FB VP Chamath's donation (sillicon vally VC)

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ෆේස්‌ බුක්‌ හිටපු උප සභාපති චමත් පලිහපිටියගෙන්
    මහියංගන රෝහලට රුධිර පෙරණ යන්ත්‍ර පහක්‌

    මහවැලි සී කලාපයේ හා මහියංගන අවට ගම්මාන රැසක වකුගඩු රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලෝක ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවකු හා ෆේස්‌ බුක්‌ හි හිටපු උප සභාපතිවරයකු මෙන්ම Silicon Valley ආයෝජකයකු හා ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන චමත් පලිහපිටිය මහතා රුපියල් මිලියන 10 ක්‌ වටිනා රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 05 ක්‌ මහියංගන රෝහලට පරිත්‍යාග කළේය.

    වසර දෙකකට ඉහතදී වකුගඩු රෝගයකින් ජීවිතයෙන් සමුගත් ගමගේ පලිහපිටිය පියාණන් හට පිං පිණිස ඒ මහතා මහියංගන මූලික රෝහලේ වකුගඩු ඒකකයේදී මෙම පරිත්‍යාගය සිදු කෙළේය.

    ප්‍රකට ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතාගේ මෑණියන් වන ශ්‍රීමා පලිහපිටිය මහත්මියගේ සුරතින් මෙම යන්ත්‍ර මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ. එම්. එස්‌. බණ්‌ඩාර මහතාට නිල වශයෙන් භාරදීම කෙරිණි. ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගිරාඳුරුකෝට්‌ටේ බෞද්ධ මධ්‍යස්‌ථානයේ විහාරාධිපති නාපටවල ධම්මානන්දාභිධාන නාහිsමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් ස-Cධායනා මැද එම යන්ත්‍ර ක්‍රියාත්මක කරනු ලැබීය.

    ශ්‍රීමා පලිහපිටිය මහත්මියගේ සුරතින් වකුගඩු රෝගීන් සඳහා වියළි ආහාර සලාකද එහිදී බෙදා දෙනු ලැබීය. යම් හෙයකින් මෙම යන්ත්‍ර අක්‍රිය වුවහොත් කඩිනමින් ලබාගැනීම සඳහා වසර 05 ක්‌ සඳහා රක්‌ෂණ ආවරණයක්‌ ලබාදීමට ද කටයුතු කර තිබීම ඉතාම සුවිශේෂීය.

    මහියංගන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ. එම්. එස්‌. බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කීය.

    මහියංගන මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකයක්‌ පටන් ගත්තේ 2011 වසරේ. අපි රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 02 කින් තමයි පටන් ගත්තේ. මේ වන විට වකුගඩු ඒකකයේ රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 10 ක්‌ අපිට තියෙනවා. ඌව පළාතේ ප්‍රධාන රෝහල්වලින් තුන්වන තැන ගන්න රෝහල මහියංගන රෝහලයි. වකුගඩු රෝගීන් සඳහා සේවාවන් රැසක්‌ වෙන් කරන්න වෙලා තියෙනවා. සායනිකව ලියාපදිංචි රෝගීන් 2000 ට අධික පිරිසක්‌ ඉන්නවා. රුධිර කාන්දු පෙරණය සඳහා අපිට රෝගීන් 59 ක්‌ ඉන්නවා. අවශ්‍යතාවය මීට වඩා වැඩියි. ඒ අය මහනුවර, බදුල්ල, පොලොන්නරුව, මොනරාගල රෝහල්වල සේවාව ලබාගන්නවා. ඒ හැම දෙනාටම ආසන්න රෝහල මේ රෝහල. ඒ සෑම දෙනාටම දැන් අපිට සේවාව දෙන්න පුළුවන්. ඒත් බාධාවක්‌ව තියෙන්නේ අපිට හෙද කාර්ය මණ්‌ඩලයේ විශාල අඩුවක්‌ තිබේ. විශාල කාලයක්‌ ශ්‍රමයක්‌ හා මුදලක්‌ වියදම් කර මහනුවර, බදුල්ල, පොලොන්නරුව, මොනරාගල දක්‌වා ගමන් කළ වකුගඩු රෝගී විශාල පිරිසකට මේ අපිට ලැබුණ රුධිර පෙරණ යන්ත්‍ර හරහා පහසුවක්‌ සපයන්න පුළුවන්. ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතාට හා දෙමාපියන්ට පවුලේ සැමට මහියංගන වැනි රෝහලක්‌ තෝරාගෙන මෙවැනි සමාජ සත්කාරයක්‌ සිදු කිරීම පිළිබඳ මම හදපිරි ස්‌තුතිය පුද කරනවායෑයි ප්‍රකාශ කර සිටියේය.

    මහිංයගන මූලික රෝහලේ කායික රෝග විශේෂඥ කේමින්ද තිලකරත්න මහතාගේ මග පෙන්වීමෙන් එංගලන්තයේ පදිංචි වෛද්‍ය සුසිල් අතලේ මහතා එම මහත්මිය සහ උපුල් අනුරාධ මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය සරත් අමුණුගම මහතාද සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ නිලධාරීන් හා සාමාජික සාමාජිකාවෝ පිරිසක්‌ද මෙම අවස්‌ථාව සඳහා සහභාගි වී සිටියහ.

    d8ef94f649.jpg


    source: http://www.divaina.com/2016/10/24/provin02.html



    Salakala Bumpiyak dagena yanda...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ගයාන් ලක්මාල්;20832176 said:
    monawa unath mahaththayo oya lankawata Nam enna EPA. Inna rataka indala lankawata help karanna.

    lankawata awoth oya iwarai. Me kalakanni desapaluwo oyata Karadara karai.

    theruwan saranai.......jaya wewa Obata.....

    :yes:
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Tava hariyanna ona me saho ta!!!

    :yes:

    Good work +

    rep+ back


    :cool:

    ගයාන් ලක්මාල්;20832176 said:
    monawa unath mahaththayo oya lankawata Nam enna EPA. Inna rataka indala lankawata help karanna.

    lankawata awoth oya iwarai. Me kalakanni desapaluwo oyata Karadara karai.

    theruwan saranai.......jaya wewa Obata.....

    aththa kathawa, mehe oya wage thenakata enna politics aniwa thiyenna one
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    Aathma gaanakata pin sidda wenna one :) giya aathmeth me wage pin karala thiyena nisai me mahaththyata mehema lebenne. Chamath Palihapitiya keewama loke tech world eke sehena charithayak :yes: Tech Crunch Mashable ananmana leading site wala meyaa gena sehenna news yanawa.. lankawata aadambarayak .. jaya :yes: