Films,Tv Shows ගැන දැනගෙන Download කරමු. (අලුත්ම තොරතුරු සමඟින&#

Movie_reviews

Member
Dec 30, 2013
25
5
0
Worldwide
Films,Tv Shows ගැන දැනගෙන Download කරමු. (අලුත්ම තොරතුරු සමඟින&a

මුලින්ම කියන්න ඕනේ මේක වානිජමය හෝ වෙන කිසියම්ම අකාරයක වාසියක් බලාගෙන කරන දෙයක් නෙවෙයි. මේ thread එක Facebook Page එකකට සමගාමීව යන්න තමයි කල්පනාව.Page එකේ අලුතෙන් දාන ඒවා Elakiri එකෙත් දාන්න තමයි මේ thread 1 හැදුවේ.
මෙන්න තියෙනවා page එකේ Link එක.
https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789

අපි Elakiri එකත් එක්ක join වෙන්න හිතුව අපේ Page එක ගැන elakiri එකේ දාල තිබ්බ post එකක් දැකල. :cool:

මේකයි කතාව. page එකේ නම Movie Reviews නේ. ඉතින් අපි page 1ට දාන film ගැන තමයි කියන්න යන්නේ.
මේ post ටිකක් දිගයි තමයි. හැබැයි film වලට කැමති අයට කියෙව්වට පාඩුවක් වෙන්නේ නෑ කියල හිතනවා.
මෙහෙමයි,

අපි ෆිල්ම් එකක් දාද්දි ඒ ෆිල්ම් එකට ලකුණු ගානක් ප්‍රදානය කරනවා 10න් කීයද කියල. අපි දැනට ෆිල්ම් 300ක් විතර එහෙම page 1 දාල තියෙනවා . අපි ඒ ෆිල්ම් ඔක්කොම අපි දුන්න rating එක (ලකුණු ප්‍රමාණය ) අනුව List එකකට ගත්තා .
මෙන්න ඒ ලිස්ට් එක :-

http://on.fb.me/1ipw1MM

මේ ලිස්ට් එකේ ඉස්සරහින් වරහන් ඇතුලේ තියෙන්නේ ලකුණු ගැන.. ඒ ඕනෙම ෆිල්ම් එකක නමක් උඩ click කලාම film එක ගැන දාපු post එකට new tab එකක් open වෙලා direct වෙනවා.
හරි දැන් කියන්නම් ඒ film එක ගැන post එකේ තියෙන්නේ මොනවද කියල.

1. පොස්ට් එකේ Image එක විදිහට තියෙන්නේ අදාළ film එකේ poster එක..
එකේ තරු ලකුණක් ගහල අපි දීපු ලකුණු ගානත් තියෙනවා.

(උදාහරනෙකට අපි" Rosemary's baby " film 1 ගැන දාපු පොස්ට් එක ගන්නම්.)

1173785_421973901256443_1151670466_n.jpg


ඊළඟ ටික තියෙන්නේ description එකේ.මේකේ තමයි වැදගත්ම ටික තියෙන්නේ.
ඒක see more කලාම මෙන්න මේ විස්තර ටික ඔක්කොම එනවා.

2. ෆිල්ම් එකේ නම

3. ෆිල්ම් එකේ වර්ගය ( ඒ කිව්වේ mystery , horror ,action, drama වගේ )

4. ෆිල්ම් එක ගැන page adminල ලියපු review එක ( ෆිල්ම් එක ගැන කෙටි විචාරයක්)

(එත් මේ image 1 තියෙන review 1 දැන් කියවන්න ඕනේ නැහැ . )
1453516_10202960950448578_1664832632_n.jpg


5. admin ල ෆිල්ම් එකට දෙන ලකුණු ගාන (10න් ) (poster එකේ තියෙන්නත් මේකම තමයි )

6. Listal වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු වල මධ්‍යන්‍ය ( Listal Rating)

7.IMDB වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු වල මධ්‍යන්‍ය. ( IMDB Rating)

8. Rottentomatoes වෙබ් අඩවියේ විචාරකයෝ සහ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට කැමැත්ත පල කරලා තියෙන ප්‍රතිශතය

9.Rottentomatoes වෙබ් අඩවියේ විචාරකයෝ සහ ප්‍රේක්ෂකයෝ ඒ ෆිල්ම් එකට දුන්න ලකුණු වල මධ්‍යන්‍ය

10. Motion Picture Rating වෙබ් අඩවියෙන් ෆිල්ම් එකේ අන්තර්ගතය නිසා මේකේ කුමන පුද්ගලයන්ට වඩාත් ගැලපෙනවද කියල දීපු වර්ගීකරණයේ ජාතිය. ( R, PG-13 වගේ ඒවා )

11.ෆිල්ම් එකේ storyline එක. ( ෆිල්ම් එක මොකක් ගැනද කියන එක.)

