ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර බැංකු වල නිල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර ඒ ඔස්සේ මුදල් වංචා කිරීමට උත්සහ කිරීමේ සිද්ධීන් පිලිබදව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇත. අන්තර්ජාලය ඔස්සේ බැංකු කටයුතු කරන ගණුදෙනු කරුවන් මෙම වංචනිකයින්ගේ ඉලක්ක බවට පත්ව තිබේ.
බැංකු ගිනුම් වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ගණුදෙනුකරුවන්ගේ නාමයන් සහ මුරපද වෙනස් කිරීමට තීරණය කර තිබෙන බව ඉ - මේල් පණිවිඩයක් මගින් දැනුම් දී ගණුදෙනුකරුවන් නොමග යැවීම මෙම වංචනිකයින්ගේ පළමු පියවර වේ.
එයට ප්‍රතිචාර වශයෙන් ගණුදෙනුකරුවන් තම ගිණුම් වල තොරතුරු මෙම ව්‍යජ ලෙස සකසන වෙබ් අඩවි වලට මුදා හැරීමෙන් පසු එම තොරතුරු සොරකම් කර මෙම වංචාව සිදු කරන බව සංසදය සදහන් කරයි.
බැංකු කටයුතු පිළිබදව තමාට ලැබෙන ඉ- මේල් ගැන දැඩි අවධානය යොමු කිරීමත් තොරතුරු අනාවරණය කිරීමට පෙර අදාල බැංකුවෙන් විමසීමක් කිරීමත් මගින් මෙවැනි වංචා වලට ගොදුරු වීමෙන් මිදිය හැකි බව සංසදය වැඩිදුරටත් සදහන් කරයි.
වෙබ් ලිපිනය සදහන් වන ස්ථානයේ https ලෙස සටහන්ව තිබීමත් තිරයේ දකුණු පස කෙළවර වැසුණු ඉබ්බෙකුගේ සලකුණත් මගින් අව්‍යාජ වෙබ් අඩවියක් හදුනා ගත හැකි බවද සංසදය සදහන් කරයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය ක්‍රියාත්මක වේ.
