Flea Experiment හෙවත් මැක්කන් සහ අපේ ජීවිත

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    එක්තරා විද්‍යාඥයින් පිරිසක් විසින් මැක්කන් (Fleas) යොදාගෙන පරික්ෂණයක් කරනවා.

    මේ පරික්ෂණයේ දී කරන්නේ මැක්කන් තරමක ප්‍රමාණයක් අරගෙන පොඩි වීදුරු බෝතලයක (Jar) දානවා.

    ⁣දාලා මූඩියකින් ඒක වහලා දින 03ක් ඒ විදිහටම තියලා තියෙනවා. ඔය කාලේ ඇතුළේ මැක්කෝ අර බෝතලය මූඩියේ වීදුරුවල වැදිලා වැදිලා වෙනසකට ලක් වෙනවා.

    දින 03කට පස්සේ අර බෝතලයේ මූඩිය විවර කළාම මැක්කෝ බෝතලෙන් එළියට එන්නේ නැහැ. බෝතලයේ කට හරියට පැනලා නිකන් ඉන්නවා.

    පස්සේ මේ මැක්කන්ව බෝතලයෙන් එළියට දැම්මත් එයාලා ඉන්නේ අර බෝතලයේ හැඩය ගත්ත ⁣පුංචි පරිසරයක විතරයි. එතනින් එහාට එයාලාට යන්න බැහැ, මොකද අර දින 03 ඇතුළේ එයාලා හැඩ ගැහෙන්නේ ලෝකයේ සීමාව එච්චරයි කියන සිතිවිල්ල එක්ක.

    මේක අපේ ජීවිත ගැන කරපු පරික්ෂණයක් කියන්න පුළුවන් කියලා පර්යේෂකයන් කියනවා. මොකද අපි වුණත් කාලයක් යම් සීමාවන්ට, නීතිවලට, සුවපහසු කලාප (Comfort Zone) වලට හිර වුණාම අපිත් අර වීදුරු බෝතලයේ ඉන්න මැක්කෝ වගේ ජීවිතවලට සීමා දාගන්නවා.

    උදාහරණයකට ගමු අපේ රටේ අර්බුදය,

    අපිට ගෑස් තිබුණේ නැහැ, තෙල් තිබුණේ නැහැ, වෙළෙඳපොළේ ආහාර තිබුණේ නැහැ, බෙහෙත් ටික තිබුණේ නැහැ තව කොච්චර ප්‍රශ්න තිබුණද? එතකොට අපි ඒවාට විරුද්ධ වෙන්න පටන් ගත්තා හරියට බෝතලේ පළවෙනි දවසේ ඉන්නේ මැක්කෝ වගේ.

    අපිත් හැම තැනම වැදිලා වැදිලා අන්තිමට එහෙන් මෙහෙන් අපිට ඕන ටික ලැබෙද්දී අපි මැක්කන්ගේ දෙවනි දිනය වගේ අපි ඒකට හුරු වෙන්න ගන්නවා..

    දැන් අපේ ගත වෙන්නේ මැක්කන්ගේ තෙවන දිනය වගේ කාලයක්. ප්‍රශ්නය ඉතිරි, තවමත් අර්බුදය ඉතිරි වෙලා තියෙනවා. හැබැයි අපි අර මැක්කෝ වගේ අපේ සීමාවන්ට පුරුදු වෙලා ඉවරයි.

    මේකේ බරපතළ කාරණයක් පර්යේෂකයන් හෙළි කරනවා, ඒ තමා මැක්කන්ගේ ඊළඟ පරම්පරාවත් මේ සීමාව⁣ට කොටු වෙන්න පුරුදු වෙනවා කියලා. හිතලා බලන්න අපේ අනාගත පරම්පරාව ගැන.

    ඉතින් රටේ ප්‍රශ්නය එකක්වත් ඇත්තටම විසඳිලා නැහැ, අපි ඒවාට හැඩ ගැහිලා නිසා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා පේනවා විතරයි..
    තව කෙටිම උදාහරණයක් දෙන්නම් වේල් 03ටම බත් කාපු අය අද වේලක් බත් කාලා වේල් දෙකක් පාන් හරි මොනවා හරි පොඩි දෙයකින් පිරිමහ ගන්නවා. ඒක අර්බුදයට විසඳුමක් නෙමෙයි හැඩ ගැසීමක්.

    අපිට බෝතලයෙන් එළියේ විශාල ලෝකයක් තියෙනවා, හැබැයි අපි සීමා වෙලා ඒ සීමාව විසඳුම කියලා හිතාගෙන ඉන්නවා. හරියට මැක්කන්ව හිර කරලා රැවට්ටුවා වගේ, අපිව බෝතලයකට නොදැම්මත් අපිට නොපෙනන ඉඩකඩ හිර කරලා දාලා තියෙනවා.

    ඉතින් මේ පරික්ෂණය "Fleas in the jar" කියලත් නම් කරලා තියෙනවා... මෙතනින් එක මැක්කෙක් හරි බෝතලයේ සීමාවෙන් එළියට පැන්නොත් අනිත් මැක්කන්ටත් තේරුම් යයි උන් සීමාවක කොටු වෙලා ඉන්නවා කියලා.
    හැබැයි මැක්කන්ට එච්චර මොළයක් නැහැ!