12. ඒ ෆිල්ම් එකට ලැබුණු /නිර්දේශ වුන OSCAR සම්මාන සහ CANNES සම්මාන.


1517513_10202960994449678_1710393114_n.jpg


13. ෆිල්ම් එකේ trailer එක සඳහා link එක ( youtube trailer )

14. ෆිල්ම් එක online නැරඹීම සඳහා link එක ( සමහර ෆිල්ම් වලට derect download links අමතරව දීල තියෙනවා )

15. Film එකේ torrent file කිහිපයක download links සහ ඒවා ගැන විස්තර ( size , BR rip,DVD rip යන වග )


16.Music tracks, Script එක වැනි වෙනත් අමතර කරුණු.

999940_10202961000049818_1055894966_n.jpg


ඔන්න ඔය විස්තර ටික තමයි අපේ page එකේ ෆිල්ම් එකක් ගැන ලබාදෙන්නේ. Script එක, Music tracks වගේ ඒවා නම් හැම ෆිල්ම් එකටම නැහැ. අපි ඒවා අලුතෙන් එකතු කරන්න ගත්තේ. Reviewසුත් මුල්ම ටිකේ දාපු ෆිල්ම් වලට ලිව්වේ නැහැ. අපි ලකුණු ගාන දීල ඉතුරු විස්තර දීල තමයි දැම්මේ. ඊට පස්සේ හිතුන review එකකුත් දාන්න. film එකක් ගැන post එකක් දාන එක ලේසි වැඩක් නෙවෙයි ඉතින්. :rolleyes:

*******************************************

හරි ඒ films නේ. අපි TV Series ගැනත් අර ෆිල්ම් වල විදිහටම විස්තරයක් එක්ක, හැම season එකක්ම download කරන්න ඕනේ links දීල තියෙනවා.. :cool: :D
උදහරනෙකට ඕනේ නම් මේ Link එකට ගිහින් බලන්නකෝ.
on.fb.me/19AKbW9

ඒ TV Shows ගැන දාපු පොස්ට් බලන්න නම් , page 1, photo album වලට යන්න වෙනවා .
මොකද tv shows වලට කලින් වගේ List එකක් තාම හදල නැහැ.
අපි TV series ගැනයි, ෆිල්ම් ගැනයි දාන post ඔක්කොම දන්නේ album විදිහට. album එකකට post 50 ගානේ දන්නේ. ෆිල්ම් වෙනම album වල tv shows album වෙන වෙනම දාල තියෙන්නේ. මෙන්න මෙහෙම :yes::yes:

1486642_10202961072411627_722791169_n.jpg


මෙන්න albums වලට යන්න link එක.
on.fb.me/1dOztL9

මේ album වල තියෙන ඒවා.
** reviews for best movies 1,2,3,4,5,6 කියල album 6ක් ( දැනට 6යි ,ෆිල්ම් එකතුවෙද්දී album තව හදනවා ) ඒ එක album එකක ෆිල්ම් 50 ගානේ තියෙනවා.

** reviews for best TV SHOWS කියල album එකක්.
එකෙත් අර ෆිල්ම් තිබ්බ album එකේ වගේම description එකේ ඒ ඒ විස්තර ටික තියෙනවා,

** tv shows වල අලුතෙන් එන episode , අලුතෙන් එන movies වලටත් album තියෙනවා.
ඒවගෙත් ෆිල්ම් එක ගැන පොඩි description එකක් තියෙනව.හැබැයි ඒවාට page එකේ adminla දෙන ලකුණු ගානයි , විචාරයයි නම් නෑ . ( ලකුණු දීල reviews ලියන්න ෆිල්ම් එක බලන්න එපැයි :D ) අනික මේ album එක නම් විශේෂම episode එකක්, movie එකක් අවොත් විතරයි update කරන්නේ. මොකද අපි මුල් තැන දීල තියෙන්නේ film review කරන්නනේ.

