F*ck eknaligoda family

gihanjava

Active member
  • Mar 1, 2018
    178
    14
    28
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උබලා මෙච්චර මෝඩ මොකද බන් ?
    මහලොකුවට සිංහල බෞද්ධ ඇමතිලා මන්ත්‍රී ලා ඉන්නවා කෝ එකෙක් වත් මේකට කැ ගහනවද ?
    කෝ අවුන්ගේ මාධ්‍ය ප්‍රකාශන ?
    දේශපාලන මෝඩ වහල් හැත්ත උන් බයයි කතා කරන්න මොකද සුළු ජාතික ජන්ද ටික නැති වෙනවා
    දැන් වත් තේරුම් ගනිල්ලා තොපි ම unp මහින්ද මය්ත්‍රී කියලා මරාගන්න එකේ තේරුම

    දේශපාලන වහල් කම දැන් වත් නවත්තගනිල්ල ඔය එකෙක් මේක හදන්නේ නැ බන්

    අපේ රටේ මිනිස්සු ගැන පුදුම දුකක් දැන්නෙන්නේ, අමාරුවෙන් සල්ලි එකතු කරලා මරුටි මිනීපෙට්ටියක් ගන්නවා, හරියට කන්න දෙයක් නැ, පොඩි අවුන් එක්ක ජීවිතේ විදින්න නැ විදිවනවා,

    මිනිස්සු දුක් විදලා හම්බ කරන හැම සතේම tax ගහල. ජීවත් වෙන්න බැ අ උනාට ඉස්කොලේකටවත් ගියපු නැති කාලකන්ණි හොරු ටිකක් හොදට නටනවා මිනිස්සුන්ගේ සල්ලි වැලින් කොටි ගණන් වාහන පදිනවා,රටවල් වල සංචාර යනවා , හත්මුතු පරම්පරාවටම ජොබ් දෙනවා හම්බ කරගන්නවා

    අපේ අහිංසක මිනිස්සු දුක් විදලා බෙහෙතක් tikakwath සල්ලි නැතුව ගන්න බල්ලෝ වගේ මැරිලා යනවා
    අපේ මිනිස්සු ජීවිතේම විදවනවා මෙහෙම ජීවිත මොනවද ? :angry::angry:

    දැන් වත් ම දේශපාලන වහල් කම් නවත්තපල්ලා,උන්ට අපි හරක් වෙලා ඉන්නකම් ඕන ටරම් හොරකම් කරන්න පුළුවන්
    මෝඩයෝ වගේ බෙදිලා රණ්ඩු වෙන්න එපා සිහියෙන් බලාපල්ලා නෙත්නම් අපේ ජිවිතත් විනාශ වෙලා යනවා ම කලකන්නියෝ නිසා
    :angry::angry::angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්නැලිගොඩ මැරුවද නැද්ද කියල දන්නෙ නැ රට පැනල කියලත් කියනව...මෙන්න ඌ කොටි එක්ක කතාකරපුව,හොදට අහල බලපන්..



    ඔන්න එක්නැලිගොඩ පරම්පරාවේ හැටි...



    "අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එනම් උන්ගේ පාවාදීමේ ඉතිහාසය, රාජසිංහ රජු සිටි කාලය දක්වා දිවෙයි."
    ප්‍රදීප් එක්නැලිගොඩ කියන නම කාටත් පුරුදු ඇති. ඒ මොකක් නිසාවත් නොව, මේ රටේ අවාසනාවට ජාතක උන, කොටින්ද ඔත්තු දුන්න සිංහල කොටියෙක් වීම නිසයි. නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුවට නම් ඌ මාධ්‍යවේදියෙක්. මේ රටේ රණවිරුවන්ව පාවලා දෙන්න ආපු යහපාලන නඩේට, මේ සිංහල කොටියා දේව දූතයෙක් වගේ.. ඒ බව පහුගිය කාලේ හැමෝම මාධ්‍ය වලින් දකින්න ඇති..

    මේ විමසුම, තමන්ගේම ජාතියට ආගමට කෙලවන්න ඉපදුනු මේ "එක්නැලිගොඩ" කියන එකාගේ ජාතකේ සොයාගෙන යාමයි. උගේ පරම්පරාවේම තියෙන ඒ දේශද්‍රෝහී බව, ප්‍රදීප් එක්නලිගොඩ කියන එකාගේ නැති වෙන්න විදිහක් නෑ...

    Prageeth-Eknaligoda-Recovered-copy-300x300.jpg



    "අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එක්‌නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්‌පර්ශ වූ තැන, අද දක්‌වාම ඉපදෙන සමහර එක්‌නැලිගොඩ වාසගම ඇති පුරුෂයන්ගේ කකුලේ දදයක්‌ එනවාලු. එක්‌නැලිගොඩ පුතෙක්‌ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක්‌ මහලු එක්‌නැලිගොඩ මහතෙක්‌ සිනාසෙමින් කීවේය."


    රාජසිංහ රජුට "එක්‌නැලිගොඩ" පයින් ගසයි!

    මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දොස්‌ කියන්නේ බලාගෙනයි - අවසන් කොටස


    n18-2.jpg


    ඇහැළේපොල පවුල ඝාතනයේදී කුමාරිහාමිගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරයා වන කැප්පෙටිපොල නිළමේ කිසිවක්‌ම නොකළේ ඇයිද යනු උභතෝකොටික පැණයකි. බොහෝ විට කුමාරිහාමිගේ තල්පත රජුට දෙන්නට කියා මොල්ලිගොඩ අතට පත් කරන්නටත් ඇත්තේ ඔහු විය හැක. ඇත්තටම මෙම තල්පත රජු අතට පත් වීද? නැතිනම් මොල්ලිගොඩ සඟවා ගත්තේද? රජුගෙන් සමාව ලැබෙන තෙක්‌ බලා සිටින විට, බාර වන ලෙස නිළමේට දන්වන රජුගේ දෙවැනි ආඥාපතත් නිකුත් කරවා හදිස්‌සියේම නිළමේවරුන් මෙම ද`ඩුවම ක්‍රියාත්මක කරවූයේද? රජු මෙම රහස කිනම් වේලාවක හෝ දැනගතහොත් තමාට බරපතළ ද`ඩුවම් ලැබේවි යෑයි සිතූ නිසාද මොල්ලිගොඩ මහා අදිකාරම තමාගේ පරම වෛරක්‌කාර ඇහැළේපොල සිටින ඉංග්‍රීසි කඳවුර වෙත ගොස්‌ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? මොල්ලිගොඩට රජුට විරුද්ධව යාමට කිසිදු හේතුවක්‌ නොවූ බව පැහැදිලිය. (පසු කාලයක පුතුන් නොසිටි මොල්ලිගොඩ මිය ගියේ තම දේපළ කැප්පෙටිපොලලාට උරුම කර යයි පුවතක්‌ ද ඇත) එසේම මෙම ඝාතන සිද්ධියෙන් පසුවත් කැප්පෙටිපොල නිළමේ රජුට පක්‌ෂපාතීව කටයුතු කළ බව පෙනේ. ඔහුට දියවඩන නිළමේ තනතුර හා මාතලේ දිසාව තනතුර පවා හිමි වූයේ මෙම ඝාතනයෙන් පසුවය.

    ඇත්තටම කුමාරිහාමිගේ ඝාතනය සැළසුම් කළේ කවුද? වරක්‌ ඇහැළේපොල මහා අදිකාරම ඩොයිලිට දන්වා එව්වේ දරු පවුලේ ආරක්‌ෂාව තහවුරු කර ගැනීමට ඇවැසි වූ නිසා කැරැල්ල පමා වූ බවත්, අලුත් අවුරුද්දේ මුල් දෙසතිය තුළ කැරැල්ල පටන් ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. එහෙත් ඔහු කැරැල්ල පටන් ගන්නා විටත් දරු පවුලේ ආරක්‌ෂාවට කිසිම දෙයක්‌ කර නොතිබුණි. එහෙත් ඔහුගේ අතිජාත මිත්‍රයා වන එක්‌නැලිගොඩ නිළමේ නම් කැරැල්ලට එක්‌ වූයේ මාතලේ සිටි තම දරු පවුල බොහෝ ප්‍රවේශම් ලෙස රත්නපුරයට ගෙන්වා තැබීමෙන් පසුවය. (ඇත්තටම මොල්ලිගොඩ පවා රජුගෙන් වෙන් නොවී ආවේ තම අඹු දරුවන් සෙංකඩගල සිටි නිසාය) එසේ නම් රටක්‌ රාජ්‍යයක්‌ බාර ගැනීමට පිඹුරුපත් ඇද්ද අදිකාරම, තම දරු පවුල මකර කටේ තනි කළේ ඇයි? බැරිවෙලාවත් අදිකාරම කැරැල්ල පටන් ගන්නවාත් සමගම දරු පවුල ඝාතනය වුණි නම්, ඒ හේතුවෙන්ම ජනතාව රජුගෙන් ඉවත් වෙයි. එසේ නම් එයින් වැඩි වාසියක්‌ අත්වන්නේ මහා අදිකාරම්ටය.

    එහෙත් ඇහැළේපොලගේ කුරිරු ආශාව ඉටු වූයේ නැත. ලංකාවේ කිසියම් දෛවෝපගත අවාසනාවකට හෝ මහා අදිකාරමගේ නොලැබීමකට හෝ ඔහුගේ කැරැල්ලට එකතු වී සිටි සුළු පිරිස ලෙහෙසියෙන්ම මර්දනය කිරීමට මොල්ලිගොඩට හැකිවිය. (ඇත්තටම රජුට විරුද්ධව ඇහැළේපොලගේ පැත්ත ගැනීමට ජනතාව අකැමති වූ බව මෙයින් පැහැදිලිවම පෙනේ.) මහා අදිකාරම එක්‌නැලිගොඩ සමග ඉංග්‍රීසීන්ට අයත් නැව්ගස්‌වත්ත පෙදෙසට පළා ගියේ 250 ක්‌ වැනි සුළු පිරිසක්‌ සමගය. ඉන් අනතුරුවයි රජු ඔහුට විරුද්ධව පළවෙනි ආඥාපත නිකුත් කළේ.

    ඇහැළේපොල කුමාරිහාමිගේ ඝාතනය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්‌ෂයක්‌ විය. නුවර ජනතාව දින 3 ක්‌ ලිපගිනි මෙලවූයේ නැත. සිංහලේ නීතිය නොදන්නා සාමාන්‍ය අසරණ ජනතාව බොහෝ කම්පා විය. එහි වාසිය ලැබුණේ ඉංග්‍රීසීන්ටය. බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරවරයා 1815 ජනවාරි 15 වෙනිදා සිංහලේ රාජ්‍යයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. යුද්ධයට බැඳෙන ලෙස කොතෙකුත් කිව්වද ජනතාව රජු වටා රොක්‌ නොවූයේ කුමාරිහාමි ගේ ඝාතනය නිසාය. (ජනතාව ඒ තරමට සංවේදී වූයේ අදිකාරමට වඩා කුමාරිහාමි ජනතාව අතර ජනප්‍රිය වී සිටි නිසාද? නැතිනම් අසාධාරණයට විරුද්ධව ගොඩ නැගුණු ජන විඤaCදාණයද?) රජු පලා ගියේය. සටනකින් තොරවම සිංහලේ රාජ්‍යය ඉංග්‍රීසීන් අතට පත්විය.

