•ඉහත ඡායාරූපයේ අංක 1හි දැක්වෙනුයේ Larry Page සහ Sergey Brin, Stanford විශ්ව විද්‍යාලයේ සිසුන් ලෙස සිටින කාලයේ Stanford Digital Library Project ලෙස ආරම්භ කරන ලද මුල්ම google වෙබ් පිටුවයි. 1998. 09. 15 දින domaingoogle.stanford.edu ලෙස google domainය පළමුව register කරන ලද නමුත්, google ආයතනය තම රාජකාරී මට්ටමින් එහි ආරම්භක දිනය ලෙස සඳහන් කරනුයේ 1998.09.04 වන දිනයි. Menlo... Park, California හි මිතුරකුගේ කුඩා ගරාජයක මෙලෙස ඇරඹි google ආයතනය ඇත්ත වශයෙන්ම ''googol'' යන වචනයේ වැරදි අක්‍ෂර වින්‍යාසය නිසා ඇති වූවක් බව කිවහොත් ඔබ පුදුම වේවි නේද?
•ඉහත ඡායාරූපයේ අංක 2 ලෙස සටහන් කර ඇත්තේ ඔබ අප කාටත් අද නැතුවම බැරි facebook හි ආරම්භක වෙබ් පිටුවෙහි homepage යයි. 2004 පෙබරවාරි මස ඇරඹි මෙහි 2012 වනවිට සක්‍රීය සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 800ක්. Mark Zuckerberg කියන්නෙ ලෝකයේ හොඳම සරසවියවන Harvard සරසවියේ ඉගනුම ලබන බොහොම දක්ෂ සිසුවෙක්. කතාව පටන් ගන්නෙ ,එහෙමත් නැත්තන් facebook හි ආරම්භක අඩිතාලම වෙන්නෙ, මේ Zuckerberg, ඔහුගේ පෙම්වතිය සමඟ ඇති කරගන්නා බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙසයි. Zuckerberg ට ඇතිවෙනවා පෙම්වතියගෙන් පළිගැනීමේ අදහසක්. ඉතින් මේ දෙදෙනා අතර ඇතිකර ගන්නා රණ්ඩුවෙන් පස්සෙ, රාත්‍රියේ Zuckerberg තමාගේ පරිගණකය ඉදිරියට ගිහිල්ලා බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා. බ්ලොග් එකේ ලිපියෙන් තම පෙම්වතියට පලු යන්න බනිනවා. මේ අතරම ඔහුට අදහසක් එනවා. ඒ තමයි Harvard සරසවියේ ඉගනුම ලබන සිසුවියන්ගේ රූප දෙකක් ගළපලා පුංචි සයිට් එකක් හදන්න. ඒකට ඔහු facematch.com කියලා නමක් ලබාදෙනවා. මේ සඳහා එන Algorithm එක එහෙම නැත්තන් ගණිත ක්‍රම සහ විශේෂ සහය ලැබෙන්නෙ Eduardo Saverin ගෙන්. ඒ වගේම මේ පළමු homepage එකේ දැක්වෙන මිනිස් මුහුණ Al Pacino පිළිබිඹු වනසේ 1, 0 ඉලක්කම් (binary codes) භාවිතයෙන් සකස් කරන ලද්දක්. මෙහි සාර්ථකත්වය කියන්නෙ එක් රැයකින් මෙය මුළු Harvard සරසවියේම ජාලය තුළ ට්‍රැෆික් එකක් ඇති කරන්න සමත් වෙනවා. අද වන විට අපි කාටත් නැතුවම බැරි facebook ආරම්භයත් හරිම පුදුමාකරයි නේද?