**අලුතෙන් film Industry එකේ වෙන දේවල් දාන්නත් වෙනම album එකක් තියෙනවා.(මේකත් ඉතින් වෙලාව තියෙන හැටියට තමයි update කරන්නේ )

**තව Oscar , Cannes වගේ film festival වල විශේෂ අවස්ථා වලටත් album තියෙනවා.

**************************************************

ඕවා තමයි මේ page එක ගැන විස්තර. ලොකු විස්තරයක් වැටුනට page 1 ta ගියාම තේරෙයි වැඩේ. අර උඩම දාල තියෙන movie list එකේ link එක තමයි ගොඩක්ම වැදගත්.

http://on.fb.me/1ipw1MM

මේ list එකේ දැනට film 300 ක් විතර තියෙනවනේ. ඒ ලිස්ට් එකේ අනිවාර්යෙන්ම ඕගොල්ලෝ බලපු film ඇති. ඒවාට අපි දීල තියෙන ලකුණු ගාන බලන්න. එතකොට අදහසක් එයි,අපේ page එකෙන් බලල Film download කරනවද නැද්ද කියල.
මොකද ගොඩක් site වල ඕනෙම ෆිල්ම් එකක් හොඳයි ,හොඳයි කියලනේ දාන්නේ.

** හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ.. ෆිල්ම් එකක් Download කරන්න කලින් එක ගැන ලියල තියෙන review 1 පොඩ්ඩක් කියවන්න. මොකද ඒ ඒ ෆිල්ම් එක හොඳින්ම ගැලපෙන්නේ මොනවගේ ෆිල්ම් වලට ආස ප්‍රේක්ෂකයන්ටද කියල එකේ තියෙනවා...


මොකද මේක Hollywood, Bollywood film ගැන විතරක් කතා කරන page එකක් නෙවෙයි. ලෝක සිනමා ඉතිහාසයම ආවරණය වෙන විදිහටයි අපි post දාන්නේ . අනික බලපු ,බලන film වලින් වටිනවා කියල හිතෙන film විතරයි අපි page එකේ දාන්නෙ .ඒවාට අලුත් පරණ බේදයක් නැහැ. මේකේ තියෙන film විවිධ භාෂා වල ඒවා , සම්භාව්‍ය ඒවා ,අලුත් ,පරණ , Sci-Fi,action වගේ හැම genre වලම ඒවා තියෙනවා. මේවට ලකුණු දීල තියෙන්නේ ඒ ඒ වර්ගය අනුව බිහිවෙලා තියෙන අනිත් ෆිල්ම් ගැන, ෆිල්ම් එකෙන් දෙන අර්ථය ගැන වගේ ඔක්කොම දේවල් ගැන හිතල . ඒක නිසා මේකේ 10/10, 9/10 දීපු හැම film එකම හැමෝටම set වෙන්නේ නැති වෙන්න පුළුවන්. සම්භාව්‍ය වැඩියි වගේ හිතෙන්න පුළුවන්. එක නිසා තමයි review එක පොඩ්ඩක් කියවල, අඩුම ගානේ ෆිල්ම් එකේ Genres ගැනවත් බලල තීරණය කරන්න කිව්වේ බලනවද නැද්ද කියල. මොකද එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස්නේ.

******************************************************

:cool: හරි එහෙනම් කියෙව්වට ගොඩක් ස්තුතියි. page එක හොඳයි කියල හිතෙනවා නම් දිගටම අපිත් එක්ක ඉන්න, වටිනවා කියල හිතෙනවා නම් like එකක් දාන්න .එතකොට අපි film එකක් දැම්මම ඒක newsfeed එකට එනවා ඔයාලගේ . films ගැන tv shows ගැන පිස්සුවක් තියෙන අය ඉන්නවා නම් ,ඒ අයටත් page එක ගැන කියල, යාළුවන්ට page එකට invite කරන්න.

Page එකේ දාන films ,tv show series ගැන මේ thread එකේ අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකේ හොඳ නරක ගැන, අපි දාන film ගැන තියෙන අදහස්, මේ thread එකේ වගේම අපේ page එකෙත් දාන්න . :cool: :cool:

ජය වේවා !!
 
Last edited:

Movie_reviews

Member
Dec 30, 2013
25
5
0
Worldwide
Newly released torrents (Movies)

ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු 2013 ආපු හොඳම movie එකක්.

| Rush (2013) ||
- Action | Biography | Drama -
1499470_488638784589954_87414993_n.jpg

Listal rating - 8.0
IMDB rating- 8.3
Flixster - ( Tomatometer- 89% , Audience - 92% )
Flixster - [ Critics rating 7.6/10 ,audience rating- 4.3/5 ]

Download Links ගන්නයි ( Yify BRrip එකද ඇතුළුව ) trailer එක බලන්නයි මේ link එකට යන්න .
http://on.fb.me/19F5J3X

මේකෙන් එන post එකේ description එක ' See more ' කරන්න.
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕන ෆිල්ම්, Tv series Download කරලා Post කරන බිස්නස් කරන කවුරු හරි ඉන්නවද?
     

    Movie_reviews

    Member
    Dec 30, 2013
    25
    5
    0
    Worldwide
    ලෝක සිනමා ඉතිහාසයේ බිහිවුණු, වඩාත්ම සංවේදී චිත්‍රපටයක්. සාමාන්‍ය hollywood cartoon වගේ නෙවෙයි, අංග සම්පුර්ණ නිර්මාණයක්. යුද්දය හා එයට සම්බන්ද උනු පියෙක් , යුද්ධය සමග සටන් කරන අහිංසක ජීවිත පොදි බැඳගත් සමාජයක , සහෝදර බැම්මෙන් අත්වැල් බැඳගත් අයියෙක් සහ අහිංසක හුරුබුහුටි නංගියෙක් ඔවුන් දෙදෙනාගේ සිතුවිලි , සෙල්ලක්කාර ජීවිතය පොදි බැඳගෙන ,යුද්දය හමුවේ ජීවිතය සොයා යන අපුර්ව සිනමා කෘතියක්. යුද්ධය කෙතරම් කුරිරුද කියල, යුධ පිටියක සොල්දාදුවන් පොරබඳින කිසිඳු දර්ශනයක් නොමැතිව නරඹන්නන්ට පසක් කරලීමට සමත්නිර්මාණයක් .එකයි මෙවැනි නිර්මාණ වල වටිනාකම. සත්‍ය මිනිසුන් යොදාගෙන කරපු නිර්මානයකට වඩා බොහෝ සෙයින් දුර ගිය, හැගීම් ප්‍රකාශනයක් මේ Animation එකට යොදාගෙන තියෙනවා. 1988 වැනි තාක්ෂණය මෙතරම් නොදියුණු අවදියක නිර්මාණය උනත්, එදා මෙදා තුර ලෝකයේ බිහිවුණු Animation අතර ,නවීන තාක්ෂනය උපයෝගී කරගත් නිර්මාණ පවා අබිබවමින් ඉහලින්ම තියෙන film එකක්.

    චිත්‍රපටය අවසානයේ ඔබත් ටික වෙලාවක් පාඩුවේ ඉඳන් කල්පනා කරයි .මොකද මේ චිත්‍රපටය ඔබේ හදවතට කතා කරනවා නොඅනුමානයි. අවසානයේ "" අපේ ආදරය ලැබිය යුත්තන්ට අපි ඇත්තටම ආදරේ කරනවාද" කියල ඔබ මොහොතක් කල්පනා කරයි. මේ චිත්‍රපටයට 10/10 අපි ලබාදුන්න එක සාධාරණද නැද්ද කියල චිත්‍රපටය බලලම තීරණය කරන්න.



    මෙන්න පොඩි විස්තරයක් චිත්‍රපටය ගැන -
    || Grave of the Fireflies (1988) ||
    Hotaru no haka ( Japan )
    - Animation | Drama | War -
    Movie Reviews Rating + + + + + + + + + +( 10/10 )
    Listal rating - 8.2
    IMDB rating- 8.4
    Flixster - ( Tomatometer- 97% , Audience - 93% )
    Flixster- [ Critics Rating 9.1./10 , audience 4.3/5 ]


    559981_411643532289480_1745201524_n.jpg


    මෙන්න මේ Link එකට ගිහින් Description එක see more කලාම ,
    trailer එක, online බලන්න, Torrent file එක download කරන්න links ගන්න පුළුවන්.
    ඒ වගේම, අපි මේ film එක ගැන ලියපු review එක කියවන්න වගේම තවත් විස්තරත් දැනගන්න පුළුවන්.


