Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්


idezHsY.jpg


ඕන්න පේස්බුක් එකෙන් දැන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියනවා, යූස්නොකරන, ස්මාට් පෝන් අරගෙන ඒවගෙ Users ලට සල්ලි ගෙවන්න.

VhIwQj9.jpg


මේ ප්‍රොජෙක්ට් එකෙන් යූස් නොකරන උබේ පෝන් එකට වටිනාකමක් ලැබෙනවා වගේම ඒ වටිනාකම ඔන්ලයින් උබටම බලාගන්න පුලුවන්, ඒ වගේම වටිනාකම හා තත්වය අනුව සාමාන්‍යෙන් ඩොලර් 100ක මුදලක් ගෙවන්න පේස්බුක් එකෙන් ලෑස්තියි.. :D :yes:
මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානතම අරමුණ වෙන්නේ මිලියන 100කට වඩා පරණ පෝන් recycle කිරීම මගින් (e-waste) පරිසරයට එකතුවීම වැලක්වීම. :love:

xMbBPmQ.jpg


පාවිච්චි නොකරන පෝන් Facebook Smartphone Recycling හරහා අලුත් වැඩියා කරලා
නැවත පාවිච්චි කරන්න පුලුවන් තත්වයට පත්කිරීම තමා මේ ප්‍රොජෙක්ට් එකේ ඉලක්කය. ඒත් කියල තියන විදියට දැනටනම් මේක ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව ඇතුලෙ විතරයි :confused:


\\Top FAQs\\


01. මොනවගේ ඩිවයිස් සදහාද අපිට මිලක් ලබාගන්න පුළුවන් ?

#Apple, Samsung, HTC, LG, Motorola, Blackberry, සහ අනෙකුත් වර්ග දැනට ඇමරිකාව ඇතුලත භාවිතා වන ජනප්‍රිය ස්මාට්පෝන්ස්,

02. කොහොමද මගේ ඩිවයිස් එකට මිලක් නියම කරන්නේ ?

#සාමාන්‍යෙන් උබේ ඩිවයිස් එකේ වටිනාකම $100ක් සාපේක්ශ වෙන්න පුලුවන්,
එක රදා පවතින්නේ බ්‍රෑන්ඩ් එක සහ තත්වය අනුව. එහෙත් දැනට ඇමරිකාවෙ පවතින ස්මාට්පෝන් මිල ගනන් හා සැසදීමෙන්ද, බ්‍රෑන්ඩ් එක තත්වය, පෝන් එක හදපු අවුරුද්ද, ක්‍රියාකාරීත්වය ,
මත ඉහලම මුදලක් ගෙවීමට පේස්බුක් එකෙන් සූදානම් වෙලා ඉන්නව.

03. කොහොමද අපි දැනගන්නේ පෝන් එකේ තිබුන පර්සනල් දේවල් වගේම අනෙක් තොරතුරු අයින් වෙන බව?

#cutting-edge තාක්ෂනය මගින් උබේ පෝන් එකේ තියන සේරම ඩේටා ඩිලිට් කිරීමේ ක්‍රියාවලියක් මුන් කරනවා, ඒත් පෝන් එක එවන්න කලින් පෝන් එක රීසෙට් කරල එවන්න කියලත් තරයේ කියා සිටිනවා :P

04. මගේ පෝන් එක පේස්බුක් පෝන් රීසයිකලින් එකට යැව්වට පස්සෙ මොකද වෙන්නේ ?

#උබේ පෝන් එක උන්ට හම්බුනාම , උන් උබට මේල් එකකින් කියනව හම්බුනා කියල. ඊට පස්සේ පෝන් එකේ තියෙන ඩේටා සේරම අයින් කිරීමෙන් දවස් 2-3 න් පස්සෙ උබේ ඩිවයිස් එකට නියම කරපු ගාන උබට මේල් එකකින් උන් දන්වනවා..

05. ඊට පස්සෙ පෝන් එකට මොකද වෙන්නේ ? :rolleyes:

#පෝන් එක HYLA කියන කම්පැනියට යැව්වට පස්සේ, පෝන් එක ආයෙ හදන්න බැරි තත්වයේ එකක්නම් ඒක ප්‍රතිචක්‍රීකරණය කරනවා (recycling) , ඒ වගේම ඒක පාවිච්චි කරන්න පුලුවන් තත්වයේ තියෙනවනම් HYLA කම්පැනියෙ කොන්දේසි වලට අනුකූලව පෝන් එක රෙපෙයාර් කරලා නැවත ලෝකයට මුදා හරිනවා :D:cool:
උන්ගෙ සයිට් එක - hylamobile.com

06. ඒකෙනුත් පස්සෙ මොකෑ වෙන්නේ ?

#එහෙම රෙපෙයාර් කරපු පෝන් පේස්බුක් එකේ connecting the world ප්‍රොජෙක්ට් එක හරහා
ආධාර කරන්න තමා මුන්ගේ ප්ලෑන් එක :love: :yes:


මෙන්න සෝස් එක - https://smartphonerecycling.fb.com/


Reps , Bumps සදහා නොමසුරු වන්න :dull::dull:
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Nokia 5230 ක් තියේ.. :dull: කීයක් දෙයිද දන්නේ නෑ.... :confused: