EXCLUSIVE FOR PIZZA LOVERS

HostGator

Banned
Jul 27, 2018
8
14
0
පීසා ලවර්ස්ලාට ලංකාවේ හොයාගන්න තියෙන වෙනස් විදියේ පීසා ජොයින්ට්ස් 7ක් මෙන්න

සාමාන්‍යයෙන් පීසා කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නේ, ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ නම් දෙකයි. එකක් පීසා හට්, අනික ඩොමිනෝස්. හැබැයි ඔය තැන් වලින් කීප පාරකට ටිකක් වැඩියෙන් වාරයක් පීසා කාලා තියෙන කෙනෙක්ට ඕන වෙනවා ඊට වඩා වෙනස් දෙයක්. එහෙම නැත්නම් පීසා කාලා එපා වෙනවා. හැබැයි මේ ගොඩක් දෙනෙක් දන්නෙ නැති කාරණාව තමයි ලංකාවේ ඔය පීසා බ්‍රෑන්ඩ් දෙක ඇරෙන්න තව කටට රහට පීසා කන්න තැන් තියෙනවා කියන එක. එහෙමනම් බලන්න මේ ලිස්ට් එක. බලලා තීරණය කරන්න ඊලඟ පාර කොහෙන්ද පීසා කන්නේ කියලා!



1. Giovanni’s

Pizza-Spots-in-Colombo-aniwa-01.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/giovannispresto, foodie.lk/giovanni-s

ජියෝවානිගේ පීසා කඩේ අංක එකට දාන්න සරල හේතුවක් තියෙන්නේ. මෙතන තමයි අපේ ප්‍රියතම පීසා පොට් එක. වයින් බෝතලේකුත් අරන් හවස් අතේ ගිහින්, අර උඩ තියෙන බාගෙට අඳුරු රෙස්‍ටුරන්ට් එකට වෙලා ජියෝවානි එකේ ඉස්තරම් මාගරිටා පීසා එකක් කන එකේ තියෙන ආතල් එක දන්නේ එතනට ගියපු ඩයල් එකක්ම තමයි. පොඩ්ඩක් කතා කරලා යන්න.

දුරකථන අංක මෙන්න: 0770335366


2. Harpo’s Pizza

Pizza-Spots-in-Colombo-aniwa-02.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/harpospizzas

සාමාන්‍යයෙන් ලංකාවේ පීසා කියන්නේ මිලෙන් අධික කෑමක් කියලා සැලකෙන්නේ. හැබැයි හාර්පෝගේ පීසා වල ගණන් බොහොම සාධාරණයි කියන එක තමයි කෙනෙක්ට මුලින්ම ඇතිවෙන හැඟීම. ඒ විතරක් නෙවෙයි, රස ගත්තොත් ගෙවන ගාණට වඩා සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන්. බොහොම ක්ලැසික් පීසා වර්ග වගේම අලුත් පීසා වර්ගත් මෙතන තියෙනවා. එක පාරක් ගියපු කෙනෙක් ආයි ආයි යනවා කියන එක ෂුවර්.

දුරකථන අංක මෙන්න: 0114869000


3. Café Michaelangelo

Pizza-Spots-in-Colombo-aniwa-03.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/CaffeMichaelangelo

නියම විදියට ඉතාලි තාලෙට ලී අවන් එකක පීසා හදන මේ පීසා ජොයින්ට් එක තියෙන්නේ රාජගිරියේ නාවල පාරේ. හැබැයි ඒ වුනාට මේ කට්ටිය උත්සාහ කරනවා ලංකාවේ ටච් එකට පීසා හදන්නත්. උදාහරණයක් විදියට මේ අයගේ එක පීසා එකක් තියෙනවා පොල් සම්බෝල ටොපින්ග් එකට දාපු. ඒක කාලා තියෙන අය කියන්නේ නං ‘අන්න ලංකාවේ ක්‍රමේට හදනවා නං පීසා’ කියලා තමයි.