    කුමාරිහාමිගේ ඝාතනයෙන් අවුරුද්දක්‌ යාමටත් මත්තෙන් (1815 මාර්තු මස) දෙවැනි විවාහයක්‌ ලොකුවට කිරීමට අවශ්‍ය බව මහා අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරයාට දන්වා සිටියේය. ඔහු විවාහ වන්නේ වෙන කවුරුවත් සමග නොව මීගස්‌තැන්නේ නිළමේගේ වැන්දඹු බිරියත් සමගය. මීගස්‌ගැන්නේ මිය ගියේ 1806 දීය. මෙයින් හැඟෙන්නේ ඇහැළේපොල කුමාරිහාමි ඝාතනය කිරීමටත් පෙර සිටම ඔවුන් අතර අයථා සම්බන්ධයක්‌ තිබුණු බවද? මීගස්‌තැන්නේ මරණ මංචකයේදී රජුට ඇහැළේපොල කටුවාගෙන් පරිස්‌සම් වන සේ ඉල්ලුවේ ඒ නිසාද? (ඒ විස්‌තර ගිය සතියේ පලවිය).

    ඇහැළේපොල අදිකාරම් බ්‍රවුන්ඩි්‍රග් ආණ්‌ඩුකාරයාගෙන් මඟුලට යන වියදම ගැන කරන ලද ඉල්ලීමකට අනුව ඔහුට ඒ සඳහා රන් පගෝදි 5000 ක්‌ ලැබුණි. එහෙත් ඔහු එය පාවිච්චි කොට නොතිබී පසුව සොයාගෙන තිබුණි. (කොටින්ම ඔහු මඟුලක්‌ කෑ බවට සාධක නැති මුත් දෙවන විවාහය කරගෙන තිබුණි) අද ඉන්නා සමහර ඉතිහාසඥයන් පවසන්නේ ආණ්‌ඩුකාරයා ලොකු මුදලක්‌ දෙන්නේද යන්න පරීක්‌ෂා කිරීමට මෙය කළ බවය. එහෙත් ඔහු එසේ සිතූ බවටත්, මුදල පාවිච්චි නොකළේ මන්ද බවටත් අදාළ වන කිසිම දෙයක්‌ ඇහැළේපොල කියා තිබී නැත. එසේ නම් සහතිකව එසේ වූවාද නැතිනම් මිය ගිය කුමාරිහාමි ඔහුගේ සිතේ හොල්මන් කළාද කවුද දන්නේ?

    ඇහැළේපොලගේ කුමන්ත්‍රණයකින් සිදු වුවත් නැතත් කුමාරිහාමි සහ පවුල ඝාතනය වූයේ මහා අදිකාරම සිංහාසනයට ලොබ බැඳීමෙන් ගත් පියවරයන් නිසාය. එහෙත් මෙතරම් දරුණු ෙ€දවාචයකින් පසුවද ඔහු බලාපොරොත්තු වූයේ සිහසුනම පමණි. ඇත්තටම ආදරබර සැමියෙකු වූවා නම් සෙනෙහෙබර පියෙකු වූවා නම්, එම ආදරණීයන්ගේ ජීවිත බිලි වූයේ තමා උදෙසාම නම්, වඩිග රජා නෙරපා දැමුවාට පසුවත් ඇයි ඔහුම රජ විය යුත්තේ? කනිෂ්ඨ පිළිමතලාවට හෝ කැප්පෙටිපොල නිළමේට රජකම ලබා දෙන්නට තිබුණා නොවේද?

    රජුව අල්ලා ගන්නට ගියේ එක්‌නැලිගොඩය. රජු අල්වා ගත් බව ආරංචි වූ වහාම ඇහැළේපොල බ්‍රවුන්ඩි්‍රග්ගෙන් ඉල්ලා ඇත්තේ රජු නොමරණ ලෙසය. ඇයි ඒ? රජු ක්‍රියාත්මක කළේ සිංහලේ නීතිය බව ඔහු හොඳින් දැන සිටි නිසා නොවේද? එසේම කොයිම අවස්‌ථාවකවත් රජුව මුණ ගැසීමට අදිකාරම නොගියේය. ඒ වෙනුවට ඔහු රාජ්‍ය කකුධ භාණ්‌ඩ සොයා ඉංග්‍රීසීන්ට හොරෙන් මහා මෙහෙයුමක්‌ කළේය. රජු අත් අඩංගුවට පත් වී 6 වෙනි දිනයේදී වෙලගෙදර අප්පුහාමි ළවා ගෙන්වා ගත් කකුධ භාණ්‌ඩවලින් වටිනාම ඔටුන්න පැළද රාජකීය හැට්‌ටය හැඳ ඔහු හැඩ වැඩ බැලු බවත්, එවිට එසේ කිරීම හොඳ මදි නේද කියා තමා ඔහුගෙන් ඇසූ විට ළගදීම ඔහු රජ වන බව පැවසූ බව, වෙලගෙදර අප්පුහාමි ජෝර්ඡ් ටර්නර් කොමිසම හමුවේ (රාජ්‍ය කකුධ භාණ්‌ඩ සෙවීමට පත් කළ කොමිසම) පසුව අනාවරණය කරනු ලැබුවේය.

    එදා ඒ බල අරගලයේ යෙදුණු අයගේ ඤාතීහූ අද ද අපේ රටේ ප්‍රභූවරු ලෙස ජීවත්වෙති. එසේම ඔවුහූ තම මුත්තලාගේ කීර්ති නාමය රැක ගැනීමට එදා සිදුවීම් තම පරපුරට වාසි වන අන්දමින් කියති. ඉන් එක්‌ කරුණක්‌ නම් ඇහැළේපොල රන් ඔටුන්නක්‌ සෑදුවේ රජුට තෑගි දීමට බවත් මොල්ලිගොඩ ඒ සම්බන්ධයෙන් රජුට ගතු කියා තවත් රජුව බිදෙව් බවත්ය. එහෙත් ඇත්තටම රජුට ඔටුන්නක්‌ හැදවීමට ඇහැළේපොලට බලයක්‌ ඇද්ද? රන් ඔටුනු හදන්නේ දළදා මාලිගයේ රාජ්‍ය කකුධ මණ්‌ඩපයෙනි. ආයුධ මණ්‌ඩපයෙනි ආයුධ හදන්නේ. දේවාලවලට අවශ්‍ය මුර ආයුධ සෑදීමට තවත් මණ්‌ඩපයක්‌ වශයෙන් දළදා මාලිගයට මණ්‌ඩප 3 ක්‌ ඇත.

    ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවෙන් කතා කිරීමට කවුරුත් නැත. ඒ නිසා ඔක්‌කොම කුණු බේරුවල් බොක්‌කටලු කිව්වාක්‌ මෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටම දොස්‌ කියති. එහෙත් එතුමා විලියම් ග්‍රැන්විල් සමග වෙල්ලෝරය බලා යන අතර පැහැදිලිවත් අහංකාරවත් කියූ වදනක්‌ ඇත. 'මගේ නිළමේලා හරියට මාත් එක්‌ක සිටියා නම් නුඹලාට කවදාවත් අපව යටත් කර ගැනීමට බැරි වනු ඇත.'

    අවසාන වශයෙන් එක්‌නැලිගොඩලාට පමණක්‌ විශේෂ වූ රහසක්‌ කීමට ඇත. එක්‌නැලිගොඩ රජතුමාව අල්ලා ගත් විට එතුමාට පයින් ගසා ඇත. හරියටම රජතුමාගේ දේහය ස්‌පර්ශ වූ තැන අද දක්‌වාම ඉපදෙන සමහර එක්‌නැලිගොඩ පුරුෂයන්ගේ කකුලේ දදයක්‌ එනවාලු. 'එක්‌නැලිගොඩ පුතෙක්‌ද කියලා නිසැකවම අපට ඒකෙන් දැනගත හැකි යෑයි වරක්‌ මහලු එක්‌නැලිගොඩ මහතෙක්‌ සිනාසෙමින් කීවේය. මේ බව ඇසූ අයෙක්‌ එහෙනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියන්නේ මහා බලවන්තයෙක්‌ වෙන්න ඕන නේද' කියා විමසනු ඇත.

    ඔව්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යනු මහ බලවතෙකි. ඔහු දැඩිමුණ්‌ඩ දෙවියන් මිනිස්‌ වෙසින් යළි පැමිණීමක්‌ බව නුවර කළාවියේ ප්‍රකට මතයකි.

    තිලකා රන්දෙනි
    [email protected]