Fatty Liver

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අක්‌මාවේ මේද තැන්පත්වීම භයානකයි

    මිනිස්‌ සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක්‌ අක්‌මාව. අක්‌මාව මිනිස්‌ සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක්‌ පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටිනුයි. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක්‌ ලෙසිනි.

    20150731-Fatty%20Liver-01.png


    Alcohol-Fatty-Liver-Syndrome.jpg


    අක්‌මාව සලකනු ලබන්නේ ශරීරයේ පවතින රසායනාගාරය ලෙසින්ය. අක්‌මාවෙන් විශාල කාර්ය භාරයක්‌ ඉටුවෙයි.

    අක්‌මාවේ සිදුවන ප්‍රධාන කාර්යයන්

    අක්‌මාව තුළ ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලුකෝස්‌ බවට පත් කරමින් රුධිරයට මුදාහරිනු ලැබේ.

    * රුධිර කැටි ගැසීම වළක්‌වන ප්‍රොaටීන නිෂ්පාදනය සිදුවනුයේ අක්‌මාවෙනි.

    * ශරීරයට ඇතුළුවන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්‌මාවෙන් සිදුකෙරෙයි.

    * ආහාර ජීර්ණයට අවශ්‍යවන පිත නිපදවනුයේ ද අක්‌මාවෙනි.

    * ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරෙයි.

    * මත්පැන්වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්‌මාව උපකාර වෙයි.

    මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවාවන් රැසක්‌ සිදුකරන අක්‌මාව ආශ්‍රීතව බොහෝ රෝග තත්ත්වයක්‌ දැක ගැනීම පුළුවන්කම තිබේ.

    ඉන් එක්‌ රෝග තත්ත්වයක්‌ වන්නේ ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්‌මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක්‌ මේද තැන්පත්වී තිබීම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීම හෙවත් මේදමය අක්‌මාව (Fatty Liver) ලෙස හැඳින්වෙයි. පුද්ගලයන් තිදෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මෙම රෝග තත්ත්වය පවතී යෑයි විශ්වාස කෙරේ. මෙකල මෙම රෝගය සුලභ වශයෙන් දක්‌නට හැකිය.

    අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වන්නේ මත්පැන් භාවිතයයි. එසේ වුවද මත්පැන් භාවිතා නොකරන්නවුන් අතරත් අක්‌මාවේ මේද තැන්පත්වීම සුලභ රෝග තත්ත්වයක්‌ බවට පත්වෙමින් පවතියි. මෙම රෝග තත්ත්වය "නන්-ඇල්කොහොලික්‌ ෆැට්‌ ලිවර් ඩිසීස්‌" (Non-Alcoholic Fatty Liver Disease-NAFLD) ලෙස හැඳින්වෙයි.

    නන්-ඇල්කොහොලික්‌ ෆැටි ලිවර් ඩිසීස්‌ හෙවත් මත්පැන් පානය නොකරන්නවුන්ගේ අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේදය තැන්පත්වීමට හේතු කීපයෙකි. ඒ ෆශරීරයේ අධික ස්‌ථූලතාව, ෆදියවැඩියා රෝගයෙන් පෙළීම (ප්‍රධාන වශයෙන් දෙවන කාණ්‌ඩයේ දියවැඩියාව), ෆඇතැම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග, ෆමන්දපෝෂණයෙන් පෙළීම, ෆකෙටි කාලයක්‌ තුළ ශරීරය කෘෂවීම (විශේෂයෙන් අධික ස්‌ථුලතාව ඇති අයගේ බර අඩු කිරීමට කරන ඇතැම් සැත්කම්වලින් පසුව), ෆ රුධිරයේ පවතින කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩිවීම, ෆවයස්‌ගත වීමත් සමගම මේද තැන්පත්වීම වැඩිවෙයි. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දක්‌නට ලැබේ.

    අධි රුධිර පීඩනයද මෙම රෝගය වැළඳීමට හේතුවක්‌ වන බව මෑතකදී සොයාගෙන ඇත.

    අක්‌මාවේ මේද තැන්පත්වීමෙන් හටගන්නා රෝග ලක්‍ෂණ

    බොහෝ රෝගීන් තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ දැකගත නොහැකිය. කලාතුරකින් දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ නම් අධික තෙහෙට්‌ටු ගතිය සහ අප්‍රාණික බව. උදරයේ දකුණු පැත්තේ අක්‌මාව ආශ්‍රීත ප්‍රදේශයේ වේදනාවක්‌ ඇතිවීම. ආහාර රුචිය අඩුවීම. නිතර ඔක්‌කාර ගතිය ඇතිවීම සහ බඩ පුරවා දැමීම.

    මත්පැන් භාවිතයෙන් තොරවූවන්ගේ අක්‌මාවේ මේද තැන්පත්වීම කරනකොට ප්‍රධාන වශයෙන් රෝග අවස්‌ථා තුනක්‌ දක්‌නට හැකිය.

    බොහෝ රෝගීන් තුළ දැකිය හැකි වන්නේ අක්‌මාවේ මේද ප්‍රතිශතය 10% කට වඩා තැන්පත් වීම පමණෙකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්‌මාවේ ආසාධන තත්ත්වයක්‌ ඇති නොවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ "හෙපටික්‌ ස්‌ටියටෝසිස්‌ (hepatic steatosis) යනුවෙනි. ඇතැම් රෝගීන්ගේ අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් අක්‌මාවේ ශෛලයන්හි ආසාදන තත්ත්වයක්‌ ඇතිවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ නන් ඇල්කොහොලික්‌ ස්‌ටියටොහොපටයිටිස්‌ (non-alcoholic steatohepatitis) නමින්ය. NASH යන කෙටි නාමයෙන්ද මෙම රෝගී අවස්‌ථාව හැඳින්වෙයි. දිගින් දිගටම Steatohepatitis නමැති තත්ත්වය පැවතුණහොත් අක්‌මාවේ ප්‍රධානතම කාර්යයන් ඉටුකරන අක්‌මා ශෛල විනාශ වී "සිරෝසිස්‌" (Cirrhosis) නමැති රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මත්පැන් පානය නොකරන්නන් අතර සිරෝසිස්‌ රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අක්‌මාවේ මේද තැන්පත්වීම සැලකේ.

    අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් වැඩි වශයෙන් සිරෝසිස්‌ රෝගය දක්‌වා වර්ධනය වීමක්‌ සිදුවන්නේ මෙවන් රෝගීන් තුළය.

    (අ) දියවැඩියා රෝගීන්, (ආ) අධි ස්‌ථුලතාවයෙන් යුක්‌ත වූවත් (ඇ) රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩිවුවන් (ඈ) වයස අවුරුදු 45 ඉක්‌මවූ රෝගීන්.

    මත්පැන් භාවිතය නොමැතිව අක්‌මාවේ මේද තැන්පත් වූ රෝගීන් කොපමණ සංඛ්‍යාවක්‌ සිරෝසිස්‌ රෝග තත්ත්වය දක්‌වා වර්ධනය වේදැයි විමසා බැලීමේදී එහි අගයන් එක්‌ එක්‌ රටවලට වෙනස්‌ වුවද පොදුවේ ගත්කළ සියයට 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක්‌ රෝගීන්ට සිරෝසිස්‌ නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.

    අක්‌මාවේ මේද තැන්පත්වී ඇත්දැයි දැනගත හැකි පරීක්‍ෂණ මෙසේයි. සුළභවම කරන පරීක්‍ෂණ වන්නේ SGPT සහ SGPT නමැති රුධිර පරීක්‍ෂණ දෙකයි. අක්‌මාව ආශ්‍රීතව වෙනත් රෝග තත්ත්වයන් නොමැතිව SGPT සහ SGOT මට්‌ටම ඉහළ අගයක්‌ තිබේ නම් ඊට ප්‍රධාන හේතුව අක්‌මාවේ මේද තැන්පත්වීම ලෙස සැලකේ.

    අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් (Ultra Sound Scan) නමැති පරීක්‍ෂණය මගින් අක්‌මාවේ මේද තැන්පත්වීම අධික බව නිවැරදිව තහවුරු කරගත හැකිවේ. කොතෙක්‌ දුරට මේද තැන්පත් වීමක්‌ සිදුවී ඇත්දැයි මෙමඟින් සොයා ගත හැකිය.

    සී.ටී. ස්‌කෑන් (CT Scan) සහ එම්.ආර්.අයි. යන පරීක්‍ෂණ මගින්ද වඩා පැහැදිලි විස්‌තරයක්‌ අක්‌මාවේ මේද තැන්පතුව පිළිබඳව ලබාගත හැකිවේ.

    ලිවර් බයෝප්සි නමැති පරීක්‍ෂණය මගින් කෙතරම් දුරකට අක්‌මාවේ ශෛල ක්‍රියාකාරීත්වය වෙනස්‌ වී තිබේදැයි විස්‌තර වශයෙන් ලබාගත හැකිවේ. මෙහිදී සිදුකරනු ලබන්නේ හිරිවැට්‌ටවීමක්‌ සිදුකර අක්‌මාවෙන් ඉතා සුළු කොටසක්‌ ලබාගෙන අන්වීක්‍ෂණයෙන් පරීක්‍ෂාකර බැලීමකි. මේද තැන්පතුව කරනකොට රෝගියාගේ අක්‌මාව කුමන මට්‌ටමක තිබේදැයි දැන ගැනීමට නම් මෙම පරීක්‍ෂණය සිදුකළ යුතු වෙයි.

    කුමන හේතුවක්‌ නිසා හෝ අක්‌මාවේ මේද තැන්පත් වීම ඉහළ ගොස්‌ ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු කීපයක්‌ තිබේ. එනම් 1. මත්පැන් පානය කරත් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය. 2. අධික ස්‌ථුලභාවයෙන් පෙළේ නම් ක්‍රමානුකූලව බර අඩුකැරගත යුතුය. 3. දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප්‍රමාණය පාලනය කළ යුතුය. 4. අධි රුධිර පීඩනය තිබේ නම් රුධිර පීඩනය නිසි පරිදි පාලන කරගත යුතුවේ. 5. මේද තැන්පත්වීම වැඩිකරන ඖෂධ භාවිත කරත්නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය. 6. එළවළු, පළතුරු, කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතුයි. 7. මස්‌ අනුභවය අවම කළ යුතුවේ. 8. පොල් තෙල් වැනි සංතෘප්ත තෙල් ආහාරයන් අවම කළ යුතුවේ. 9. සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුයි. 10. බිත්තර කහ මදය අඩුවෙන් ආහාරයට ගැනීම අවශ්‍ය වේ. 11. හැකිතාක්‌ දුරට සීනි භාවිතය අඩු කළ යුතුය. 12. සුදු පාන් සහ සුදු සහල් ආහාරයට ගැනීම අවම කළ යුතුය. 13 වැඩිපුර කෝපි භාවිතය අක්‌මාවට ආරක්‍ෂාවක්‌ වන බව වටහා ගත යුතුය.

    අවම වශයෙන් සතියකට තෙදිනක්‌ හෝ දිනකට පැය භාගයක්‌ නිසි ලෙස ව්‍යායාම කළ යුතුය. අක්‌මාවේ පවතින අනවශ්‍ය මේද ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා ව්‍යායාමය අත්‍යාවශ්‍ය අංගයක්‌ ලෙස සලකනු ලැබේ. සුළු කාලයක්‌ ව්‍යායාමයෙහි යෙදීම ප්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාමයෙහි යෙදීම අක්‌මාවට හිතකර වේ.

    foods-that-cleanse-and-detox-liver2.png


    home-remedy-for-fatty-liver-disease-final-opt.jpg


    අක්‌මාවේ මේද තැන්පත්වීම අඩු කිරීම සඳහා ඖෂධ තිබේදැයි විමසනු ලැබේ. මේ සඳහා නොයෙකුත් ඖෂධ වර්ග යොදා ගනිමින් පර්යේෂණ කර ඇති නමුත් නිශ්චිත ප්‍රතිකාරයක්‌ ලෙස කිසිදු ඖෂධයක්‌ මෙතෙක්‌ සොයාගෙන නොමැත. එසේ වුවද ඇතැම් ඖෂධවලින් කිසියම් ප්‍රමාණයක මේද තැන්පත්වීම අඩුවන බව සොයාගෙන තිබේ.

    පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    වෛද්‍ය තිලක්‌ ජයලත්

    සකස්‌ කළේ සිරිල් විමලසුරේන්ද්‍ර
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kohoma unath dakunu asiyanu rata wal wala minissunge fatty liver tikak wedi pura thiyanawa, api kana keema nisa.