන්නේ මේ සමාජයේ පිරිස් බොහෝ ලෙස මිථ්‍යා විශ්වාස මත යහන්ගත වූවන් බැවිනි.

ජීවිතයේ ඔබ මුහුණ දීමට ඇති විභාගය යනු යම් කාල ඡේදයක ඔබ හැදෑරූ විෂයන් එක් කොට එහි සාරාංශගත කරුණු ප්‍රමාණයක් ලිඛිතව ඉල්ලා සිටීමය. ඒ සදහා ඔබ සූදානම් වියයුතුය. හැදැරිය යුතුය. මහන්සි විය යුතුමය. ඒ හැර අන් කවරෙකු හෝ ඔබගේ පිහිටට නොඑන්නේය.

එබැවින් මෙවර අපොස උසස් පෙළට ලියන්නට සැරසී සිටින ආදරණීය නංගීයේ මල්ලීයේ, බොරු දෙවියන් හෝ බොරු පිරිත් පැන් හෝ බොරු සුරයන් හෝ ඔබගේ ජීවිතය වෙනස් නොකරනු ඇත. ඔබගේ ජීවිතය වෙනස් කරන්නා අන් කවරෙකු හෝ නොව ඔබමය.ඒ සඳහා වන පෞර්ෂය ඔබ තුල ගොඩනංවාගැනීමෙන් හැර අන් සරණක් පැතීම මිනිස් කමටද නිඟාවකි.


(http://199.195.117.176/ - theindependent)
 
  • Like
Reactions: king_pandukabaya

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උසස් පෙල කියන්නේ මහ ජරා විභගයක් ඒ වුනත් ඉතින් ඒක කරන්නම එපායැ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    durianslipper.jpg


    www.ඕනදෙයක්මර්කටින්.com :D
     
    Last edited: