FIFA World Cup 2014 - බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States - The Preview

ceylonerana

Member
Jan 10, 2008
30
0
0
Sri Lanka
FIFA World Cup 2014 - බෙල්ජියම VS ඇමරිකාව | Belgium VS United States - The Preview

පළවෙනි වටේදි තමන් සහභාගී වෙච්ච,
තරඟ 3ම ජයගෙන දෙවෙනි වටේට ආවත්,
බෙල්ජියම කියන්නේ තාම වර්ල්ඩ් කප් එකේදි,
කාගෙවත් වැඩි අවධානයකට ලක්වෙච්ච ටීම් එකක් නෙමෙයි... නමුත් අද තරඟෙන් පස්සේ ඒ තත්ත්වේ,
බොහෝවිට වෙනස් වෙන්න ඉඩ තියෙනවා...

මේ තරඟාවලිය පුරාම බෙල්ජියම,
දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුවේ නැහැ...
ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආරක්ෂක හැකියාව ඉහළින් තිබුනා...
ඒකට හොඳම උදාහරණේ වෙන්නේ,
පළවෙනි වටේදී ඔවුන්ට විරුද්ධව සලකුණු උනේ,
එක ගෝල් එකක් විතරයි...
ඒ ගෝල් එක ගැහුවෙත් ඇල්ජීරියාවට ලැබුණ දඬුවම් පහරකින්...
ඒ අතින් ගත්තම බෙල්ජියම ඇමරිකාවට වඩා ඉහළින් ඉන්නවා...

ඇමරිකාවේ පැත්තෙන් ගත්තත් එහෙම්මම තමයි...
ඔවුන්ගේත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව සාපේක්ෂව ගොඩක් අඩුයි...
පළවෙනි වටයේ තරඟ 3ටම ඇමරිකාව විසින්,
ගෝල් ගහන්න ට්‍රයි කරලා තියෙන්නේ 72පාරක් විතරයි...
ඒකෙන් 4 පාරක් ඔවුන් සාර්තක උනා...
නමුත් අමතක නොකළ යුතුදේ තමයි,
ඇමරිකාව තරඟ වැදුනේ ජර්මනිය, පෘතුගාලේ සහ ඝානාව වගේ,
ප්‍රභල රටවල් එක්ක කියන කාරණේ...
බෙල්ජියම තරඟ කරපු ඇල්ජීරියාව, රුසියාව සහ ද.කොරියාව,
රටවල් 3ම ඇමරිකාවේ ප්‍රතිවාදීන්ට වඩා සාපේක්ෂව දුර්වල රටවල්...

මේ කොහොම වෙතත් අද දවසේ,
ඇමරිකාවේ වර්ල්ඩ්කප් අනාගතය රැඳිලා තියෙන්නේ,
ඔවුන් ආක්‍රමණශීලී තරඟ රටාවකින් සෙල්ලම් කිරීමෙන් විතරයි...
තමන්ට ඒ හැකියාව තියෙන බව ඇමරිකාව,
තමන්ගේ පළවෙනි වටේ තරඟ 3දී ක්‍රියාවෙන්ම පෙන්නුවා...
අදත් ඔවුන් ඒ විදියටම සෙල්ලං කරන්න පුළුවං වෙයිද...

මට හිතෙන්නේ,
අද ඇමරිකාව ජයග්‍රහණය කරනවා...
ගෝල් 1-0 වගේ රිසල්ට් එකක් එයි...
බොහෝවිට අතිරේක මිනිත්තු 30 තුළදී,
තරඟේ ඉරණම තීරණය වෙන්න ඉඩ තියෙයි...
පෙනල්ටි ශූට් එකකට යන්න තියෙන ඉඩ ඉතාම අඩුයි...
එහෙම උනත්, ඇමරිකාව 4-3ක් විදියට දිනනවා...

මේ හැම දේම වෙන්න තියෙන්නේ තව පැය කීපයයි...
අපේ රටේ වෙලාවෙන් රෑ 1.30ට,
මේ තරඟේ පටං ගන්නවා...
හෙට උදේට රිසල්ට් එක එක්ක සෙට් වෙමු... :-)
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    world-cup-2014-45-6557930233004032-hp.gif