රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) : ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා, අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.
මිය යන විට 78 වන වියෙහි පසුවූ දයා තෙන්නකෝන් මහතා, කලා කේෂත්‍රයට අවතීර්ණ වන්නේ හන්තානේ කතාව සිනමා පටයේ නාථගේ චරිතයෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු, පසුකාලීනව ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධ විය.
බඹරු ඇවිත්, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ ඇතුළු සම්මානිත සිනමා පට රැසකට ඔහු රංගන දායකත්වය ලබාදී ඇත.
රිදී තිරය, පුංචි තිරය සේම වේදිකාව ද එක ලෙස ස්පර්ශ කළ මෙම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ බිරිඳ වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ග්‍රේස් තෙන්නකෝන් මහත්මියයි.
Last edited:
