Facebook එකේ යාලුවෙක් මැරුණාම...
මෑත කාලයේ වෙච්චි සිදුවීමක් නිසයි මේක ලියන්නේ. සිදුවීම අදාල නැති උනත් මියගිය පුද්ගලයාගේ active Facebook account එකක් නිසා ප්‍රශ්ණ වගයක් ඇති උනා. ඒ නිසා අපි අදාළ account එක Memorialized account එකක් විදිහට තියන්න කටයුතු කලා. elakiri වාසීන්ටත් ඇතැම් විට මෙය වැදගත් වෙන්න පුලුවන්.
දන්නා කියන ලගම යාලුවෙක් හෝ නෑදෑයෙක් නැති උනොත් ඔබට පුළුවන් අදාළ FB account එක Memorialized account ලෙස පත්කර ඒ මතකයන් අපත් සමග තබාගන්න. Memorialized account එකක විශේෂත්වය තමයි,
ඒ account එකේ profile එකට වැටෙන්නේ "Remembering" කියලා
ආයේ කෙනෙක්ට ඒ account එකට log වෙන්න බෑ
privacy settings වල හැටියට memories share කරන්න පුලුවන්.
Profile එක visible උනාට inactive state එකේ තියෙන්නේ.
මේ වගේ Memorialized account එකක් handle කරන්න සුදුසු legacy contact ඔයාලට පුලුවන් ජීවත් වෙන කාලෙම ඇතුල් කරලා තියන්න.
ඒ වගේම තමයි මෙහෙම Remembering account එකක් තියාගන්න එක සුදුසු නෑ වගේනම් පුලුවන් Facebook එකට කියන්න profile එක delete කරන්න කියලා.
මෙහෙම account එක memorizing කරන්න Proof of death ඕනේ වෙනවා. මරණ සහතිකය හෝ news link එකක්, එහෙම නැත්නම් photo එකක් උනත් use කරන්න පුලූවන් අදාළ පුද්ගලයා එක්ක ඔබේ තියෙන සම්බන්දතාවය අනුව.
ඉතිං ඔහොම උනාම අපේ මී මුනුබුරන්ටත් පුලුවන් මී මුත්තලා මුත්තිලා දෙදහස් බරගනන් වල කොරපු කෝලම් බලන්න.
Special request for deceased person's account
https://www.facebook.com/help/contact/228813257197480