FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි. ගමනාන්ත 3 ක් පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරයි.

    FitsAir-Image.jpg


    FitsAir සිය ජාත්‍යන්තර මගී සේවා 2022 ඔක්තෝම්බර් මාසයේදී දියත් කරනු ලැබුවේ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලෙන් යුත් පහසු සංචාරක විකල්පයන් ලබා දීමේ අරමුණෙනි. මේ හේතුවෙන් ආරම්භයේ සිටම සිය සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනය වීමක් ගුවන් සමාගමට අත්විඳිය හැකි විය.

    "සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම අපට සතුටක්. මෙම සන්ධිස්ථානය අප කණ්ඩායමේ සියලු දෙනාගේම කැපවීම විදහා දක්වන්නක්. මින් ඉදිරියටත් අපගේ පාරිභෝගිකයින්ට ආරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා." FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර් කාසිම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, "අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ පියාසර කිරීමට තෝරා ගත් පාරිභෝගිකයින්ට මම අපගේ අවංක කෘතඥතාවය පළකර සිටිනවා. මගීන් 50,000 කට සේවය කිරීමට ලැබීම අප ලද මහඟු ගෞරවයක්."

    මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් FitsAir සිය 50,000 වැනි පාරිභෝගිකයාට නොමිලේ ගුවන් ටිකට් පතක් පිරිනමනු ලැබුවා.

    තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයින්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, අඩු වියදමක් සහිත ප්‍රමුඛතම ගුවන් ගමන් සපයන්නා වීම FitsAir හි අපේක්ෂාවයි. ඒ සඳහා අනාගතයේදී අඛණ්ඩ වර්ධනයක් සහ සාර්ථකත්වයක් කරා ගමන් කිරීමට ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.

    ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම හෝ වැඩි විස්තර ලබා ගැනීම www.fitsair.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ පාරිභෝගික සහයක (+94) 117 940 940, WhatsApp (+94) 777 811 118 හරහා සිදුකර ගත හැක.











     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    මේකේ ගිය එකෙක් ඉන්නවද බන්? මම තවම මේකේ Fly කරලා නෑ. විස්තර කියපන් කොහොමද කියලා. Sri Lankan එකට වඩා හොඳයි වගේ
     

    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    පට්ටම budget airline එකක්. මම එක පාරක් fly කලා. අඩුම තරමේ flight එකේ logo එකක්වත් ගහලා තිබ්බේ නෑ ඒ දවස් වල. තනිකර සුදු පාටයි exterior එක. අලුත් flight එකකුත් නෙවෙයි. කෑමත් හෙනම budget. කෙල්ලො ඩෙනිමයි T-shirt එකයි ඇදලා ඉන්නේ.
     

    Similar threads