Facebook F8 ගැන ඔබ දැනගත යුතු සියළු දේ..!

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Facebook F8 ගැන ඔබ දැනගත යුතු සියළු දේ..!

    1560475_10152244863990798_170618524_n.jpg


    SITE එක
    https://www.facebook.com/f8




    ඔබට මතක ඇති 2011 වසරේ දී facebook සඳහා අලුත් වෙනස්කම් රාශියක් හඳුන්වා දුන් Facebook F8 සමුළුව. ෆේස්බුක් නව පෙනුම වන timeline මුහුණුවර හඳුන්වා දුන්නේත් එහිදීයි. එම සමුළුවේ දෙවන සැසිය පසුගිය දා පැවති අතර මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ developers ලා වෙතටයි.

    සමුළුවේ මුලසුන හෙබවූ ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg විසින් ෆේස්බුක් හි වර්ධනය, ප්‍රචාරණය හා ආදයම් ඉපැයීම පිළිබඳව කරුණු හෙළිදරව් කලා. දැනට ෆේස්බුක් සිය ස්ථාවරත්වය අතකරගෙන සිටින බවත් ෆේස්බුක් වෙනුවෙන් app නිර්මාණය කිරීම හා ෆේස්බුක් හරහා apps ප්‍රචාරණය කිරීම developers ලා හට ආදයම් ඉපැයීම සඳහා පිටුවහලක් වනු ඇති බවද පවසා සිටියා.
    පහතින් දැක්වෙන්නේ developers ලා හා සාමාන්‍ය usersලා හට හඳුන්වා දුන් නව පහසුකම් හා අංග පිළිබඳව කෙටි විස්තරයකි.

    Granular and anonymous logins

    ෆේස්බුක් භාවිත කරන ඔබ බොහෝවිට Facebook Games හෝ Facebook Apps භාවිත කරනවා ඇති. නමුත් මේ සඳහා ඔබ අවසර ලබාදීමේදී ඔබ නොදැනුවත්වම ඔබේ පුද්ගලික තොරතුරු වුවත් තුන්වන පාර්ශ්වයක් වෙත හෙළිදරව් වීමේ හැකියාවක් ඇත. නමුත් ෆේස්බුක් F8 සමුළුවේ දී හඳුන්වා දුන් නව පහසුකම ඔස්සේ ඔබට පහසුවෙන්ම ඔබේ තොරතුරු ලබා නොදී විවිධ facebook apps හරහා සම්බන්ධ විය හැකියි.

    Login-Facebook-e1398883556224.jpg


    Fb Start developer tools

    Android හෝ iOS apps නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහාම හඳුන්වාදුන් මේ පහසුකම නොමිලයේ ලබා දෙන පහසුකමක් නම් නොවේ. Bootstrap ($5,000 දක්වා) සහ Accelerate ($30,000 දක්වා) ලෙස පැකේජ දෙකක් සහිත වන අතර අලුතින් app නිර්මාණ කරන අයෙකුට මින් එකක් සඳහා තේරීපත් වීමෙන් එම වටිනාකමට සමාන පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැකි වනු ඇත. මේ හරහා තමන්ගේ app එක ප්‍රචාරණය සඳහා Facebook Ad Credit ලබාගත හැකි අතර Facebook Cloud එක හා සම්බන්ධ වීමටත්, නොමිලයේම testing සඳහා සහාය ලබාගැනීමටත් වැනි විවිධ පහසුකම් හිමි වේ.

    fbstrth.jpg


    පහතින් දැක්වෙන්නේ $30 000 පැකේජය සඳහා හිමිවන පහසුකම්ය.

    * Access to the Facebook Start to Success program
    * Parse credit
    * Priority access to Internet.org innovation lab
    * Ad support from Facebook’s Preferred Marketing Developers
    * Adobe Creative Cloud
    * Asana task tracking tool
    * Appurify testing suite
    * Bluejeans video collaboration service
    * Desk.com customer care tool
    * MailChimp email marketing support
    * Proto.io prototyping tool
    * SurveyMonkey account for research
    * UserTesting UX research tool
    * Document sharing with Quip
    * Workable recruitment tool
    * Promotional Facebook ad credit for new spenders

    Audience Network

    0430_audience-network-798x310.jpg


    ෆේස්බුක් සිය මුළු ආදායමෙන් 59% උපයන්නේ ජංගම දුරකථන හරහා වෙළඳ ප්‍රචාරනයෙනි. ඒ නිසා mobile ads වෙත වැඩි නැඹුරුවක් යොමුකරමින් Audience Network ලෙස නව සේවාවක් හඳුන්වා දෙන ලදී. තුන්වන පාර්ශවයේ developersලා වෙත සිය විවිධ සාමාජික කොට්ටාශ වෙත ඉලක්ක කර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීමේ පහසුව ලබා දෙන මේ සේවාවේ banner ආකාර 3ක් දැකිය හැකියි. පහතින් දැක්වෙන්නේ ඒ ආකාර ත්‍රිත්වයයි.

    10333109_784969801521891_720131556_n-1.jpeg


    Mobile Like for third-party app

    ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හා apps භාවිත කරන අය වෙනුවෙන්ම නවතම Like බටනයක් හඳුන්වා දීමටත් මෙම සමුළුවේදී ෆේස්බුක් ක්‍රියාකලා.

    0430_mobilelike_narrow-730x235.jpg


    Local Datastore for offline app use

    අන්තර්ජාලය නොමැතිවිට ද apps භාවිත කළ හැකිවන පරිදි offline දත්ත ගබඩාකරන Parse SDK හඳුන්වාදුන් අතර ඒ අනුව අන්තර්ජාලය නොමැති විටද apps ක්‍රියාත්මක කරවීමට developersලා හට හැකි වනු ඇත.

    AppLinks

    කාලයක් තිස්සේම අඩුවක් පැවති apps එකිනෙක සම්බන්ධ කිරීමේ අඩුපාඩු මඟහැරවමින් ෆේස්බුක් විසින් applinks හඳුන්වා දෙනුලැබූවා. එනම් දැන් ඔබට browser හරහා එක් එක් app සම්බන්ධ කරනු වෙනුවට app අතරම පහසුවෙන් හුවමාරු විය හැක. ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට පහත වීඩියෝ පටය නරඹන්න.



    Test Apps
    එමෙන්ම දැන් ඔබට App සඳහා test ඇප් සෑදීමටත් හැකියාව ඇත. එම app විවිධ ගැටළු නිරාකරණය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.

    F8 goes annual
    සියළුම දේවල් අතුරින් වැදගත්ම දේ වන්නේ Facebook F8 සමුළුව මීට පෙර පැවතියේ 2011 වසරේ වුවත් මින් පසුව එය සෑම වසරකම පැවැත්වෙනු ඇත. ඒ අනුව මීළඟ F8 සමුළුව 2015 වසරේ මාර්තු මස 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වෙනු ඇත.

    0430_forstmason-798x310.jpg


    දිනෙන් දින වෙනස් වන ලෝකයේ අලුත් වන ‍තොරතුරු එසැනින් දැන ගැනීම සඳහා SHEZAAN27
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    අලුත්ගම , දර්ගා වගේ ඒවා දැකල ඇති වෙලා හිටියේ බන් . හොද පොස්ට් එකක්