Family Doctor

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    Family Doctor

    සුවහසක් එළකිරි වාසීන්ගේ යහපත උදෙසා ආරම්භ වන මෙම සේවාව මගින් ඔබගේ සියලුම වෛද්‍ය ගැටලු සදහා පිළිතුරු ලබා ගත හැක. ඒ සදහා "දහිරවාට්ටු" වෛද්‍ය ආයතනයේ දොස්තර රෝගී ද සිල්වා මහතා සැදී පැහැදී සිටී.

    මුලින්ම තැපෑලෙන් අප වෙත ලැබුනු ගැටලු කීපයකට මෙන්න පිලිතුරු.

    ප්‍රශ්නය:
    මගේ මුහුන පුරාම කුරුලෑ සෑදී ඇත.මේක මහ වදයක්.කළයුතු යමක් කියන්න.
    කුරුවිට - කුරුලානි

    පිළිතුර:
    නොම්මර එකේ වැලි කඩදාසියක් ගෙන(හාඩ්වෙයාර් වලින් ලබාගත හැක)කුරුලෑ නැතිවනතුරු හොදින් මදින්න..ඉන්පසු ගම්මිරිස් කුඩු ස්වල්පයක් දෙහි යුෂෙන් අඹරා මූනේ ගාන්න.මනා සහනයක් ලැබේවි.කුරුලෑ ගැන ආයෙ කතා කරන එකක් නෑ.
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ප්‍රශ්නය:
    මගේ පාද වල කොරල සෑදී ඇත.මේ නිසා කොට සායවල් ඇදිය නොහැක.මෙයට බෙහෙතක් තිබ්ද?
    හිරිගල්පොත්තේ - මුදිතා

    පිළිතුර:
    ඔව් මුදිතා...මුලින්ම බූව සහිත කහඹිලියා කොළ ගෙන පාද වල අතුල්ලන්න.ඉන් පසු අම්බානක කසන්න.කසන තරමට කොරල ගැලවේ.කොට සායවල් වෙනුවට අයියාගේ කලිසම් ඇදීමෙන් පාදයේ කොරල වසා ගත හැක.
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ප්‍රශ්නය:
    විවාහක තරුණයෙක් වන මාගේ දත් ඉස්සරහට ඇවිත් එනම් බොල්ලෑ වී ඇත. දත් පිටුපසට යවා ගැනීමට ක්‍රමයක් කියන්න.
    බොල්ලෑගොඩ - සාගත

    පිලිතුර:
    හවසට අඩියක් ගහලා ඇවිත් බිරිදට පරුෂ වචනයෙන් බැන වැදීම මගින් දත් පිටුපසට පමනක් නොව බඩටම යවා ගත හැක.
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ප්‍රශ්නය:
    පුද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් වන මගේ මුහුනේ පුංචි ඇදයක් ඇත. ඇදය හදා ගැනීමට කුමක් කළ යුතුද?
    ඇදගම - ඇදනාලිකා

    පිළිතුර:
    ළගම ඇති වින්කලයට යන්න. ඇද කුද හදා ගත හැක.
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    hey mewa tenison kure ge joke ne....

    1.jpg