< Facebook ආයතනයට ඇතිවෙලා තියෙන තත්වය>
මේ දවස්වල Facebook ආයතනයට ඇතිවෙලා තියෙන තත්වය ගොඩක් අය දන්නවා ඇතී කියල මං හිතනවා. දන්නේ නැති අයට මං මොකද්ද scene එක කියල කෙටියෙන් කියන්නම්. ඇමරිකාවේ පහුගිය තිබුන ජනදිපතිවරණේ දී එකේ වැඩ වලට Cambridge Analytica නම් එක්තරා firm එකකින් රටවල් පහ හයකම මිනිස්සු මිලියන 200 කගේ විතර පෞද්ගලික දත්ත සොරාගෙන තිබුනා Facebook මගින්. ඉතිං මේ සිද්දිය ගැන සම්පුර්ණ leak වීම උනේ මේ මෑත කාලේ. ඉතිං මේකෙදි මේ සිද්දිය ගියපු පැත්තක් තමයි Facebook ආයතනයත් දැනගෙනද මේ දත්ත සොරකම සිද්ද උනේ කියන එක. මොකද මේ වගේ විශාල ප්‍රමාණයේ දත්ත සොරකමක් නවත්තන්න Facebook ආයතනයට හැකියාව තියෙන්න ඕනේ නමුත් ඔවුන් ඒ සම්බන්දව කිසිදු පියවරක් ගත්තේ නැහැ මේ සිද්දිය හෙළිවෙලා Facbook ආයතනය උණුසුම් වෙනකන්ම. කොහොම උනත් දැන් case එක ඇදිලා ඉවරයිනේ. ඊටපස්සේ මේ සිද්දිය සම්බන්දව Facebook එකේ chairman Mark Zuckerburg ට ප්‍රසිද්දියේ සමාව ගන්න උනා ලෝකේ මිනිස්සු හැමෝගෙන්ම. ඊට අමතරව ලෝකේ පුරා මිනිස්සු අතර ලොකු රැල්ලකුත් හැදුන Facebook එක තවදුරටත් ආරක්ෂිත නෑ ඒ නිසා delete facebook කියල. මේ රැල්ලට ඇත්තම කියනවනං Whatsapp එකේ co founder වගේම Apple ආයතනයේ co founder වගේම තවත් Elon Musk ආදී ලෝකයේ පිළිගැනීමක් ඇතී අය බොහෝ දෙනෙක් දායක උනා. ඉතිං ඒ වගේම තමයි පිළිගත් ආයතන බොහොමයකින් Facebook ආයතනය ගැන සම්පුර්ණ පරීක්ෂණ පැවැත්වුවා, තාමත් පවත්වාගෙන යනවා කරපු වැරැද්ද හරියටම බලලා Facebook ආයතනයට දඩ මුදල් නියම කරගන්න. ඒ වගේම Facebook ආයතනයට මුදල් යොදවන සමහර investors ල පවා කියා සිටියා Mark Zuckerburg තමන්ගේ Facebook chairman දුරයෙන් අස්විය යුතුයි කියල. ඉතිං මීට අමතරව ඇමරිකාවේ සෙනට් සභාව Mark Zuckerburg ව ගෙන්නලා මේ සිද්දිය සම්බන්දව ප්‍රසිද්දියේ ප්‍රශ්න කරා. ඒවගේම සෙනට් වරුන් Mark Zuckerburg ගේ මුහුණටම තදින්ම කිව්වා Facebook එකේ user agreement එක සම්පුර්ණයෙන්ම ජරාවක් කියල! ඉතිං කොහොමහරි මේ වෙලාවේ නම් හරියටම Facebook එකේ අනාගතය ගැන මුකුත් කියන්න අමාරුයි මොකද Facebook ආයතනය මේ වෙලාවේ මේ සිද්දියත් එක්ක ගොඩක් උණුසුම් වෙලා තියන නිසා මීට කලින් කවදාවත් නොවුන විදියට. පහල video එක බලන්න Mark Zuckerburg ගෙන් සෙනට් සභාව ප්‍රශ්න කරපු විදිය බලන්න. අවසාන වශයෙන් මාත් මේ group එකේ කොල්ලොන්ට මතක් කරනවා තවදුරටත් මේ Facebook සමාජ ජාලය කියන්නේ ආරක්ෂිත ස්ථානයක් නෙවයි. විශේෂයෙන්ම ඔයාලගේ පෞද්ගලික දත්ත වලට. ඒ නිසා මේ Facebook සමාජ ජාලය පාවිච්චි කරන්නම ඕන නම් ඒක ඒ විදියට කල්පනාවෙන් කරන්න. ඒ වගේම Facebook සමාජ ජාලයෙන් වෙනත් එකකට move වෙනවනම් මේ තමයි ඒකටත් හොදම වෙලාව...!

Last edited: