Flappy Bird_හෙවත්_ලොවම_වෛර_කරන_කුරුල්ලා

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    Flappy Bird_හෙවත්_ලොවම_වෛර_කරන_කුරුල්ලා

    කවුද මේ මුළු ලෝකෙම වෛර කරන කුරුල්ලා.? මු ඉන්නේ අපේ ෆෝන් අස්සේ.
    කොටින්ම කිව්වොත් මේක ලගදී ප්‍රසිද්ද උන මිනිස්සුන්ගේ තරහ අවුස්සන ගේම් එකක්.
    හැබැයි angry birds එහෙම නෙවෙයි. මේ අලුත් එකක්.

    Flappy Bird කියන්නේ මේ අවුරුදේ දැනට වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරලා තියන මොබයිල් ගේම් එක. දැනට මේකේ ඩවුන්ලෝඩ් සංක්‍යාව මිලියන 50ක්,
    මෙච්චර ප්‍රසිද්ද වෙන්න මේක හෙන ලොකු ග්‍රැපික්ස් තියන පට්ට ගේම් එකක් වෙන්න ඕනිනේ, ලොකු කොම්පැනියකින් ගහපු.
    එත් මේ මගුල් ගේම් එක මෙගා බයිට් 2ක් විතරයි සයිස් එක. :lol::lol::lol::lol:
    හදල තියෙන්නේ 'ඩොන් නුයෙන්' කියන මෙලෝ එකෙක් දන්නේ නැති වියට්නාම් ඩයල් එකක්.
    ගේම් එකේ ඉන්නවා කුරුල්ලෙක් , මෙලෝ ලස්සනක් නැති චාටර් කුරුල්ලෙක් පික්සල් දහයකින් විස්සකින් හදපු,:frown::frown::frown:


    flappy-bird1514.jpg



    අපි ෆෝන් එක ටැප් කරපුවම තමයි ඌ තටු ගහන්නේ,
    උට යන්න තියනවා සුපර් මාරියෝ එකේ වගේ බට අස්සෙන්. බටේක වැදුනොත් මු කුරිය ගහල බිම.

    මේ ගේම් එකේ තියන ආතල් එක තමයි මේකේ ලකුණු ගන්න පට්ට අමාරු එක,
    ලකුණු එකක් ගන්නත් ( එකියන්නේ එක බටයක් අස්සෙන් රින්ගන්නත් ) පස් හය පාරක් ගේම් එක ගහන්න ඕනේ.
    ලකුණු දහයක් ගන්න ගේම් එක සැහෙන පාරක් ගහන්න ඕනේ.
    මම දැන් දවස් තුනක් ගහලත් තාම ලකුණු 39 යි ගහගන්න ලැබුනේ.:angry::angry::no::no::no::no:



    apple හරි android හරි ස්මාට් ෆෝන් එකක් තියනවනම් මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන ගහල බලන්න. "flappy bird" කියල සර්ච් කරන්න, ඒ නැතත් මේක තමයි දැන් රේටින්ග්ස් වල උඩින්ම තියෙන්නේ. මුළු ලෝකෙම වෛර කරන කුරුල්ලා ගේ ගේම් එකේ ලකුණු කියක් ගහගන්න පුලුවන්ද කියල බලන්න. :frown::frown::frown:

    මේකෙන් අවුට් වෙනකොට අම්මප ෆෝන් එක පොළොවේ ගහන්න තරඟ මල පනිනවා.එක හින්ද ටිකක් පරිස්සමෙන් :growl::growl::growl::growl::growl:
    මේක මෙච්චර ප්‍රසිද්ද වෙන්න හේතුවත් ඉතින් ඕකම තමයි.:P:P

    ෆේස්බුක් එකේ , වයින්ස් වල, 9ගැග් එකේ මේ ගැන සැහෙන posts යනවා. මේ ඒවගෙන් ටිකක්.

    1513647_10202302144727776_1695332237_n.jpg


    1653460_237671499747305_316584911_n.jpg


    1779743_238459673001821_1791078818_n.jpg


    1898106_238178063029982_997986648_n.png


    මේ ඒ ගේම් එක හදුන්වා දෙන වැඩසටහනක් කරද්දී පොරකට මල පනින විදිය.



    ගහලම බලන්නකෝ. :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela kiri daala balanna one
    super mario tharam athal game ekak naa
    balamu mekath sirada kiyala...
    rep denna belu banz..
     
    Last edited: