Facebook සමාගමෙන් පත්කොට ඇති රහස් Partnerලා අටදෙනා කවු&#35

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Facebook සමාගමෙන් පත්කොට ඇති රහස් Partnerලා අටදෙනා කවු&#35

    ලංකාවේ facebook ප්‍රේරණයට facebook සමාගමෙන් බලය ලබාදී පත්කොට ඇති රහස් Trusted Partner ලා අටදෙනා කවුද?
    =============================
    මේ කතාව කොතෙකුත් මින් පෙර සමාජ මාධ්‍ය වල සැරිසරන ඔබට කීවද බොහෝ දෙනා එය විශ්වාස කලේම නැත.

    ඔවුන්ගේ තර්කය වුවේ ෆේස්බුක් සමාගමට ලංකාවේ වෙළදපොල අබ ඇටයක් තරම්වත් ලොකු නැති ගණන් නොගන්නා වෙළදපොලක් බවයි.


    නමුත් දැන් එය එසේ නොවන බව ඔබ මේ තොරතුරු කියවීමෙන් පසු අවබෝධ කරගත යුතුය. facebook තව දුරටත් ඔවුන්ට අවශ්‍ය දේ පමණක් කරමින් සිටිනු ඇතයි අප කිසි සේත්ම විශ්වාස කලයුතු නැත. ඔවුන් ලාභා ලබන ව්‍යාපාරයක් බැවින් වඩා වැඩි ලාභය වෙනුවෙන් ඔවුන් නිසි තැන් ස්පර්ෂ කරමින් සිටියි.


    facebook සමාගම ලංකාවේ ඔවුන්ගේ අධි ක්‍රියාකාරිත්ව අරඹන්නේ ඉතා මෑතක සිදුවූ සිදුවීම් කිහිපයක් හරහාය, ලංකාවේ ආණ්ඩුව දිගන ප්‍රදේශයේ සිදුවූ යම් ජාතිවාදී සිදුවීමක් මුල්කර ගනිමින් ලංකාව තුළ ෆේස්බුක් තාවකාලිකව අවහිර කිරීමට ප්‍රථමව ක්‍රියාත්මක උන අතර පසුගිය කාලය පුරාම අවස්ථා කිහිපයකදී ආණ්ඩුව විසින් facebook ප්‍රමුඛ සමාජ මාධ්‍ය අවකාශයන් අවහිර කරන ලදී. එම අවස්ථා කිහිපය ගැනත් අවසානයේ පාස්කු දින ප්‍රහාරයෙන් පසු දින 15කට අධික කාලයක් ෆේස්බුක් අවහිර කිරීම ගැනත් අවසානයේ ඇමරිකානු සෙනට් මණ්ඩලයේදී ෆේස්බුක් සමාගමෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී එම සමාගම පැවසුවේ ශ්‍රී ලංකාව යන රට ඔවුන්ගේ සේවා සැපයීමේ ප්‍රමුඛයෙක් ලෙස මෙතෙක් නොසලකනු ලැබුවද මින්පසු ඔවුන් ලංකාව වෙත වැඩි අවධානය යොමු කරන බවයි.

    ඒ අනුව ෆේස්බුක් සමාගම ප්‍රථමයෙන් සිදුකලේ ලංකාව නියෝජනය කරමින් ඔවුන්ගේ සමාගමේ සේවක ඇබෑර්තු 6ක් නම් කිරීමයි. ඒ අතර දත්ත විශ්ලේෂක, දත්ත කළමනාකරණ, ට්‍රාන්ස්ලේටර්, වෛරී ප්‍රකාශන හදුනාගැනීම වැනි විවිධ ස්වරූපයේ ඇබෑර්තු 6ක් විය. ඒවා ඉතා රහසිගතව පරිගණක තොරතුරු තාක්ෂන ක්ශ්‍රේත්ත්‍රයේ නිරතවුනත් අතර පමණක් හුවමාරු වූ පණිවිඩයක් විය, ඒ අනුව අදාළ ඇබෑර්තු 6 සදහා ඉල්ලුම්කරුවන් බොහෝ දෙනෙක් ඉල්ලුම් කළ අතර අප දන්නා කිහිපදෙන්කද ඒ අතර විය, කෙසේ වෙතත් අදාළ තෝරා පත්කර ගැනීම් මේ වනතුරු ෆේස්බුක් සමාගම විසින් සම්පුර්ණ කළ නැතිබව කියවෙන නමුත් එය සත්‍ය වශයෙන්ම එසේදැයි විශ්වසනියව පැවසීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත.

    දෙවනුව facebook සමාගම කලේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙක් ලංකාවට එවීමයි, ඒ අනුව facebook දකුණු ආසියානු කලාපය බාර ඉන්දියානු ජාතික නියෝජිතයින් කිහිපදෙනෙක් ඇතුළුව 10 දෙනෙකුගෙන් සමන්විත facebook නියෝජිත කණ්ඩායමක් ලංකාවට පැමිණි අතර ඔවුන් ප්‍රථමයෙන් ජනාධිපති මාධ්‍ය අංශයත්, අගමැති මාධ්‍ය අංශයත් විපක්ෂ නායක වරයාත් හමුවී තිබුණි. ඉන්පසු ඔවුන් විසින් ලංකාවේ facebook සම්බන්ධයෙන් ක්ශ්‍රේත්ත්‍රයේ ප්‍රවීණයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රනයක් සදහාද සහභාවී වී තිබුණි.
    එහිදී ඔවුන් ලංකාවේ facebook සම්බන්ධ තොරතුරු, පාලනය, නියාමනය, පිළිබද දීර්ඝ ලෙස පැහැදිලි කළ අතරම අදාළ සම්මන්ත්‍රයේදී එහි සිටී අයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් හෙළි කර සිටියේ ඔවුන් දැනටමත් ලංකාවේ facebook ගිණුම්, පිටු, පෝස්ට් ප්‍රේරණයට ලංකාවෙන් Trusted Partner ලා අටදෙනෙක් පත්කොට ඇති බවයි. ඒ කවුදැයි ඔවුන්ගෙන් විමසීමේදී එය ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාවක් නැතැයි කියූ අතර අදාළ පාර්ශව 8 කැමතිනම් පමණක් ඔවුන්ටම එය හෙළි කිරීමේ ගැටළුවක් නැතැයි කිවේය. අවසානයේදී රහසිගතව ලංකාවේ facebook ප්‍රේරණයට පාර්ශව 8ක් ක්‍රියාත්මක වන බව පමණක් දැනගෙන සිටීමට ලංකාවේ තොරතුරු තාක්ෂන ක්ශ්‍රේත්ත්‍රයට සිදුවිය.

    අදාළ පාර්ශව 8 කවුදැයි දිගින් දිගටම තොරතුරු තාක්ෂන ක්ශ්‍රේත්ත්‍රය විසින් අනාවරණයට ගත් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස ඉන් එකක් වන්නේ තමන් යැයි Sarvodaya-Fusion ආයතනය විසින් පිළිගන්නා ලදි. Sarvodaya-Fusion වැනි ආයතනයක් facebook සමාගම වෙනුවෙන් facebook පාලනයට ලංකාවේ ක්‍රියාත්මක වෙනු ඇතැයි කිසිවෙකුත් නොසිතනු ඇත. ඊයේ දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ මේ පිළිබද වැදගත් සංවාදයක් ගොඩ නැගෙත්දී තවත් සැක ක‍ටයුතු ආයතනයක් ගැන කියවුණි, ඒ මෙරට ක්‍රියාත්මක AFP පුවත් ඒජන්සියයි, කෙසේ වෙතත් අදාළ වැඩසටහන අවසානයේ ආණ්ඩුව නියෝජනය කරන ධනුෂ්ක රාමනායකගේ ජංගම දුරකථනය මැසේජයක් ඒවා AFP ආයතනය ලංකාව තුල facebook පාලනයට කිසිවක් නොකරන බවත් ඔවුන් කරන්නේ facebook වෙනුවෙන් fact-check කිරීම පමණක් බවත් කියූ බව ධනුෂ්ක රාමනායක කිවේය.
    AFP ආයතනය හදිසියේ කලබල වුයේ ඇයි යන්නත්, ඔවුන් චම්පිකගේ ධනුෂ්ක රාමනායක සමග ඇති සම්බන්ධයත්, ඔවුන් කඩිනමින් ධනුෂ්කට පණිවිඩ ඒවා නිර්දෝෂී වීමට ගත් උත්සහයත්, එයට ධනුෂ්ක රාමනායකම තෝරා ගැනීමත් වෙනම විමසා බැලිය යුතුය.

    එසේනම් ඉතුරු 6 දෙනා කවුද?

    ඔවුන් වැඩකරන්නේ facebook සමාගම වෙනුවෙන්නම්, facebook සේවාව ලංකාවේ අවස්ථා කිහිපයකදී අවහිර කිරීමට පියවර ගැනීමෙන් පසු ඔවුන් පත් කිරීම සිදුකර ඇත්නම්, පැහැදිලි ලෙසම අවධාරණය වන්නේ ලංකාවේ වෙළදපොල කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යෑමට facebook සමාගම ක්‍රියා කරන බවයි, එසේනම් ඔවුන් කළ යුතු වන්නේ ආණ්ඩුව යලි ෆේස්බුක් අවහිර නොකරන තැනට වැඩ කිරීමයි, ඒ සදහා ආණ්ඩුව වෙනුවෙන් facebook සමාගම නියමයෙන් සහ අනියමෙන් පෙනී සිටීමට සිදුවීමයි, එසේනම් මේ 8 දෙනා අතින් ආණ්ඩුවට විරුද්ධ ෆේස්බුක් ගිණුම් ගැලවීම, ෆේස්බුක් පිටු ගැලවීම, ෆේස්බුක් පෝස්ට් ගැලවීම සිදු නොවනු ඇතැයි කිසි සේත්ම විශ්වාස කළ හැකිවන්නේ නැත.

    පසුගිය මාස දෙක තුල ෆේස්බුක් පිටු 1500කට අධික ප්‍රමාණයක්, ගිණුම් 450ට වැඩි ප්‍රමාණයක්, පෝස්ට් දහස් ගණනක් නැවත කිසිදු පැහැදිලි කිරීමකට ඉඩ නොතබා ගලවා දමා ඇත්තේ facebook වෙනුවෙන් වැඩ කරන ලංකාවේ නියෝජිතයින් 8 දෙනා නිසායැයි විවාදයක් ඇතිකරගත යුතුම නැත. එයට හේතුව වන්නේ ඒවා ගලවා දැමීමේ පොදු සාධකය වන්නේ ආණ්ඩුවට එරෙහිව යම් අදහස් පළකිරීමයි.

    මෙය කිසිසේත්ම සුළුවෙන් තැකිය හැකි කාරනයක් වන්නේ නැත. හෙට උදෑසන මෙය ලියන මගේත් කියවන ඔබෙත් ෆේස්බුක් ගිණුම් ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වා තිබීම නිසා ගලවා දමා තිබුනොත් ඒවා ගලවා දැමුවේ කුමන පදනමකින්දැයි ඇසීමටවත් අපට අවස්ථාවක් නැත. අඩු තරමේ ඒවා රිපෝට් කිරීම සිදුකරන පාර්ශව 8 ගැනවත් අප හරිහැටි දන්නේ නැත.

    කෙසේ නමුත් පසුගිය කාලය පුරාම සිදුවූ ගිණුම්,පිටු,පෝස්ට් ගලවා දැමීම් සහ ඒවායේ අන්තර්ගත කරුණු සහ facebook සමාගම කියන Trusted Partner ලා අටදෙනා සම්බන්ධයෙන් යම් සමීකරණයක් ගොඩනගා ගැනීමෙන් පසු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ශ්‍රේත්‍රයේ මේ පිළිබද සිදුකළ අධ්‍යන වලින් පසු සැකකටයුතු ලෙස හදනාගත් ඉතිරි අය වන්නේ ජනාධිපති මාධ්‍ය අංශය, අගමැති මාධ්‍ය අංශය සහ පාටලී චම්පික රණවක ඇමතිවරයා ඇමතිධුරය දරණ මෙගා පොලිස් අමාත්‍යංශයේ ධනුෂ්ක රාමනායක විසින් මෙහෙයවෙන යම් කොට්ඨාසයක් ( ධනුෂ්කලා ගැන අමතුවෙන් සැකකළ යුතුම නැත, මක්නිසාදයත් 2015 මහමැතිවරණයේදී මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලේ පරිගණක 50ක් සමග යම් ව්‍යාපෘතියක් කරමින් සිටියේ ඔවුන් බව තතු දන්නෝ දන්නා බැවිනි ) සහ අමාත්‍ය මංගල සමරවීර විසින් මෙහෙයවන යම් කණ්ඩායමක්, මෙරට සිට කටයුතු කරන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සහ සමාජ මාධයේ නිතර සැරිසරමින් සිටින ප්‍රබල පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් බව 100%ක් විශ්වාසනීය නැති වුවද සැකකටයුතු ලෙස අදාළ පාර්ශව 8 දෙනා ලෙසා තොරතුරු තාක්ෂණ ක්ශ්‍රේත්‍රය විසින් හදුනාගෙන ඇත.

    එසේනම් තවදුරටත් ලංකාවේ facebook වැනි නිදහස් මාධ්‍ය සමාජ අවකාශ ඔවුන්ගේ community standards තුලින් පමණක් නොව ඔවුන් විසින් යම් ව්‍යාපාරික මෙන්ම දේශපාලන උවමනා වෙනුවෙන් භාවිත කරන කණ්ඩායම් තුළින්ද පාලනය වන බව අප අවබෝධ කරගත යුතුව ඇත. මාධ්‍ය මර්ධනය සිදුවන්නේ කුමන ආකාරයෙන් වුවද එහි අවසාද ප්‍රථිපලය වන්නේ පුරවැසියන්ගේ අයිතිය අහෝසි කිරීම බව අප අවබෝධ කරගත යුතුව ඇත....!

    එසේනම් තවදුරටත් ආණ්ඩුවට එරෙහි ගිණුම්, පිටු, පෝස්ට් ගැලවෙන්නේ facebook ආයතනයේ community standards නිසාම නොව ඔවුන් විසින් ලංකාවේ facebook ප්‍රේරණයට පත්කළ නියෝජිතයින් 8 දෙනාගේ දේශපාලනික හෝ ආර්ථික උවමනාව අනුව බව අප දැන්වත් පක්ෂ පාට භේදයකින් තොරව අවබෝධ කරගතයුතුව ඇත...!

    - දසුන් වානගුරු
    (තොරතුරු තාක්ෂණ ඉංජිනේරු)
    2019 07 18
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි ගූ ඇන් පී පොන්නයන්ට කරන්න පුලුවන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    2Q==


    God's Relative:yes::yes::yes::yes:
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    bullshit
    FB will not for political agenda, if yes... Trump will be the first one who is going to use it

    "- දසුන් වානගුරු
    (තොරතුරු තාක්ෂණ ඉංජිනේරු) "
    we need to check from where this guy got "තොරතුරු තාක්ෂණ ඉංජිනේරු"
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අපේ අම්මා channel එකේ ට්‍රැෆික් අඩු කරෙත් උන් තමා, බොරුනං අහපන් අපේ අම්මා එකේ ගැනිගෙන්
     
    • Dislike
    Reactions: Qnjb_54