<<<<< Face Book Fun part II >>>>>

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
945046_313513008779153_1035425749_n.jpg
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මේක ටිකක් පරන කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

"මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

" නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Teacher: පුතා ඔයා අනාගතේ තෝරගන්න මොන වගේ බිරිඳක්ද?

Student: ම්ම්ම්........ හඳ වගේ බිරිඳක්.

Teacher: ඒ කියන්නෙ හඳ වගේ පැහැපත් මූනක් තියන ලස්සන කෙනෙක්.

Student: නෑ ටීච.

Teacher: එහෙනම් හඳ වගේ රව්ම් මූනක් තියන ලස්සන කෙනෙක්.

Student: නෑ.....නෑ.... ටීච.

Teacher: එහෙනම් ඔයාම කියන්න බලන්න

Student: රෑට විතරක් මගෙ ලගට ඇවිදින් දවල්ට මගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්.

Teacher: මොකක්?
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
සැමියා :- කෝ අනේ සීනි බොතලේ (කුස්සිය පුරා සීනි බෝතලය සොයමින් )
බිරිද :- ඇයි අනේ ඔය තියෙන්නේ
සැමියා :- කෝ කොහෙද......?
බිරිද :- ඔය මිරිස් බෝතල් තියෙන තැන අනේ.......
සැමියා :- එතන ඇති සීනි බෝතලයක් නෑ ගෑනියේ,තියෙනතැනකින් අරන් දෙනවා මෙහාට
(ටිකක් විතර තරහා ගොස් )
බිරිද :- ඔය තියෙන්නෙ ගම්මිරිස් කියල ගහලා......
සැමියා :- ගම්මිරිස් බෝතලේ සීනි.........??????????
බිරිද :- ඔව් අනේ,කූඹි එන නිසා.......
සැමියා :- @#$%\