


“විමසුම” කතිකාවට ඉඩක්...

අවිධිමත් අන්තර්ජාල භාවිතය නිසා තරුණ ජීවිත අකාලයේ විනාශ වීම සමාජය දැඩි ලෙස
අවධානයට ලක් කළ යුතු බව විශ්ව විද්‍යාල අචාර්යවරු පවසති.


මේ සඳහා මූලික වශයෙන් තුඩු දුන් හේතු සාධකයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, Face
book ප්‍රේමයක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා වත්තල ප්‍රදේශයේ තරුණියක්
දිවි නසා ගැනීමේ සිද්ධිය යි.
මේ පිළිබඳ අදහස් විමසීම සඳහා අප කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන
අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සම්බන්ධ කර ගනිමින්
අදාළ ගැටලුව විමසීමට ලක් කළෙමු.
ඇය එවිට අප වෙත පළ කළේ මෙවන් අදහස් පෙළකි.
“Face book කියන්නේ New Media ඔස්සේ සමාජයට එක් වූ නවතම සන්නිවේදන ජාලයක්. අද
මෙය තරුණ තරුණියන් අතර විශාල උන්මාදයක් බවටත් පත් වෙලා තියෙනවා.නමුත් මේවා සමඟ
බොහෝ දෙනා ගනුදෙනු කරන්නේ අනවබෝධයෙන්.

පසුගියදා සිදුවූ සිදුවීමේ දී එම තරුණියටම ඍජුවම ඇඟිල්ල දිගු කරන්න බෑ.නමුත්ඇයත් මෙහිදී වැරැද්දක් කරලා තියෙනවා. ඒත් අත්දැකීම් අඩුකම සහ අනවබෝධය මත ඇය මේ
වැරැද්දට පෙළඹිලා තිබෙනවා.
තාරුණ්‍යය අයාලේ යවන්නට අද බොහෝ දේවල් එක්වෙලා තිබෙනවා. නමුත් මේ දේවල් මැඩලන්න
මාධ්‍යට වගකීමක් තිබෙනවා. තාරුණ්‍යය රැකගැනීම වෙනුවට එය විනාශ කිරීමට අද ඇතැම්
මාධ්‍යය යොමු වෙලා තිබෙනවා.ඒ නිසා මාධ්‍යකරුවාගේ යුතුකම හා කාර්ය භාරය වන්නේ මේ
දේවල් පිළිබඳ සමාජය නිරන්තරයෙන් දැනුවත් කිරීමයි.
අනෙක් කරුණ විදියට දෙම්ව්පියන් දරුවන් පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු අතර
දැනුවත් කිරීම වැදගත් වෙනවා. නමුත් නිවසේදී අන්තර්ජාලය හා එක් වීමට දරුවන්ට ඇති
හැකියාව අවමයි. ඒ නිසා ඔවුන් cyber café වලට ගොස් සිය අවශ්‍යතා ඉටු කර ගන්නවා.
එවිට දෙම්ව්පියන් දන්නේ නෑ දරුවන් මොනවාද කරන්නේ කියලා.
මෙතනදී පාසැල් ගුරුවරයාටත් කාර්ය භාරයක් පැවරෙනවා. පාසැල් හරහා දරුවන් දැනුවත්කිරීම කළ හැකියි.
වගකිව යුතු බළධාරීන් මෙවැනි සේවා වටලන්න මොන පියවර ගත්තත් මොන නීති හැදුවත්
මුළුමනින්ම නැති කරන්න බැරි වෙලා තියෙනවා. මන්ද Service providers ලා උත්සාහ
කරන්නේ මොන ක්‍රමයකින් හෝ තමන්ගේ product එක සමාජයට පතුරවන්නයි. ඒ සඳහා ඔවුන්
විවිධ ක්‍රියා මාර්ග ගන්නවා.
අද තරුණයන් අතරේ මතයක් තියෙනවා Face book එකේ නැත්නම් ඒක මදිකමක් විදියට. නමුත්
මං හිතන්නේ ළමුන් මෙලෙස සමාජයේ වල්මත් විය යුතු නැහැ. කොන්ද කෙලින් තබා ගෙන
පෞරුෂයක් ඇතිව ජීවත් වෙන්න ඔය වගේ දේවල් අවශ්‍ය නෑ කියන එකයි මගේ මතය.”
පසුගියදා දිවි නසා ගැනීමෙන් මරණයට පත් වූයේ, වැල්ලවත්තේ පිහිටි ද්‍රවිඩ පාසැලක
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය 16 හැවිරිදි තරුණියකි.
Face book ගිණුමෙන් හඳුනාගත් තරුණයෙකු සමඟ මීට මාස 06 කට පෙර ඇති කර ගත් ප්‍රේම
සබඳතාවක් ඇගේ මරණයට හේතු වී තිබේ.
යාපනයේ උපත ලබා දැනට ලන්ඩන් නුවර පදිංචිව සිටින එම තරුණයා, Facebook හරහා ඇය
දැන හඳුනා ගෙන ඇය සමඟ නිරන්තරයෙන් ආදර බස් හුවමාරු කර ෙගන තිබුණි.
එහෙත් එංගලන්තයේ සිට පසුගිය දිනෙක ලංකාවට පැමිණ තරුණයා, ඇයව මුණ ගැසී නැවතත්
එරටට යෑමෙන් අනතුරුව ප්‍රේම සමබන්ධය නවතා දමා තිබේ.
කෙසේවෙතත් තරුණිය ඔහු හා සම්බන්ධ වීමට කොතෙකුත් උත්සාහ කළ ද තරුණයාගේ නිහඬතාවය
උහුලා ගත නොහැකි වීම සහ මුහුණ දීමට සිදුවූ ලැජ්ජාව හේතුවෙන් පසුගියදා සිය
නිවසේදීම ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසා ගෙන තිබේ.
තත්ත්වය මෙසේ වුව ද
බොහෝ යෞවන යෞවනියන් පවසන්නේ, දෙස් විදෙස් මිත්‍රතා ගොඩ නඟාගැන්මට ඇති හැකියාව හේතුවෙන් Face book භාවිතයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.
එය එසේද? නොඑසේනම් කෙසේද? සංවාදයට විවෘතයි...............
ඔබල මොකද හිතන්නේ ඒ ගැන අදහස් දෙන්න....