ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල එන්න එන්නම ලාංකීය සමාජය පෙළන පරාළ ඇණයක් වෙමින් තියේ.
වෛද්‍ය, ඉංජිනේරු, නීති, තොරතුරු තාක්ෂණ ආදී පීඨ කිහිපයකට හැරුණු විට අනෙකුත් පාඨමාලා වලට දැන් ලොකු ඉල්ලුමක් නැත. උගත් මධ්‍යම පාතිංකයින් ඉහත කී පාඨමාලා අතළොස්සකට හැරුණු විට අනෙක්වාට තම දූදරුවන් යැවීම නවත්වා බොහෝ කල්ය. මුදල් ගෙවීමට හැකියාවක් තියේ නම් දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා වලට නොගොස් වෙන අතක් බලාගැනීම ඵලදායි බව උගත් දෙමව්පියෝද දරුවෝද දනිති. පසුගිය වසර පහ තුළ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල වලින් එළිබට සිසුන්ගේ මාසික වැටුපේ සාමාන්‍ය අගය අවම වශයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන්ගේ වැටුපේ සාමාන්‍ය අගය මෙන් දෙගුණයක් වත් වනු ඇතැයි සිතමි.
මේ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල දැන් කේටර් කරන්නේ තවමත් හොඳ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පාඨමාලාවක මිළ දරා ගත නොහැකි දෙමාපියන්ගේ දරුවන්ට පමණෙකි. ඒද ඉතාම සුළු පිරිසකටය. තම දරුවන්ට මිළ ගෙවා තෘතියික අධ්‍යාපනයක් ලබා දෙන්ට බැරි පවුල් අතුරින් රාජ්‍ය විශ්ව විද්‍යාල අවස්ථාව දෙන්නේ 5% පමණ ප්‍රමාණයකටය. ඇත්තටම මෙය "නිදහස් අධ්‍යාපනයක් කියා මඟුලකුත් තියෙනවා" කියා ලංකාවේ පහළ මධ්‍යම පන්තිය රැවැටීමේ උපක්‍රමයකි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් තමන්ට පුද්ගලිකව කිසිදු සෙතක් නැතිවත් ඒවායේ පැවැත්මට විශාල පිරිසක් කැමැති එහෙයිනි.
මේ තත්ත්වය වෙනස් කරන්ට කිසිවකුට උවමනාවක් ඇති සෙයක්ද නොපෙණේ. වැඩි පිරිසක් විශ්ව විද්‍යාල වලට ඇතුළුවන තාක් කල් ආණ්ඩුව හැපිය. කීදෙනෙක් එළියට ඒද ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. තමන්ට වැටුප් ලැබෙන තාක් කල් ගුරුවරුන් හැපිය. රටට අවශ්‍ය අන්දමට පාඨමාලා වෙනස් කරන්ට ගියොත් අද රාජ්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් බාගයකට වැඩි පිරිසකට ගෙදර යන්ට වනු ඇත. ඒ නිසා තියෙන විදියට කරගෙන යාමට ඔවුන්ගේ ඇති කැමැත්ත තේරුම් ගත හැකිය.
මේ රැවැටීමට හසුව රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වන ශිෂ්‍යාව ශිෂ්‍යයා මුහුණ දෙන්නේ දැවැන්ත අර්බූදයකටය. ඔවුනට අනේක දුක් විඳිමින් ඉගෙන ගන්ට සිදුව ඇත්තේ අතිශය අවිනිශ්චිත අනාගතයක් ඉදිරියේ තියා ගෙනය. උපාධි සහතිකය තිබූ පමණින් රැකියාවක් නොලැබෙන බව පේරාදෙණිය පුස්තකාලයේ දශක ගණනකින් පෙරළා නැති පොත් අස්සේ ඉන්නා කාවෝද දනිති. පෞද්ගලික අංශය රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධියට සලකන හැටියට තමන්ට ලැබෙන සැලකිල්ල හොඳ බැව් ජයවර්ධනපුර දේශන ශාලා වල නිබඳ විසිරී ඇති බත් පැකට් ඉතිරිය උලා කන බල්ලෝද සිතති.
මේ දැවැන්ත පීඩනය දකුණේදී නම් එළි දකින්නේ තමන්ට වඩා අවස්ථාවන් ලද සහෝදර සිසු පිරිසකට එරෙහි ඊර්ෂ්‍යාවක් හා වෛරයක් හැටියටය.
උතුරේදී එය කෙසේ එළි දකින්නේද තවම පැහැදිළි නැත. සමහරවිට එය නැවත සිංහල සමාජයට එරෙහි වෛරයක් සේ එළියට එන්ට පිළිවන.
අවාසනාවකට අපි තව දුරටත් වැරදි ප්‍රශ්න වලට පිළිතුරු සොයමින් සිටිමු. ප්‍රශ්නය SAITM නොවේ. ප්‍රශ්නය අන්තරයයි. ප්‍රශ්නය "උපාධි කඩ" මුදල් අය කිරීම නොවේ; "උපාධි දන්සැල්" ඵලදායී නොවීමයි. ප්‍රශ්නය ආණ්ඩුව වත් අමාත්‍යාංශය වත් ඇමැති වත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව වත් නොවේ. ප්‍රශ්නය සමාජයයි. රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඵලදායී ප්‍රතිසංස්කරණයන්ට ඉඩ නොදෙන්නේ සමාජයයි. ප්‍රශ්නය විසඳන්ට යන්තමින් හෝ ඕනෑකමක් තියේ නම් විසඳීම අප ආරම්භ කළ යුත්තේ එතැනින්ය මම සිතමි.
- Chanuka Wattegama