දුරකථන අංක මෙන්න: 0117612612 / 0722612612


4. Wood Fire Pizza – Hikkaduwa

Pizza-Spots-in-Colombo-aniwa-04.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/Time-n-Tide-Beach-Resort-Hikkaduwa

Time n Tide කියන්නේ හික්කඩුවේ තියෙන බීච් රිසෝට් එකක්. මේ අයගේ මෙනු එකේ තියෙන වැදගත්ම අංගය තමයි ලී උදුනේ හදපු පීසා. ඇත්තටම අපිත් පරණ පාරෙන් ගාල්ලේ යන වෙලාවක තමයි මෙතනට ගොඩවැදිලා තියෙන්නේ. ලංකාවේ තියෙන සුපිරිම පීසා නොවුණත්, පීසා හට් හරි ඩොමිනෝස් හරි වලට වඩා මේ අය අනිවා උඩින් ඉන්නවා. හික්කා හින්දා වෙන්න ඇති මේ අයගේ පීසා වලත් වැඩිපුර සී-ෆුඩ් අයිටම්ස් තියෙනවා කියලත් හිතෙනවා.

දුරකථන අංක මෙන්න: 0912277781


5. Belmio Pizza

Pizza-Spots-in-Colombo-aniwa-05.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/Belmiopizza

මෙන්න තවත් සාම්ප්‍රදායික දර පෝරණුවේ පීසා හදන පොට් එකක්. විශේෂයෙන්ම ඔරිජිනල් ඉතාලි රසයෙන් යුතු තින් ක්‍රස්ට් පීසා එකක් රහ බලන්න ඕන නම් මේකත් හොඳ තැනක්. විශේෂයෙන්ම මදි නොකියන්න චීස් සහ අනික් අඩුම කුඩුම දාලා හදන මේ අයගේ පීසා වල රහ බොහොම බැලන්ස්. ඒ කියන්නේ ලංකාවේ අපිට පුරුදු විදියට ඕනවට වඩා කුළුබඩු රහක් නැතුව නියම ඉටැලියන් ලෙවල් එකෙන් පීසා එක දෙන්නේ.

දුරකථන අංක මෙන්න: 0770123166

6. Wijaya Beach Pizza

Pizza-Spots-in-Colombo-aniwa-06.jpg


Pizza Spots in Colombo
Source – facebook.com/WijayaBeach, surovski.wordpress.com
විජය බීච් කියන්නේ ගාල්ලට පොඩ්ඩක් එහෑයින් තියෙන පොට් එකක්. මේකේ රෙස්‍ටුරන්ට්, කැෆේ විතරක් නෙවෙයි, රෑ නැවතිලා උදේට කෑම කාලා යන්න පුලුවන් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් පහසුකම් එහෙමත් තියෙනවා. හැබැයි මේ හැමදේකටම වඩා විජය බීච් රෙස්‍ටුරන්ට් එකේ හදන පීසා සුපිරි. බොහෝම අඩු ගාණකට පීසා එක ලබාදුන්නත් පීසා එකේ රස ගැන නම් කියන්න වචන නෑ. ලෝබ නැතුව චීස් දාලා හරිම සොෆ්ට් විදියට හදපු මේ පීසා වල ‍තෝරගන්න ටොපින් වර්ග ගණනාවකුත් තියෙනවා.

දුරකථන අංක මෙන්න: 0912283610


7. Arthur’s Pizza

Pizza-Spots-in-Colombo-aniwa-07.jpg

Pizza Spots in Colombo
Source – facebook.com/arthurspizzas

ගල්කිස්ස පැත්තේ ඉන්න කෙනෙක්ට පීසා කන්න හිතුනොත් ආතර්ගේ පීසා කඩේ තමයි හොඳම තැන. ආතර්ගේ පීසා වැඩිය ලොකු සයිස් නොවුනත් රස ගැන නම් කිසිම කම්ප්ලේන් එකක් නෑ. පොකට් එකටත් ෂේප්. මෙතන දන්න ඕන කෙනෙක් දන්නවා ලංකාවේ සැරම පීසා එක හදන්නෙත් ආතර් තමයි කියලා. තරහකාරයෙක්ට ගේම දෙන්නත්, තරහකාරයාව යාලු කරගන්නත් එක පාර පුලුවන් මේ චිකන් නයි මිරිස් පීසා එකෙන්. එහෙම සැරක් එක්ක එහෙම රසක්!

දුරකථන අංක මෙන්න: 0112713745


මේ ලියලා තියෙන්නේ අපි ගිහින් පීසා කාලා හොඳයි කියලා ෂුවර් කරගෙන තියෙන තැන් කීපයක් ගැන විතරයි. තව ලොකු පොඩි, අලුත් පරණ පීසා කඩ කොළඹ වගේම ලංකාව වටේත් තියෙනවා.



http://www.aniwa.lk/2017/05/16/1705163-pizza-spots-in-colombo/
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    kalin kawuda daala thibba oka.dan aniva site eka update wenne nahane.aparade.:(