අවුරුදු ගණන් පරණ වාහන,ඉලෙක්ට්‍රොනික් බඩු(ලැප් ටොප් ,දුරකතන වගේ)වගේ එකී මෙකී නොකී හුගක් දේවල් කුණුගොඩවල් එක්කෝ පාරවල් අයිනේ ,පාලු තැන්වල තිබිලා හොයාගෙන ඒවා ගෙදරට අරන් ඇවිත් අලුතෙන් ගත්තු ඒවා වගේ හදලා පෙන්නන චැනල් ගැන මේ කියන්නේ.
මේ වගේ චැනල් නම් උඹලා ඕන තරම් දැකලා ඇති.යට තියෙන්නේ වියට්නාම් චැනල් ටිකක්
Restoration T - D
RESTORATION AND METAL
Restoration Really - මේකේ තියෙන්නේ තනිකරම ෆෝන් රීස්ටෝරේෂන් වීඩියෝස්
HowToRepair - තවත් චැනල් එකක්..
මේවායේ මිලියන ගණන් වීව්ස් තියෙනවා.
මේ වීඩියෝ ටිකක් විමසිල්ලෙන් බැලුවම පේනවා මුන් කරන්න අමු බොරුවක් කියලා.මේ වගේ චැනල් කිහිපයක්ම තියෙනවා අග්නිදිග,නැගෙනහිර ආසියාවෙ රටවල්වල උන් කරන.
උදාහරණයකට ගත්තේ ඒ චැනල් කිහිපයක්.උන්ගේ වීඩියෝවල
-පරණ බඩු හොයා ගන්නේ එකම කුණු ගොඩකින්.
-එකම බීෆ් කේස් එක කුණු ගොඩේ දෙපාරක් දාලා ගිහින්..
-අවුරුදු ගානක් පරණයි කියලා ටයිටල් එක තිබ්බට පරණ බඩු ගොඩක ලෝහ කොටස් මළ බැදිලා වත් නෑ.
-පරණ ගතිය ගේන්න උන් කරලා තියෙන්නේ දුඹුරු,අලු පාටට හුරු සායම් ජාතියක් ගාන එක නැත්නම් ස්ප්‍රේ කරන එක.
තව ඕන තරම් මුන්ට වැරදුන තැන් ඇති.
මෙහෙම මිනිස්සු අන්දන චැනල් තව බර ගානක් තියෙනවා.පොඩි උදාහරණ ටිකක් දැම්මේ.
කරපු බොරුවේ හැටියට මිලියන දෙක පන්නලා වීව්ස් තියෙනවා.
මෙහෙම හොර වැඩ කරන්නත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනේ
exposing1
exposing2
තාම මේ ක්‍රමය ලංකාවට ඇවිත් නෑ වගේ..

මේ වගේම රැවටීම් කරලා හම්බ කරන තවත් විදියක් තමයි,දඩාවතේ යන බල්ලෝ බලල්ලු වගේ සත්තු,උන්ගේ පැටවු බේර ගන්න හැටි පෙන්නන්න චැනල්.දැන් මේකේ ඉන්න බලු බළල් ලෝලියෝ ටික රෙද්ද උස්සගෙන එන්න එපා.