    http://on.fb.me/1itGuXw


    වැදගත් කියල හිතෙනවා නම් මෙන්න අපේ page එක. යාලුවන්ටත් කියන්න.
    https://www.facebook.com/pages/Movie-Reviews/305960452857789

    Movie එක ගැන ඕගොල්ල්න්ගේ අදහස් comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ( Page එකේ සහ elakiri එකේ දෙකේම :D). හැබැයි නොබලපු අයට ෆිල්ම් එකේ රසය නැති වෙන විදිහේ , spoil වෙන විදිහේ comment දන්නා එපා :yes: :cool:
     
    Last edited:

    Movie_reviews

    Member
    Dec 30, 2013
    25
    5
    0
    Worldwide
    මේක කව්රු හරි දාල තිබුන ඉසෙල්ලා...

    ඔව් එක දැකල තමයි අපි මේ thread 1 elakiri එකේ පටන් ගත්තේ. මේකේ අපි සවිස්තරව විස්තර කරලා තියෙනවා ඔක්කොම.
     

    Movie_reviews

    Member
    Dec 30, 2013
    25
    5
    0
    Worldwide
    +++ 12 Years a Slave (2013) +++

    සිනමා ලෝලීන් විසින් 2013 වර්ෂයේ වැඩිම අවධානයකින් බලාගෙන හිටපු ෆිල්ම් ස්වල්පයෙන් එකක් වන මෙහි DVDscr එක මිට දින කිහිපයකට පෙර නිකුත් උනා.
    වහල් භාවයේ කෘරත්වය යථාර්ථයේ සිටම සත්‍ය කතාවක් ඇසුරෙන් එලෙසම විදහා දැක්වීමට සමත් උනු නිර්මාණයක්.

    මෙහි කෘරත්වය පෙන්වන දර්ශන බලන්නට නම්, ඔබට ලොකු විද දරාගැනීමේ ශක්තියක් තිබිය යුතුමයි.
    නමුත් මෙහි කෘරත්වයෙන් හදවතට කතාකිරීමට කරන උත්සාහයට වඩා , අසරණ කම , නොලැබෙන ආදරය ,පවුලෙන් ඈත් වෙන්නට වීමේ දුක වගේ දේවල් ' තව ' මතු කරා නම් චිත්‍රපටය මීට වඩා ප්‍රබල වෙන්න තිබුණු බවයි මගේ හැඟීම.

    කෙසේ වුවත්, අති සාර්ථක රංගනයක් Solomon Northup නම් ප්‍රධාන චරිතයට පන පොවන Chiwetel Ejiofor විසින් සිදුකරනු ලබනවා. Oscar සම්මානයක් සදහා නිර්දේශ විය යුතුම රංගනයක් ලෙස හදුන්වන්න පුළුවන්.



    මෙන්න පොඩි විස්තරයක් චිත්‍රපටය ගැන -
    || 12 Years a Slave (2013) ||
    - Biography | Drama | History -
    Movie Reviews Rating + + + + + + + + ( 8/10 )
    Listal rating - 8.4
    IMDB rating- 8.6
    Flixster - ( Tomatometer- 96% , Audience - 93% )
    Flixster - [ Critics rating 9/10 ,audience rating- 4.5/5 ]


    1512610_490993167687849_417722439_n.jpg



    මෙන්න මේ පහල Link එකට ගිහින් Description එක see more කලාම ,
    trailer එක, online බලන්න, Torrent file එක download කරන්න links ගන්න පුළුවන්.
    ඒ වගේම, අපි මේ film එක ගැන ලියපු review එක කියවන්න වගේම තවත් විස්තරත් දැනගන්න පුළුවන්.මෙන්න LINK එක :-
    http://on.fb.me/1lfvdK5

    වැදගත් කියල හිතෙනවා නම් මෙන්න අපේ page එක. යාලුවන්ටත් කියන්න. :cool: ;)
    https://www.facebook.com/pages/Movie...05960452857789

    Movie එක ගැන ඕගොල්ල්න්ගේ අදහස් comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ( Page එකේ සහ elakiri එකේ දෙකේම ). හැබැයි නොබලපු අයට ෆිල්ම් එකේ රසය නැති වෙන විදිහේ , spoil වෙන විදිහේ comment දන්නා එපා :rolleyes:
     
    Last edited: