Facebook, Gmail, GoDaddy අැතුළු වෙබ් අඩවි 630 ක් අනතුරේ.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Facebook, Gmail, GoDaddy අැතුළු වෙබ් අඩවි 630 ක් අනතුරේ.

    bleeding-heart1-790x444.jpg


    මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.

    මේ අනුව Facebook, Gmail, Yahoo, AirBnB, NASA, OkCupid වැනි වෙබ් අඩවි රාශියක් මෙම අනතුරට මුහුණ දී අැත. ඒලෙස අනතුරට මුහුණ පෑ වෙබ් අඩවි සියල්ල දැක්වෙන දීර්ඝ ලැයිස්තුවක් මෙතනින් දැක්වේ. කෙසේ වෙතත් Facebook, Gmail, Apple, GoDaddy, Twitter, Dropbox, Lastpass‍, Tumbler යන වෙබ් අඩවි වලින් ඒකකට හෝ ඔබ පසුගිය වසර දෙක අැතුලත කාලය තුල පිවිස අැත්නම් ඔබේ රහස් පදය වෙනස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කෙරේ.

    විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.

    මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසය පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.


    උපුටා ගන්න ලද්දකි