Facebook තහනම_දිගටම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆේස්බුක් තහනම දිගටම , තහනම ඉවත් කරන්න නම් ෆේස්බුක් ආයතනයෙන් ආණ්ඩුව සහතිකයක් ඉල්ලයි - අරමුණ ආණ්ඩු වීරෝධය යටපත් කිරීමද ? ක්‍රියාකාරීන් අසයි .!



    ශ්‍රී ලංකාවට පැනවූ ෆේස්බුක් ඇතුලු සමාජජාලා තහනම දිගටම පවත්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් පමණක් නොව වයිබර් සහ වට්ස්ඇප් යෙදවුම්ද ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට රජය ක්‍රියා කර තිබෙනවා.

    මේ අතර වට්ස්ඇප් , වයිබර් යෙදවුම් තහනම් වීම තුල විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට , ශ්‍රී ලංකාවේ සිය හිතවතුන් සමග ඇමතුම් ලබා ගැනිමද සීමා වී තිබෙන බවට පැමිණිලි දැක ගත හැකි වූ අතර ,පොදුවේ සමාජජාලා තහනම සංචාරක ව්‍යාපාරයට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයටද විශාල පාඩුවක් බවට ආර්ථික විශේෂඥයින් පවසා තිබුනා.

    මෙම තහනම ඉවත් කරන දිනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර " වෛරි ප්‍රකාශ සියල්ලම ඉවත් කරන බවට" ෆේස්බුක් ආයතනය මගින් ශ්‍රී ලංකා රජයට සහතිකයක් ලබා දෙන තුරු මෙම තහනම ඉවත් නොකරන බවට රජය පවසනවා. කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය ඒ සදහා ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නෑ.

    මේ අතර අමාත්‍ය දයා ගමගේ ඊයේ දිනයේ (12) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ "ෆේස්බුක් ඔස්සේ අපහාස කරන්නන් බුද්ධි අංශය මගින් අල්ලා ගැනීමට" බලාපොරොත්තු වන බවයි. මෙහිදි සමාජජාලා ක්‍රියාකරීකයන් ප්‍රශ්න කර තිබුනේ බුද්ධි අංශ යොදවා අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ කුමන පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට එරෙහිව අපහාස කරන පුද්ගලයන්ද යන වගද ප්‍රකාශ කරන ලෙසයි. මේ අනුව සමාජජාලා වාරණයේ අරමුණ ආණ්ඩු විරෝධය යටපත් කිරීමදැයිද ඔවුන් ප්‍රශ්න කර තිබුණා.


    nethfm
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ රටේ ඉන්න මෝඩ හැත්ත ආණ්ඩුව කියන කියන පැත්තට හැරිලා ඇර ගන්නවා.වෙන රටකනම් මිනිස්සු මුන්ව පාරට ඇදලා දාලා.මුන් බලේ ගත්තෙත් බොරුවෙන් .දැන් බලයට ඇවිත් කරන්නෙත් බොරුව.ඒ විතරක්නම් කමක් නැහැ දැන් මිනිස්සුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් නැති කරලා.රට ඉන්න උන්ට ලංකාවේ උන් එක්ක කථා කරන්න තිබ්බ මැසෙන්ජර්,whatsapp,viber බ්ලොක් කරලා.ඒවා use කරලා ජොබ්ස් කරපු උන් අනාථයි..මේකද අපි ඉල්ලපු වෙනස?හෙණ ගහන්න ඕන මුන්ට.පර සක්කිලි හැත්ත..



    mV4sxem.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆේස්බුක් තහනම් කරලා චීනෙන් WeChat ගේනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ හිරු නිව්ස් වලට කිව්වා සින්හල දන්න මොඩ්ලා ෆේස්බුක් එකේ අඩු නිසා යම් කාලයක් ඉල්ලුවා කියලා වෛරී ප්‍රකාශණ ඉවත් කරන්න.
    ඒත් එක්ක ඔය ආණ්ඩු විරෝදී පේජ් ටිකත් යවයි
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඊයේ හිරු නිව්ස් වලට කිව්වා සින්හල දන්න මොඩ්ලා ෆේස්බුක් එකේ අඩු නිසා යම් කාලයක් ඉල්ලුවා කියලා වෛරී ප්‍රකාශණ ඉවත් කරන්න.

    :Dඕවා කියන්න දෙයක් නැති උනහම කියන කතා.මේ ආණ්ඩුව බලේ ගත්තෙත් බොරුවෙන්.දැන් කරන්නෙත් මිනිස්සුන්ට බොරුවමයි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :Dඕවා කියන්න දෙයක් නැති උනහම කියන කතා.මේ ආණ්ඩුව බලේ ගත්තෙත් බොරුවෙන්.දැන් කරන්නෙත් මිනිස්සුන්ට බොරුවමයි..

    බොරු නොකර කොහොමද බන් ශ්‍රී ලන්කා රජයක් උනාම.. කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගන්න එක හැටියක්